Powered By Blogger

Merits to End the Sufferings of Sansara - සසර නිමාව සඳහා කල හැකි පින්කම්

  


සසර නිමාව සඳහා කල හැකි පින්කම්

1) බුදු ගුණ මෙනෙහි කිරීම

2) දම් ගුණ මෙනෙහි කිරීම

3) සඟ ගුණ මෙනෙහි කිරීම

4)අනුන් කළ මහා පින්කම් අනුමෝදන් වීම.

5) නිති පන්සිල් සමාදම් වීම

6) පන්සිල් කඩ නොකොට රැකීම

7) උදේ සවස බුදුන් වැදීම

8) අට සිල් සමාදන් වී රැකීම

9) නවංග සීලය සමාදන් වීම

10) දස සිල් සමාදම් වීම

11) පසලොස්වක පෝයට සිල් සමාදම් වීම සහ හතර පෝයට සිල් ගැනීම.

12) භාවනා කිරීම හා අනෙකුත් අය සඳහා යොමු කිරීම.

13) ධර්ම දානය ( මුහුණු පොතේ, වෙබ් අඩවියේ ආදියේ ධර්මය බෙදා හැරීම)

14) ධර්මය මුද්‍රණය කර බෙදා හැරීම

15) ධර්මය කියවීම

16) වතාවත් කිරීම ( පන්සලේ ශ්රමදානයක් කිරීම ආදිය )

17) දුගීව සිටද, හැකි පමණින් බුදුරජාණන්වහන්සේ දානපති දානයක් පූජා කිරීම (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම )

18) දුගීව සිටද , හැකි පමණින් මහා සංඝරත්නයට දානපති දානයක් පූජා කිරීම (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම )

19) පින් දීම

20) සත්‍ය කථා කිරීම

21) දෙලොවටම වැඩ ඇති වචන කථා කිරීම

22) හිස් වචන කතා නොකිරීම

23) සත්පුරුෂයන් කරනා පින්කම් ප්රචාරය කර දීම

24) ගිලානෝපස්ථානය

25) පහන් සිතින් යුතුව මල් ආසන සෝදා සුද්ධ පවිත් කිරීම

26) මල් පූජා කිරීම

27) ලෝක සත්වයා හට මොහොතක් හෝ මෙත් වැඩීම සහ මෙත් පැතිරවීම

28)ඇවිදින හැම පියවරක් පාසා සුවපත් වෙත්වා යැයි මෙත් වැඩීම සහ පැතිරවීම

29) දවසකට එක ධර්ම ලිපියක් ලිවීම හෝ කියවීම හෝ අනිත් අයට කියවීමට අවස්ථාව ලබා දීම

30) ධර්මය හැදෑරීම

31) අනිත් අයගේ ධර්ම ගැටලු වලට ත්රිපිටක, අටුවාව, ටීකාව ඇසුරින් පිලිතුරු සෙවීම සහ පිලිතුරු ලබාදීම

32) අභිධර්මය හැදෑරීම

33) ධර්මය දැනගැනීමට තියෙන උවමනාව උනන්දුව වැඩි කරගැනීම

34) ධර්මය වන පොත් කිරීම වන පොත් කල ධර්මය අර්ථය මෙනෙහි කරමින් සජ්ඣායනය කිරීමට පුරුදු වීම

35) නෙක්කඛම්මය

36) සෑම ආහාර වේලකදීම, එක් ආහාර පිඩක් අනුභයෙන් අවසන්ව යම් ජීවියෙකුට ආහාර වේවායැයි පතා පසෙකින් තබන්න.

පලමු පිඩ තැබීමෙන්  . අවස්ථාවේදීම  ආනිශංස 200 ක් සිදුවෙන බව ධර්මයේ සදහන් .

එම ක්‍රීයාව වේල් 3 කිරීමෙන් දිනකට කරගත හැකි පින, සුළුපටු නොවේ.

සබ්බ් දානං - ධම්ම දානං ජිනාතී 

No comments:

Post a Comment