Posts

Showing posts from June 9, 2024

සාධුකාර දීමේ අනුසස් - Buddha's Vision Excells all Others

Image
  සාධුකාර දීමේ අනුසස් සැවැත් නුවර විසූ එක් රූමත් කාන්තාවකගේ සැමියා තථාගතයන් වහන්සේගෙන් බණ අසා ගිහිව සිට මේ ධර් ‍ මය අනුව නො පිළිපැදිය හැකිය යි සිතා විහාරයට ගොස් එක්තරා පිණ්ඩපාතික තෙරනමක් සමීපයෙහි පැවිදි විය . පසේනදී කොසොල් රජතුමා අස්වාමික වු ඒ කාන්තාව ස්වකීය අන්තඃපුරයටගෙන්වා ගත්තේ ය . දිනක් රජතුමා නිලුපුල් මල් මිටියක් ගෙන අන්තඃපුරයට පිවිස එක් ස්ත් ‍ රියකට එක මල බැගින් දුන්නේ ය . ඒ කාන්තාවට මල් දෙකක්ම ලැබුණේය . ඕ ඉමහත් ප් ‍ රීතියකින් එ මල් ගෙන සිප මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇගේ සැමියා සිහි වී හැඬුවා ය . රජතුමා ඇගේ ක් ‍ රියාව දැක ඇය ගෙන්වා කරුණු විචාළේය . මේ තොමෝ මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇගේ පුරාණ සැමියා සිහි වී හැඬු බව රජුට දැන්වූවා ය . රජුට එය නොපිළිගත හැකි විය . දෙතුන් වරක් ඇසූ කී නමුත් රජු එය විශ්වාස නොකළේ ය . රජතුමා ඇගේ කීම විමසනු පිණිස පසු දින සියලූ ම සුවඳ වර්ග රජගෙයින් ඉවත් කරවා අසුන් පනවා බුදුපාමොක් මහසඟන වැඩම කරවා දන් දී ස්ත් ‍ රීයගෙන්