Posts

Showing posts from June 14, 2026

නිවන අපේක්ෂා කරන ඔබ සිත සහ මනස ගැන අවධානය යොමු වැදගත් කම It is important for you who are aspiring for Nibbana to pay attention to your mind and your heart.

Image
  නිවන අපේක්ෂා කරන ඔබ සිත සහ මනස ගැන අවධානය යොමු වැදගත් කම  සසර ගමන දික්කරන්නෙත් භාවය හෙවත් ආත්මය තීරණය කර එයට අනුරූපව බුදු දහමේ පෙන්වන ප්‍රතිසන්ධි තල තිස් එකෙන් එක ස්ථානයක ඔබට ලෝකයක් ( භවයක් ) නිර්මාණය කරන්නෙත් ඔබගේ සිතමය . සිතේ මෙහෙයවීම සහ සම්බන්ධය මනස හා බැඳී පවතී . ඒ බව  “මනෝ පුබ්බ්න් ගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝ මයා “ යන ගාථා පාඨය මැනවින් සාක්ෂි දරයි . අනෙක අප බුදු රජාණන් වහන්සේ සඳහන් කර ඇති පරිදි “ චේතනාහං   භික්කවේ කම්මං  වදාමි “ චේතනාව කර්මය ලෙස සටහන් වන බව පවසා ඇත . අප සෑම භවයක දිම ඊට අනුරූපව සිත - කය - වචනය ඇසුරෙහි කර්ම රැස්  කරයි .එනම් පුඤ්ඤාභි සංස්කාර සහ  අපුඤ්ඤාභි සංස්කාර වේ . අප සිත නිතරම කුසල් සහ අකුසල් සංස්කරණය කරමින් විඤ්ඤානය ශක්තිමත් කරන අතර පටිච්ච සමුප්පාදයේ පෙන්වන ආකාරයට “අවිජ්ජා  පච්චයා සංඛාරා “ ලෙස දැක්විය හැකිය . එනක් අවිද්‍යාව නිසා කුසල් සහ අකුසල් සංස්කරණය ( සාදාගෙන ) කර  විඤ්ඤානය ඇති කර ගනී  එනම් “සංඛාර පච්චයා විඤ්ඤානං “ ලෙසට පටිච්ච සමුප්පාදයේ පෙන්වා ඇත . ඔබ කුසල් සහ අකුසල් ඇසුරෙන් ඇති කරගන්නා  විඤ්ඤානයේ ප...