සිඳින්න බැරි පින -කඨින චීවර පූජාව - ANNUAL ROBES OFFERING TO THE DESIPELS OF BUDDHA IS GREAT MERIT
සිඳින්න බැරි පින - කඨින චීවර පූජාව කඨින චීවර පූජාව බිස්නස් එකක් කියලා සමහරු කිව්වට.. සිත පහදවාගෙන ආනිසංස දැනගෙන කඨින චීවරයක් පූජා කරනවා නම්, ඒ පින අනුමෝදන් වෙනවා නම්.. ලැබෙන ආනිසංස මෙතෙකයි කියලා කියන්න බෑ.. ❛❛ කඨින චීවර පූජාවක් කලොත්,අනුමෝදන් උනොත්, දෙව් මිනිස් සැප කෙරවල අමා මහා නිවන් සුව ලැබෙනවා.. ❜❜ කියලා අප කෙරෙහි අනුකම්පාවෙන් ලෝකෙට එළි කළෙත් අපගේ ශ්‍රාස්තෲ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේමයි.. කඨින චීවර පූජාවේ ආනිසංස කොයි තරම්ද කියලා අපට පෙන්නලා දීලා..අපව දුකෙන් නිදහස් කරන්න, භාග්‍යවතුන් වහන්සේට කොයි තරම් අනුකම්පාවක් තිබුනද කියනවා නම්.. දවසක් භික්ෂු සංඝයා 500ක් රැස් කරවාගෙන හිමාලයේ අනවතප්ත විලට වැඩම කරනවා.. ඊට පස්සේ භාගයවතුන් වහන්සේ,අර 500ක් වූ ස්වාමින් වහන්සේලා අමතලා මෙහෙම වදාරනවා.. ❛❛ පින්වත් මහණෙනි,ඔබ වහන්සේලා අතරින් පෙර ජිවිතයක විශේෂ පින්කමක් කරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් ඉස්සරහට ඇවිත් ඒ ගැන කියන්න ❜❜ භාග්‍යවතුන් වහන්සේ දන්නවා, මේ වෙලාවේ එක රහතන් වහන්සේ නමක් කඨින පිංකමේ ආනිසංස මේ ලෝකෙටම එලි කරනවා කියලා.. ඒ වෙලාවේ ඉදිරියට ආපු "නාගිත" මහාරහතන් වහන...