Powered By Blogger

Monday, March 11, 2024

 




දුටුගැමුණු මහ රජතුමා මහා සෑයේ ධාතු ගර්භය අලංකාර කරවූ හැටි

මහා සෑ රදුන්ගේ් තුන් මහල් පේසා වළලු දක්වා ගඩොල් බැඳ අවසන් වෙද්දී ම සෘද්ධිමත් මහ රහතන් වහන්‍සේලා ඒ සියල්ල පොළොව මට්ටමට ගිලෙන්නට සැලැස්සූහ. මේ ආකාරයට බඳීන බඳීන පේසාවළලු මෙන් ම ප්‍රධාන පුෂ්පාසන තුන ද පොළොව මට්ටමට ම වාර නවයක් ගිල්ලවන ලදහ.

එවිට උන්වහන්‍සේලා වෙත පැමිණි මහ රජතුමා පසඟ පිහිටුවා වන්දනාකොට ‘ස්වාමීනි, පුෂ්පාසනයෝ පොළොවේ ගිලෙන්නාහු ය. තනවන ලද සියලු පාදමයෝ පොළොවේ ගිලෙන්නාහු ය. මෙයට හේතුව කවරේදැ’යි විමසන ලද්දේ ය.
පින්වත් මහරජතුමනි, තථාගත බුදුරජාණන් වහන්සේගේ ධාතූන් පිහිටුවන මහා සෑය අනාගතයේ දී නොගිලෙනු පිණිස සෘද්ධිමත් මහ රහතන් වහන්සේලා විසින් මෙලෙස ගිල්ලවීම සිදු කරන ලද්දේ ය. ඒ පිළිබඳව මින් ඉදිරිය සැක සංකා නූ උපදවා මහා සෑයේ ඉදිරි කටයුතු කරනු මැනවැයි වදාළ සේක.

එය අසා චිත්ත ප්‍රසාදයට පත් වූ දුටුගැමුණු මහ රජතුමා මහා සෑයේ ඉදිරි කටයුතු ආරම්භ කරන්නේ ය. දස වතාවක් පේසා වළලු කරවන්නට දස කෝටියක ගඩොල් වැය වූයේ ය. එකල්හි භික්ෂූන් වහන්සේ උත්තර සුමන නම් සෘද්ධිමත් සාමණේරයන් වහන්සේලා දෙනම කැඳවන ලද්දේ ය. “සාමණේරයෙනි, මහා සෑයේ ධාතු ගර්භය පිණිස මේඝ වර්ණ (ලා කහට හුරු රතු පාට) පාෂාණයන් ගෙන එනු මැනවැයි වදාළ සේක. එකල්හි ඒ දෙනම වහන්සේ උතුරුකුරු දිවයිනට වැඩම කොට අසූ රියන් දිග පළල ඇති හිරු මඬල මෙන් දිලිසෙන අඟල් අටක් ඝනකමින් යුතු පළුදු නැති පාෂාණයෙන් ගල් පුවරු හයක් රැගෙන වැඩි සේක.

එක් ගල් පුවරුවක් පේසා වළල්ලට උඩින් සෑය මැද ඇතිරුවා. ගල් පුවරු සතරක් සතර දිසාවේ පෙට්ටියක ආකාරයෙන් සතර බිත්තියක හැඩයෙන් සිටෙව්වේ ය. අනෙක් ගල් පුවරුව නැගෙනහිර දිසාවට වන්නට ඒ මහා සෘද්ධිමත් සාමණේරවරු කාටවත් නොපෙනෙන්ට තැබුවේ ය.
සාසනමාමක වූ දුටුගැමුණු මහ රජතුමා මහා සෑයේ ගර්භය මතු දක්වන ආකාරයෙන් අලංකාර කරවන ලද්දේ ය. එම ධාතු ගර්භය මධ්‍යයේ සෑම අයුරින් ම මනහර වූ, රනින් නිම වූ සුවිසල් බෝධි වෘක්ෂයක් කරවූයේ ය. ගර්භය මුදුණේ හිරු මඬල ද, සඳු මඬල ද, තාරකා පන්තීන් ද, කරවන ලද්දේ ය.
එම බෝධීන් වහන්සේගේ නැගෙහිරින් ප්‍රභාෂ්වර වූ ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරවන ලද්දේ ය. එම බුද්ධ ප්‍රතිමා වහන්සේට රිදියෙන් කළ සේසතක් දරන්නා වූ මහබඹු ගේ රුව ද කරවන ලද්දේ ය. විජයුත්තරා නම් වූ ශංඛයෙන් අභිෂේක ජලය ඉසමින් සක් දෙවිඳුගේ රුව ද කරවන ලද්දේ ය. රන්වන් වීණාවක් , ගත් අතින් යුතු පංචසිඛ නම් වූ දිව්‍ය ගාන්ධර්වයා ගේ රුව ද නාටිකාංගනාවන් සහිත වූ මහාකාල නම් නාගරාජයා ගේ රුව ද කරවන ලද්දේ ය. ගිරිමේඛලා ඇතු පිට නැඟී සිටින අත් දහසක් ඇති වසවත් මරු බිම්බරක් සේනා සහිත ව පලායන රුව ද කරවන ලද්දේ ය. නැගෙනහිර දිසාවට වන්නට තැබූ ආසනය මෙන් ම අනෙක් දිසාවලට වන්නට තනා තිබූ ආසන මතත් කෝටි ගණන් වටිනා වස්තුව අතුරා තබන ලද්දේ ය. බෝධීන් වහන්සේ දෙසට හිස වැටෙන ආකාරයෙන්, නොයෙක් මැණික් කැටයමින් කරවන ලද කෝටි ගණන් වටිනා වස්තුව ඇතිරූ සයනයක් පනවන ලද්දේ ය.

සහම්පතී බ්‍රහ්ම රාජයා ප්‍රථම ධර්ම දේශනාවට ඇරයුම් කරන රුව ද කරවන ලද්දේ ය. අප භාග්‍යවතුන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව වදාරන අයුරු ද කරවන ලද්දේ ය.
යසකුල පුත්‍රයා ප්‍රධාන පනස් හතරක් යහළුවන්ගේ උතුම් පැවිදි බව ද, භද්දවග්ගිය කුමාරවරුන් තිස් දෙනාගේ උතුම් පැවිදි බව ද, මෙම සසුනෙහි ප්‍රථම මහ රහතන් වහන්සේලා ගේ රූපයන් ද කරවන ලද්දේ ය. බිම්බිසාර නිරිඳුන් තෙරුවන් සරණ යන අයුරු ද, වේළුවනාරාමය පිළිගන්නා අයුරු ද, රජගහ නුවරට වඩිනා අයුරු ද කරවන ලද්දේ ය. සැරියුත් මුගලන්, මහ කස්සප, අනුරුද්ධ, මහාචුන්ද, මහාකච්චායන, සෝණ, කිම්බිල, භද්දිය, ආනන්ද ආදී අසූ මහ රහතන් වහන්සේලාගේ රූපයෝ ද කරවන ලද්දාහු ය.

ශාක්‍යයන්ගේ මානය බිඳීන්නට අහසේ මැවූ රුවන් සක්මනින් ප්‍රාතිහාර්යයෝ දැක්වීමත්, රාහුල කුමරුගේ හා නන්ද කුමරුගේ පැවිදි බව ද කරවන ලද්දේ ය. දෙව්රම් වෙහෙර පිළිගැනීම ද, ගන්ඩබ්බ වෘක්ෂ මූලයේ යමා මහ පෙළහර පෑම ද, තව්තිසාවේ දහම් දෙසීම ද, දෙව්ලොවින් සංකස්සයට බැසීම ද, කරවීය.
සැරියුත් මහ රහතන් වහන්සේ විචාළ ප්‍රශ්නයන්ට දහම් දෙසීමත්, කපිල වස්තු මහා වනයේ දී වදාළ මහා සමය සූත්‍රය දේශනා කිරීමත්, රාහුලෝවාද සූත්‍ර දේශනාව ද මහා මංගල සූත්‍ර දේශනාව ද ධනපාල ඇත්රජු මුණගැසීමත්, අංගුලිමාල දමනය ද සිතුවම් කරවී ය. අලාවක දමනය ද, අපලාල නාගරාජ දමනය ද, පාරායන වර්ගයේ බ්‍රාහ්මණයා ගැන විස්තරය ද, මාරයාගේ ඇරයුමින් චාපාල චෛත්‍යයේ දී ආයුෂ අත්හැරීම ද, චුන්දකම්මාර පුත්තගේ අවසන් දානය පිළිගැනීම ද, පරිනිවන්පාන්ට වඩිනා අතරමග පුක්කුස වෙළඳ පුත්‍රයාගෙන් රන්පට වස්ත්‍ර පිළිගැනීම ද, ආනන්ද තෙරුන් වහන්සේ විසින් පැන් පිළිගැන්වීම සහ කුසිනාරා නුවර යමක සල් රුක් සෙවනේ පිරිනිවනට වඩිනා ආකාරය ද කරවන ලද්දේ ය.

දෙව් මිනිසුන්ගේ හඬා වැළපීම ද, මහා කස්සප මහ රහතන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් අවසන් වශයෙන් වන්දනා කරනු ලැබීම ද කරවීය. ආදාහන කෘත්‍යය ද, සඳුන්දර සෑයේ ගිනි ඇවිළීම ද, සල් මල් පිපී සුවඳ හැමීම ද, දර සෑය නිවී යාම ද, ධාතූන් වහන්සේලාට ලැබුණු පූජා සත්කාරයන් ද, ද්‍රෝණ නම් බ්‍රාහ්මණයා මුල් වී ධාතූන් වහන්සේ බෙදා දීම ද කරවන ලද්දේ ය.
එමෙන් ම වෙස්සන්තර ජාතකය ද, තුසිත දෙව් ලොව දී මනුලොව උපත ලබා බුදු බව ලැබීම පිණිස දෙවියන්ගෙන් ලැබුණු ආරාධනාවේ පටන් බෝ මැඩදී බුදුවීම දක්වා වූ බෝසත් සිරිත අඹවන ලද්දේ ය. සතර දිසාවේ සතර වරම් දෙව්මහ රජවරු ද, තිස් තුනක් වූ දිව්‍ය පුත්‍රයන් ද, තිස් තුනක් වූ දිව්‍යාංගනාවන් ද අඹවන ලද්දේ ය.

තිස් අටක් වූ යක්ෂ සෙන්පතියන් ද, ඊට උඩින් ඇඳලි බැඳ වන්දනා කරගෙන සිටින දෙවිවරු ද , පිපී ගිය මල් පිරවූ පුන්කළස් ද කරවා තිබුණේ ය. නටන්නා වූ දේවතාවියන්, තූර්ය වාදන කරන්නා වූ දේවතාවියන්, කඩු අතින් ගත් දෙවිවරුන් ද, පිපී ගිය මල් අතු අතින් ගත් දෙවිවරු ද අඹන ලද්දේ ය.පිපී ගිය නෙළුම් අතින් ගත් දෙවිවරු ද, නොයෙක් අයුරින් සිටින්නා වූ දෙවිවරු ද, මැණික්වලින් සරසන ලද කණු ද, ඒ මත කළ ධර්ම චක්‍රයන් ද සාදන ලද්දේ ය. කඩු අතින් ගත් දෙවිවරු පේළි වශයෙනුත්, පාත්‍ර හිස මත තබාගත් දෙවිවරුන් ද අඹන ලද්දේ ය. ඒ දෙවියන්ගේ හිස මත පාත්‍රය. ඒ පාත්‍රයක් රියන් පහක් පමණ විශාල ය. එම පාත්‍ර සුවඳ තෙලින් පුරවන ලද්දේ ය.

එමෙන් ම ගෞතම බුදු සසුන පවත්නා තාක් කල් දැල්වී දිලෙන්නා වූ සුවඳ තෙල් පිරි පහන් කරවන ලද්දේ ය. සුවඳ හමන සඳුන් තවරන ලද්දේ ය. මහා සෑ ගර්භය ආලෝකමත් වීම පිණිස රන්, මැණික්, මුතු, දියමන්ති ගර්භයේ සතර කො‍ණේ ගොඩ ගැසීමෙන් ප්‍රභාෂ්වර එළියක් නිකුත් වූවේ ය. දුටු ගැමුණු මහ රජතුමා මෙසේ සියලු රූපයෝ ඝන රනින් ම කරවන ලද්දේ ය.
ෂඩ් අභිඥාලාභී මහා නුවණැති ඉන්ද්‍රගුප්ත මහ රහතන් වහන්සේ මේ උතුම් ධාතු ගර්භයේ සියලු කටයුතු භාර ව වැඩ සිට සියල්ල මැනවින් සම්පූර්ණ කොට වදාළ සේක.

මහා සෑ ධාතු ගර්භයේ සිදු කෙරුණු සියලු නිර්මාණ, සියලු පුද පූජා ද්‍රව්‍යයන් ආදී සෑම කටයුත්තක් ම මහා පිනැති දුටුගැමුණු මහ රජතුමාගේ රාජ සෘද්ධිය ද, දෙවියන්ගේ දිව්‍ය සෘද්ධිය ද, මහ රහතන් වහන්සේලාගේ අරහත් සෘද්ධිය ද, එකට කැටි ව කිසිදු බාධාවකින් තොරව ස්වර්ණමාලි මහා සෑ රාජයාණන් වහන්සේ ගේ ධාතු ගර්භය මෙලෙසින් පිහිටුවා සම්පූර්ණත්වයට පත් වූයේ ය.

තෙරුවන් සරණයි ...!

Saturday, March 9, 2024

 

සඤ්ජීව නරකය, කාල සූත්‍ර‍ නරකය, සංඝාත නරකය, රෞරව නරකය, මහා රෞරව නරකය, තාප නරකය, ප්‍ර‍තාප නරකය, අවීචි මහා නරකය යි මහා නරක අටකි. ඒවා සතරැස් ය. එක් මහා නරකයක එක් පසකින් සතර බැගින් ඔසුපත් නරක නම් වූ කුඩා නරකයෝ ද වෙති. එක් මහා නරකයක් හාත්පස ඇති කුඩා නරක සොළොසෙකි.

01) සඤ්ජීව නරකය

යමපලුන් විසින් එහි උපන් සත්ත්වයන් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කඩ කඩ කොට කපද්දීත් ඒ සත්ත්වයන් නැවත නැවත ජීවත් වන බැවින් ඒ නරකය සඤ්ජීව නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝලාහල කළෝ ද, දුබලයන් පෙලූ රජවරු හා නිලධාරීහු ද, දිළින්දන් පෙලූ පොහොසතුන් හා මැරයෝ ද, සතුන් මරන්නෝ ද සඤ්ජීවයෙහි උපදිති.

02) කාලසූත්‍ර‍ නරකය

උපන් සත්ත්වයන් ගිනියම් වූ යපොළොවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාලසූත්‍ර‍ නරකය ය. මාපියන්ට හා මිතුරන්ට ද ගුණවත් මහණ බමුණන්ට ද අපරාධ කළාහු එහි පැසෙති.

03) සඞ්ඝාත නරකය

මේ නරකයෙහි සත්ත්වයෝ නවයොදුන් ඝන යපොළොවෙහි එරී නිශ්චල ව සිටිති. එහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඬ නංවමින්් එරී සිටින නිරිසතුන් අඹරමින් පර්වතයෝ ඔබ මොබ පෙරළෙති. ඒවාට යටවී සත්ත්වයෝ සුණු විසුණු වෙති. ඇත් අස් ගවාදී සතුන්ට වද දෙමින් වැඩ ගත්තෝ ද සතුන් මැරුවෝ ද එහි උපදිති.

04) රෞරව නරකය

මේ නරකයෙහි සත්ත්වයන්ගේ සිරුරු තුළට වැද ඇතුළත දවන්නා වූ නපුරු දුමක් ඇත්තේ ය. ඇතුළත පිටත දෙක ම දවනු ලැබීමෙන් හඬන නිරි සතුන්ගේ හඬ නිරතුරු ව එහි ඇසෙන බැවින් එයට රෞරව නරකය යි කියනු ලැබේ.

05) මහා රෞරව නරකය

අතිශයින් රෞද්‍ර‍ වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්ත්වයන්ගේ නිරතුරු පවත්නා මහ හඬ ඇති නිසා ද, නිරිසතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසා ද ඒ නරකයට මහා රෞරව නරකය යි කියනු ලැබේ. තුනුරුවන් අයත් වූ ද මාපියන් අයත් වූ ද වස්තුව පැහැර ගත්තෝ ද විනාශ කළෝ ද එහි උපදිති.

06) තාප නරකය

මේ නරකයෙහි යමපලුන් විසින් ගිනියම් වූ යපොළොවෙහි ගිනියම් වූ යහුල්වල අමුණා තබනු ලැබූ සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් වෙසෙති. සතුන් පණ පිටින් දවා මැරුවෝ ද අනුන්ගේ ගෙවල් ගිනි තැබූවෝ ද එහි උපදිති.

07) ප්‍ර‍තාප නරකය

මෙහි ද තාප නරකයෙහි නිරිසතුන් පැසෙන අයුරින් දීර්ඝ කාලයක් සත්ත්වයෝ පැසෙති. මහා තාපන යනු ද මේ නරකයට නමෙකි. මරණින් මතු ඉපදීමක් නැත යයි මිථ්‍යාදෘෂ්ටි ගෙන පව්කම් කළ අය එහි උපදිති.

08) මහා අවීචි  නරකය

මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනික් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන් පත දක්වා නගින්නේ ය. උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා බස්නේය. සත්ත්වයෝ නිතර ම සදිසාවෙන් එන ඒ ගිනි දැල්වලින් වෙළී දැවෙන්නෝ ය. අතරක් නැති ව එහි සත්ත්වයෝ ද වෙසෙති. ගිනි දැල්වලින් හා දුක්වලින් ද සත්ත්වයන්ගේ ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචි නම් වේ.

පඤ්චානන්තර්‍ය්‍ය කර්ම කළෝ ද බෝසතුන් නැසුවෝ ද ගුණවතුන් නැසුවෝ ද චෛත්‍ය බින්දෝ ද පිළිම බින්දෝ ද බෝරුක් නැසුවෝ ද රත්නත්‍ර‍ය අයත් වස්තුව පැහැර ගතුවෝ ද මිත්‍ර‍ ද්‍රෝහීහු ද භාර්යාවන්ට අපරාධ කළෝ ද බොරු කීවෝ ද සුරාපානය කළෝ ද මිසදිටු ගතුවෝ ද එහි උපදිති.

තෙරුවන් සරණයි ..

 

Tuesday, August 29, 2023

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම - Meritorious Actions to be completed to be a Buddha

 සත්තිස් බෝධිපාක්ෂික ධර්ම

පඤ්ඤින්ද්රිය,  සද්ධින්ද්රිය





තථාගත ලොවිතුරා සමිමා සමිබුදු රජාණන් වහන්සේ නමක් ලොව පහලවීම මහා දුර්ලභ කාරනයක් වන්නේය. එවැනි සමිමා සමිබුදු රජාණන් වහන්සේ නමක් ලොව පහලවන්නේ දීර්ඝ කාලයකට පසුවය.සමහර කාලවල කල්ප යක් වැනි අතිදීර්ඝ කාලයකදීවත් බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහලවන්නේ නැත එසේ ලෝකයේ පහලවන තථාගතයන් වහන් සේ උතුම් චතුරාර්ය සත් අවබෝධ කරගෙන අන් අයටද චතුරාර්ය සත් ධර්මය අවබෝධ කරවමින් සත්වයා සසර මහා දුක්ඛ යෙන් මුදවන සේක.

භාග්යවත් අරහත් තථාගත සමිමා සමිබුදු රජාණන් වහන්සේගේ මහා කරුණාව මහා ආශ්චර්යය. කෝටියක් මවිවරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණාගුණය එක පිඩක් කලද මහා කාරුණිකයන් වහන්සේගේ කරුණා ගුණයට සමාන කල නොහැක.

සංසාරයේ මහා දුක්ඛස්ඛන්ධය දැක දැන හැඳින එක මොහොතකුදු රැඳි නොසිටිය යූතු මෙ සසර අති දීර්ඝ කාලයක් ගමන් කරමින් සමතිසක් පාරමිතා ධර්මයන් සමිපූර්න කොට සමිමා සමිබෝධිය අවබෝධ කරගන්නේ තවත් සසර අතරමංව දුක්විඳින සත්වයා සසර මහා දුක්ඛයෙන් ගලවා ගැනීමේ පරම පවිත් මහා කාරුණික සිතිවිල්ල නිසාමය.

භාග්යවත් අරහත් තථාගත සමිමා සමිබුදු රජාණන් වහන්සේ තමන්වහන්සේ ගේ 

දිනච රියාවේ උදෑසනම මහා කරුණාසමාපත්තියට සමවැදී ලෝකය දෙස බලනසේක. එසේ ලොව දෙස බලන තථාගතයන් වහන්සේගේ මහා කරුණාවට හසුවන පිහිටක් , සරණක් ලැබිය යුතු සත්වයන් සොයා සිය පයින්ම වැඩමකොට මහාකරුණාවෙන් ඔවුනට පිහිටවන සේක. සරණවන සේක.සසර දුකින් මුදවන සේක.

සෝපාක , සූනිත වැනි සැඩොල් කුලයෙහි ඉපිද දුක්වින්දෝ මහා කරුණාව නිසා මෙලොව සැනසිල්ල පමනක් නොව සසර මහා දුක්ඛයෙ න්ද නිදහස්වු මහා රහතන්වහන්සේලා බවට පත්වූහ.ස්වාමිදුවගේ තාඩනපීඩන ඉවසිය නොහැකිව සියදිවි හානිකරගන්නට උත්සාහ කල රජ්ජුමාලාවෝ උත්තමවූ සෝවාන් මාර්ග ඵලයට පත්ව සසර මහා දුක්ඛය නිමා කලහ. තමන්ගේම මව මරා අවීචීයෙහි සීමා රහිත මහා දුක්ඛයට පත්වන්නට ගිය අංගුලිමාල

නික්ලේශී මහා රහතන්වහන්සේ නමක් බවට පත්විය.

භාග්යවත් අරහත් තථාගත සමිමා සමිබුදු රජාණන් වහන්සේගේ එකී මහා කරුණාව සම කල හැක්කේ එවැනිම තථාගත ලොවිතුරා සමිමා සමිබුදු රජාණන් වහන්සේ නමකගේ මහා කරුණාවටම පමනක් වන්නේය .එහෙත් එවැනි ලොවිතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ මහා පොලොවෙහි එක් වරකට දෙනමක් පහලවන්නේ නැත . තථාගතයන් වහන්සේ ගේ මහත්වු ගුණ කදම්බය මහා පොලොවටද දරාගැනීමට නොහැකි හෙයිනි.

තුන්ලොවක් ආලෝකමත් කරමින් සියලු සත්ව යාටම ධර්මයේ සැනසිල්ල ලබාදෙන්නට ලොව පහලවන තථාගත සමිමා සමිබුදු රජාණන් වහ න් සේ නමකගේ ලොව පහලවීම මහා දුර්ලභ කාරනයක්" .කිචිඡෝ බුද්ධාන උප්පාදො" බුදු රජාණන් වහන්සේ නමකගේ ලොව පහලවීම මහා දුර්ලභ කාරනයක් .සමහර කාලවල බුදු රජාණන් වහන්සේ නමක් කල්පයකටවත් ලෝකයේ පහලවෙන්නේ නැහැ. එහෙම වුනත් මේ කල්පය තුල බුදු රජාණන් වහන්සේලා පස්නමක්ම පහල වෙනවා .සිවිවෙනුවට පහලවෙන්නේ ගෞතම තථාගත ලොවිතුරා සමිමා සමිබුදු රජාණන් වහන්සේ .

"බුද්ධෝහං බෝධයිස්සාමි

මුත්තෝහං මොචයෙපරෙ

තිණ්නොඝං තාරයිස්සාමි

සංසාරෝගා මහබිභයා"

"මම බුදුබව අවබෝධ කරගෙන සසර දුකින් මිදෙමි.අන්අයද සසර දුකින් මුදවමි".එම උදාර තර පැතුම සාක්ෂාත් කරගැනීම සඳහා මහා දුක් ඇති මේ මහා සංසාර සාගරයේ ගමන් කල ගෞතම ලොවිතුරා සමිමා සමිබුදු රජාණන් වහන්සේ තමන්වහන්සේ පන්ලක්ෂ දොලොස් දහසක් තථාගත ලොවිතුරා බුදුරජාණන් වහන් සේලා දැක තිබෙනවා .එක් බුදුරජාණන් වහන් සේ නමක් පහල වෙන්නට කොපමණ කාලයක් ගතවෙනවාද? දීර්ඝ කාලයක්.නමුත් තමන් වහන්සේගේ උත්සාහය අඩුවන්නේ නැහැ.පසු බසින්නේ නැහැ . සියලු ලෝක සත්වයා කෙරෙහි ඇත්තාවු මහා කරුණාව නිසාමයි.

ලොවිතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ මහා කරුණාව සමාන කලහැකි තවත් කෙනෙ ක් මේ ලෝක ධාතුවෙහි නැහැ.ස්වකීය දරුවන් කෙරෙහි මවකගේ කරුණාව කොපමණද? පියෙකුගේ කරුණාව කොපමණද?අසීමිතයි නමුත් එවැනි කෝටියක් මවිවරුන්ගේ , එවැනි කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය එක පිඩක් කලද තථාගත ලොවිතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට උපමා කරන්නට බැහැ.

මේ ඝෝරකටුක භයානක සසර දුකින් සත්වයා මුදවා ගැනීම සඳහා තථාගත ලොවිතුරා බුදු රජාණන් වහන්සේ තමන්වහන්සේගේ බාහිර වස්තු නිරපේක්ෂව දන් දෙනවා.එය හඳුන්වන් නේ "පාරමිතා" කියලා එවැනි පාරමිතා දහයක් තථාගතයන් වහන්සේ සමිපූර්ණ කරනවා. තමන්වහන්සේගේ ශරීර අවයව නිරපේක්ෂව දන් දෙනවා. එය උපපාරමිතා කියලා හඳුන්වන වා.එවැනි උපපාරමිතා දහයක් තථාගතයන් වහන්සේ සමිපූර්ණ කරනවා. සසර දුකින් සත්වයා මුදවාලීම සඳහා තථාගතයන් වහන්සේ තමන්වහන්සේගේ සමිපූර්ණ ශරීරයම කැප කරනවා. දන් දෙනවා

එය" පරමත්ථ පාරමි " කියලා හඳුන්වනවා එවැනි පරමත්ථ පාරමී දහයක් තථාගතයන් වහන්සේ නමක් සමිපූර්ණ කරනවා. මේ ආකාරයට තථාගත ලොවිතුරා සමිමා සමිබුදු රජාණන් වහන්සේ නමක් සමිමා සමිබුදු බව ලබාගැනීමට සමතිසක් පාරමිතා ධර්මයන් සමිපූර්ණ කරනවා.

එවැනි සමතිසක් පාරමිතා ධර්මයන් සමිපූර්ණ කල ගෞතම ලොවිතුරා බුදුරජාණන් වහන්සේ මම සරණයමි

දෙවනුවද සරණ යමි .

තෙවනුව සරණ යමි.

ඉදින් මේ ආකාරයට තථාගතයන් වහන්සේගේ අනන්ත ගුණ මෙනෙහි කරමින් සද්ධින්ද්රිය දියුණු කරගැනීමට නිවන් මග ගමන් කරන සත්පුරුෂයෝ උත්සාහ දරත්වා !