Posts

Showing posts from March 10, 2024
Image
  දුටුගැමුණු මහ රජතුමා මහා සෑයේ ධාතු ගර්භය අලංකාර කරවූ හැටි මහා සෑ රදුන්ගේ් තුන් මහල් පේසා වළලු දක්වා ගඩොල් බැඳ අවසන් වෙද්දී ම සෘද්ධිමත් මහ රහතන් වහන්‍සේලා ඒ සියල්ල පොළොව මට්ටමට ගිලෙන්නට සැලැස්සූහ. මේ ආකාරයට බඳීන බඳීන පේසාවළලු මෙන් ම ප්‍රධාන පුෂ්පාසන තුන ද පොළොව මට්ටමට ම වාර නවයක් ගිල්ලවන ලදහ. එවිට උන්වහන්‍සේලා වෙත පැමිණි මහ රජතුමා පසඟ පිහිටුවා වන්දනාකොට ‘ස්වාමීනි , පුෂ්පාසනයෝ පොළොවේ ගිලෙන්නාහු ය. තනවන ලද සියලු පාදමයෝ පොළොවේ ගිලෙන්නාහු ය. මෙයට හේතුව කවරේදැ’යි විමසන ලද්දේ ය.  පින්වත් මහරජතුමනි , තථාගත බුදුරජාණන් වහන්සේගේ ධාතූන් පිහිටුවන මහා සෑය අනාගතයේ දී නොගිලෙනු පිණිස සෘද්ධිමත් මහ රහතන් වහන්සේලා විසින් මෙලෙස ගිල්ලවීම සිදු කරන ලද්දේ ය. ඒ පිළිබඳව මින් ඉදිරිය සැක සංකා නූ උපදවා මහා සෑයේ ඉදිරි කටයුතු කරනු මැනවැයි වදාළ සේක. එය අසා චිත්ත ප්‍රසාදයට පත් වූ දුටුගැමුණු මහ රජතුමා මහා සෑයේ ඉදිරි කටයුතු ආරම්භ කරන්නේ ය. දස වතාවක් පේසා වළලු කරවන්නට දස කෝටියක ගඩොල් වැය වූයේ ය. එකල්හි භික්ෂූන් වහන්සේ උත්තර සුමන නම් සෘද්ධිමත් සාමණේරයන් වහන්සේලා දෙනම කැඳවන ලද්දේ ය. “සාමණේරයෙනි , මහා සෑයේ ධාතු ගර්...