Posts

Showing posts from March 31, 2024

බුද්ධ පූජාවේ ලුණු ඇඹුල් බැලීම හොඳ ද? නරක ද?

Image
බුද්ධ පූජාවේ ලුණු ඇඹුල් බැලීම හොඳ ද ? නරක ද ?   බු දුන් වහන්සේට සමාන උතුමාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවේ ම නැත. ඒ නිසාම උන්වහන්සේ අසම සම නම් වන සේක. ඒ උතුමාණන් වහන්සේට භික්ෂු , භික්ෂුණී , උපාසක , උපාසිකා ආදී සිව් වණක් පිරිස විසින් මල් , පහන් , සුවඳ දුම් , කොඩි වැල් , ආහාර පාන , පලතුරු , ගිලන්පස , පැන් ආදිය පිරිනමා වැඳුම් පිඳුම් කරනු ලබති. බෝසතාණන් වහන්සේ දුෂ්කර කි‍්‍රයා කරන කාලයේ දෙව් බඹුන් ආදී පිරිස දිව්‍ය ඕජාවන්ගෙන් පවා බෝසත් සිරුර පෝෂණය කිරීමට සූදානම් වූහ.  බෝසතාණන් වහන්සේ වනගතව වාසය කරන කාලයේ වන සිවුපාවුන් පවා ආහාර පාන පූජා කළ අවස්ථා ද සම්බුදු සිරිතේ සඳහන්ව ඇත. දුප්පත් , පොහොසත් , ජාති , ආගම් , කුල මල භේද ආදී සීමාවන් නැති බුද්ධ පූජාව ජීවමාන බුදුන් වහන්සේගේ කාලයේ සිටම සිදු කරන ලදී. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත්වන දිනයේ දී වැළඳූ ප්‍රථම දානය වන සුජාතාවගේ කිරිපිඬු දානයත් , පිරිනිවන් පාන දිනයේදී වැළඳූ අවසන් දානය වන චුන්දසූකරගේ සූකරමද්දවයත් පිරිනැමූ පින්වතුන්ට සමාන ඵල සමානානිසංස ලැබෙන අතර එය සෙසු පිණ්ඩපාතයන්ට වඩා මහත්ඵල මහානිසංස වැඩි බවත් පරිනිර්වාණ සූත්‍රයෙහි වදාරා ඇත. බුදුන් වහන්සේ අ

බෝපත් ඉවත් කර ලැබූ මහත් වූ ආනිශංස

Image
බෝපත් ඉවත් කර ලැබූ  මහත් වූ ආනිශංස   ’’ මම පෙර සෑ මළුවෙහි හැරදැමූ බෝපත් (දැක) එය ගෙන බැහැර ලීමි. (එහි) විසි ගුණයක් අනුසස් ලැබීමි. ’’ එම කම් බෙලෙන් කුදුමහත් භවයෙහි සැරිසරන්නේ දිව්‍යවූද , මනුෂ්‍යවූද දෙඅත්බැව්හි සැරිසරමි. ’’ දෙව්ලොවින් ච්‍යුතව මනුෂ්‍ය භවයට පැමිණ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ දෙකුලෙහි (පමණක්) උපදිමි. ’’ සුපුන් අඟපසඟ ඇත්තේ , ආරෝහ පරිණාහයෙන් යුතුවූයේ , නොඅඩුව සම්පූර්‍ණ අඞ්ග ඇත්තේ , පිරිසිදුවූයේ , මනා රූ ඇත්තේ වෙමි. ’’ දෙව් ලොවෙහි හෝ , මිනිස් ලොවෙහි හෝ යම් කිසි තැනක උපන්නේ නම් , නිවනලද ස්වර්‍ණයක් මෙන් රන්වන් වන්නේය. ’’ බෝපත් බැහැරකළ කල්හි (ඒ හේතුවෙන්) මාගේ සිවිය හැමකල්හි මෘදුද , මෙලෙක්ද , සිනිඳුද , සියුම්ද , සියුමැලිද වේ. ’’ යම්කිසි ගතියක සිරුර පහළවූ කල්හි (එහි) දැලි , කුණු නොතැවරේ. බෝපත් බැහැරලීමෙහි මේ විපාකයයි. ’’ උෂ්ණවූ අවු සුලං ඇති කල්හිද , යලි ගිණි රශ්මිය කරණකොටගෙනද ඒ මාගේ සිරුරෙහි ඩහ නොවැගිරේ. (මෙය) සෑ මළුවෙහි බෝපත් බැහර කර ලීමෙහි විපාකයයි. ’’ කුෂ්ටද , ගෙඩිද , කැසිලිද , තලකැලැල්ද , පොළවල් (බිබිලි)ද , එසේම දදද , සිරුරෙහි නොවෙත්. පත් බැහැර කිරීමෙහි (කසල ඉවත් කිරීම