Posts

Showing posts from April 6, 2025

වස්ත්‍රයක් අඩක් දන්දී දෙව්ලොව ස්ත්‍රිය

Image
වස්ත්‍රයක් අඩක් දන්දී දෙව්ලොව ස්ත්‍රිය  සිංහල ධජයෙන් උපලක්ෂිත වූ ශ්‍රීමත් සිංහල ද්වීපයෙහි සිංහනාද ඇති බුදු රජුන්ගේ ධර්මය පිළිපදින භික්ෂුනමක් විය. සිංහයකු මෙන් නිර්භීතව තැතිගැනීම් නැතිව සංකානැතිව තුන්යම් රැයෙහි භාවනා කළ හෙතෙම පිඬු පිණිස ගියේය. එසේ යන භික්ෂුනම දුටු සොරෙක් උන්වහන්සේගේ පාත්‍ර‍ සිවුරු ආදි සියල්ල පැහැරගෙන ගියේය.  හෙතෙම කොළ අතු ඇඳගෙන සන්හුන් ලෙස ගමන් කෙළේය. කිසිවෙක් ඔහු හැඳින නොගත්තේය. එක් ස්ත්‍රියක් දියට බැස නාන්නී වස්ත්‍ර‍ රහිතව කොළ ‍ඇඳගෙන යන ඔහු දැක මෙසේ කීය:        “ස්වාමීනි, ඔය ගොඩ තිබෙන වස්ත්‍ර‍ය දෙකට ඉරා භාගයක් ගත මැනවි; ඉතිරි කොටස මට වන්නේය. ඒ කොටස හැඳගෙන තැති ගැනීම් නැතිව සැපසේ වැඩිය මැනවැ”යි. ඒ කීම ඇසූ භික්ෂුනම ඒ වස්ත්‍ර‍ය මැදින් ඉරා කොටසක් හැඳගෙන කැමති තැනකට ගියේය. ඒ ස්ත්‍රිය ජීවිතාන්තය දක්වා සිට එයින් ච්‍යුතව තව්තිසාවෙහි උපණි.  සිත් පහදවන අඟපසගින් යුත්, මනා රූ ඇති, මහත් ප්‍ර‍භා ඇති ඈ උපන්නේ දෙව්විමන් තුනක් මැදය. අවට දෙව්විමන් තුනේ විසූ දේවපුත්‍රයෝ තිදෙන එහි අවුත් ඇය ලබාගැනීම සඳහා කලහ කළහ.  ඒ කාරණය දැනගත් දෙව්රජ එහි ගොස් කරුණු...