Posts

Showing posts from April 21, 2024

අටපිරිකර - මේ තොරතුරු කියවා අවබෝධ කරගන්න.

Image
  අටපිරිකර - නොදන්නා මේ තොරතුරු කියවා අවබෝධ කරගන්න..! බෝසතාණන් වහන්සේගේ මෑණියන් වහන්සේ දින හතකින් කළුරිය කරලා මාතෘ දිව්‍යරාජයා වශයෙන් දිව්‍ය ලෝකයෙහි උප්පත්තිය ලබනවා. පසුව ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ හදා වඩා පෝෂණය කරනවා. අවුරුදු දහසයේ දී විවාහ ජීවිතයට පත්වෙනවා. අවුරුදු විසි නවයක් ගිහිගෙදර කල්ගෙවලා රාහුල කුමාරයන්ගේ උප්පත්තිය සිද්ධවන දවසේදී ම “ රාහුලෝ ජාතෝ බන්ධනං ජාතෝ” රාහුලයෙක් උපන්නා බන්ධනයක් ඇති වුණා කියන සංවේගය ඇතිවෙනවා.ඊට පෙර උන්වහන්සේ සතර පෙර නිමිති දකිනවා. මහල්ලෙක් , ලෙඩෙක් , මළ මිනියක් සහ පසුව පැවිදි රුවක් දැකලා මේ ජීවිතය ගැන කල කිරෙනවා. එදවස රාත්‍රී නාට්‍යාංගනාවන්ගේ විකාර දැක කල කිරීමට පත්වෙනවා. තමන්වහන්සේ මධ්‍යම රාත්‍රියේ ඡන්න ඇමතියාත් කන්ථක අශ්වයාත් සමඟ මහාභිණිෂ්ක්‍රමණය කරනවා. එසේ මහාභිණිෂ්ක්‍රමණය කරමින් අනෝමා ගංතෙරදී කෙස්වැටිය කපලා මහණදම් පුරන්න අධිෂ්ඨාන කරනවා. ඒ වේලාවේ තමයි ඝටීකාර කියන බ්‍රහ්මරාජයා විසින් අටපිරිකර පූජා කරන්නේ. කාටද ? මහා බෝසතාණන් වහන්සේට. මේ අට පිරිකර ගැනත් , ඝටීකාර බ්‍රාහ්මණය ගැනත් වටිනා කරුණු දෙකක් මෙතන කියවෙනවා. එයත් අපි දැනගත යුතුමයි. ඝටීකාර බ්‍