සක් දෙවිඳුගේ කථා වස්තුව - The story of Lord Skra in the Divine World

සක් දෙවිඳුගේ කථා වස්තුව පින්වලට කවුරුත් කැමතියි. නමුත් පින් වලින් ලැබෙන සැප මොනවාද කියා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. එ් නිසා පින් කරන්න කැමති වුණත්, පින්වලට උනන්දුවක් නැහැ. පින ගැන අවබෝධයක් තියෙනවා නම්, එ් කෙනා දක්ෂ මල් කාරයෙක් වගෙයි. මල් නෙලන්නට මල් තියෙන තැන් සොය සොයා යනවා වගේ පින් රැස්කරගන්නට පුළුවන් සෑම තැනකින්ම ප්‍රයෝජනය ගන්නවා. චාතුම්මහාරාජික, තාවතිංස නමින් දිව්‍ය ලෝක දෙකක් තියෙනවා. එම දිව්‍ය ලෝක දෙකේම අධිපති භාවය ලැබූ කෙනාට තමයි සක් දෙවිඳු කියන්නේ. ශක්‍ර දෙවියන් කලින් මිනිස් ලොව හිටිය කෙනෙක්. ඔහු ගොඩාක් පින් කළා. දවසක් ලිච්ඡවි කුමාවරුන් ශක්‍ර දෙවියන් ගැනත්, බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ ශක්‍ර දෙවියන්ගේ අතීත ජීවිත කථාව පෙන්වා වදාළා. එකමත් එක කාලෙක මගධ දේශයෙහි ‘මචල’ කියල ගමක් තිබුණා. මේ ගමේ තරුණයෙක් හිටියා. ඔහුගෙ නම මඝ. මඝ මාණවකයා කියලයි ඔහු ප්‍රසිද්ධ වුණේ. ඔහු මිනිසුන්ට හරිම ආදරෙයි. හැමෝටම උදව් කරනවා. හැම දෙනාගෙම සැපදුක් බලනවා. එ් වගේම ඔහු සිල්වන්තයි. ඔහු ජීවිත කාලය පුරාම උතුම් ගුණ ධර්ම හතක් සමාදන් වෙලා හිටියා. එ් ගැන බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වා ව...