Posts

Showing posts from July 14, 2024

භාතිකාභය රජතුමා එකල මහා සෑයට කරපු පිංකම් - KING BATHIKABAYA'S VENERATION TO THE RATNAMALI SEYA - WHERE BUDDHA'S RELICS ARE ENSHRINED

Image
  භාතිකාභය රජතුමා එකල මහා සෑයට කරපු පිංකම්  භාතිකාභය රජතුමා එකල මහා සෑයට කරපු පිංකම් අද කලා නම්, කරපු කෙනාව පුරාවිද්‍යාවෙන් අල්ලන් ගිහින් හිරේ දානවා.. ඇත්තටම අද කාලේ බෞද්ධයන්ට භාතිකාභය රජතුමා කරපු පිංකම් දරා ගන්න බෑ..ඒවා ඒ තරම් ම විශ්මිතයි..කරනවා තියා අද කාලේ එහෙම පිංකම් ගැන හිතන්නවත් බෑ... ඉමහත් ශ්‍රද්ධාවෙන් ස්වර්ණමාලි මහා සෑය හදපු දුටුගැමුණු රජතුමාට, මහා සෑයට උපස්ථාන කරන්න බැරිවුනා..පුද පූජා පවත්වන්න බැරි වුනා.. අපේ දුටුගැමුණු රජතුමා ජිවතුන් අතර සිටියා නම්, මහා සෑයට කරපු පුද පූජා ගැන ලියන්න මහවංශය ඉඩ මදි වේවී..අපිට ඒ ගැන හිතා ගන්නවත් බැරි වේවී.. හැබැයි, ඒ අඩුව පුරවපු මහා ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක් මේ ලක්දෙරණේ පහල වුනා..  දුටුගැමුණු රජතුමාගෙන් අවුරුදු 120ට විතර පස්සේ "භාතිකාභය" නමින් ශ්‍රේෂ්ඨ රජෙක් පහල වුනා.. මහා සෑයත්, භාතිකාභය රජතුමාත් අතර සම්බන්ධය කොයිතරම් ද කියනවා නම්, අදටත් මහා සෑ මළුවේ භාතිකාභය රජතුමාගේ ගලින් නෙලන ලද පිළිමයක් තියෙනවා.. මං ඉස්සර හිතන් හිටියේ ඒ ඉන්නේ දුටුගැමුණු රජතුමා කියලා.. පස්සේ කාලෙක "මහාවංශය" කියවද්දි තමා තෙරුනේ ඇයි භාතිකාභය රජතුමාගේ පිළිමයක්