Posts

Showing posts from January 18, 2026

භවය සකස් කිරීම Preparing the body & Soul for the Next Birth अगले जन्म के लिए शरीर और आत्मा को तैयार करना

Image
  භවය සකස් කිරීම Preparing the body & Soul for the Next Birth अगले जन्म के लिए शरीर और आत्मा को तैयार करना සිතුවිලි මඟින් ජාන සහ විශ්වීය ශක්තිය මෙහෙයවන අයුරු අපි හැමෝම " භවය " කියන එක ගැන අහලා තිබුණට , ඇත්තටම භවය හදනවා කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය දන්නේ නැහැ . භවය කියන්නේ මරණයෙන් පස්සේ අපිට ලැබෙන ලොතරැයියක් නෙවෙයි , ඒක හරියට අපි මේ දැන් මේ මොහොතේ අපේ ඇඟ ඇතුළෙයි හිත ඇතුළෙයි කරන Project එකක් වගේ වැඩක් . ඇත්තටම කොහොමද මේක වෙන්නේ ? අභිධර්මයේ හැටියට මුලින්ම වෙන්නේ " උපාදානය " කියන එක . ඒ කියන්නේ අපි මොකක් හරි දේකට , ඒ කියන්නෙ සල්ලි , රූප , කේන්තිය වගේ ඕනෑම දේකට තදින් ඇලෙනවා . එහෙම ඇලුණාම අපේ හිතේ ඒකට අදාළ කර්ම ශක්තියක් හැදෙනවා . මේකට තමයි " කම්ම භව " කියන්නේ . මේක හරියට ෆෝන් එකක Background App එකක් වගේ . අපි දන්නේ නැති වුණාට ඒක ඇතුළෙන් Run වෙනවා . අපේ ඊළඟ පැවැත්මට ඕන කරන ප්ලෑන් එක හදන්නේ මෙන්න මේ ශක්තියෙන් . දැන් විද් ‍ යාවෙන් Epigenetics කියලා අලුත් වි...

හත්ථක භික්ෂුව පිළිබඳ කථා පුවත ( වතමන් භික්ෂු සමාජයට ගැලපෙන දේශනාවකි ) The story of the monk Hatthaka (A sermon suitable for the current monastic community)

Image
හත්ථක භික්ෂුව පිළිබඳ කථා පුවත  ( වතමන් භික්ෂු සමාජයටත් ගැලපෙන දේශනාවකි )  साधु हठका की कहानी (आजकल के साधु समुदाय के लिए एक उपदेश)  න මුණ්ඩකෙන සමණො   අබ්බතො අලිකං භණං  ඉච්ඡාලොභසමාපන්නො   සමණො කිං භවිස්සති.  ව්‍රතරහිත (ශීලව්‍රත ධුතාංගව්‍රත විරහිත වූ), බොරු කියන පුඟුල් තෙම හිස මුඬු පමණෙකින් ශ්‍රමණ නම් නො වෙයි.  (අසම්ප්‍රාප්ත අරමුණෙහි) ඉච්ඡායෙන් ද, (සම්ප්‍රාප්ත අරමුණෙහි) ගේධයෙන් ද සමන්‍විත වූයේ කෙසේ නම් ශ්‍රමණ වේ ද, (හේ ශ්‍රමණ නම් නො වෙයි සේ යි.) යො ච සමෙති පාපානි අණුංථූලානි සබ්බසො සමිතත්තා හි පාපානං සමණො’ති පවුච්චති.  යමෙක් වනාහි අණු වූ ද මහත් වූ ද, අකුසලයන් සර්‍වප්‍රකාරයෙන් (රහත්මඟ නැණින්) මුළු මනින් සංහිඳුවා ද, අකුසල් සංහිඳු වූ බැවින් ශ්‍රමණ යැ යි කියනු ලැබේ. "න මුණ්ඩකෙන සමණෝ" යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී හත්ථක (නම් භික්ෂුවක්) නිමිතිකර ගෙන දේශනා කළහ.  ඔහු වනාහි වාදයට නැඹුරුවූ සිතැත්තේ "තෙපි අසවල් වේලාවේදී අසවල් තැනට පැමිණෙ. වාද කරන්නෙමුයි"කියා ඔවුන් එන්නට පළමුවෙන්ම එතැනට ගොස් බලයි. "තීර්තකයෝ මට බියෙ...