Posts

Showing posts from June 30, 2024

දුෂ්කර ක්‍රියා කළ මහා බෝසතුන් -How Buddha as an Aspirant tried to achieve succcess for 7 Years

Image
  දුෂ්කර ක්‍රියා කළ මහා බෝසතුන් ආලාරකාලාම, උද්දකරාමපුත්ත ආදී තවුස් ආචාර්‍යවරුන් වෙතින් සමුගෙන "කිංකුසල ගවේෂීව" හුදකලාව නිවන් සොයමින් පැමිණි බෝසතුන් උරුවෙළ දනව්වට පැමිණ "සේනානි" නියංගම් ඇසුරු කොට නේරංජනා නදී තීරයේ වන ලැහැබෙක්හි අනුක්‍රමයෙන් උග්‍ර තපස් දම් පිරීම ආරම්භ කළහ. එහිදී එතුමාට ඒ වන විට තවුස් පැවිද්දෙන් පැවිදිව සිටි කොණ්ඩඤ්ඤ ,වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන පස්වග තවුසන් මුණ ගැසුණු අතර ඔවුහු බෝසතුණට උපස්ථාන කරන්නට සතුටින් ඉදිරිපත් වූහ. මේ මහා වීරකථාවේ සය අවුරුද්දක් පුරා එම මහා වීරයාණන් අත්දුටු දුෂ්කර ක්‍රියා අප්‍රමාණයි.එයින් බිඳක්  පමණක් ගෙනහැර පෑම මේ ලිපියේ අරමුණයි. එය බුදුමුවින්ම පැහැදිලි කළ අයුරින් මෙහිලා සඳහන් කරන්නෙමු. දිනක් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කල්හි ජානුස්සෝනි බ්‍රාහ්මණයාට මෙසේ වදාළහ. ජානුස්සෝනි, මම පසළොස්වක තුදුස්වක අටවක, අමාවක වැනි දිනවල රාත්‍රිකාලවල ගෙයක් දොරක් නොමැති මහා රූස්ස ගස් ඇති අඳුරු තැන්වල තනිවම ඉදිද්දී ඇග කිලිපොළා යන දේවල් දකිනවා.ශබ්ද ඇහෙනවා.නමුත් මං ඒ තැන්වලින් සෙළවුණේවත් නැහැ. සමහර වෙලාවක මුවෙක් දුවනවා. ඒ ව

අපි අවබෝධයෙන් යුතුව තෙරුවන් නමදිමු - We shall worship Buddha ,Dhammaa and Sanga with the real undersatanding

Image
අපි  අවබෝධයෙන් යුතුව  තෙරුවන් නමදිමු  ඉතිපි සෝ භගවා  අරහං සම්මා සම්බුද්ධෝ විඡ්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ  අනුත්තරෝ , පුරිසදම්මසාරථී  සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාතී සිංහල තේරුම වාසනා සහිත සකල ක්ලේෂයන් දුරු කළ හෙයින්ද, සියලු කෙලෙස් සතුරන් නැසූ හෙයින්ද, සංසාර චක්‍රයේ අරටු සිඳලූ හෙයින්ද, ලෝවැසියන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන හෙයින් ද, රහසින්වත් පව් නොකළ හෙයින් ද අරහත් නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්‍ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ අෂ්ඨ විද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ හෙයින් විජ්ඡාචරණ සම්පන්න නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ශෝභන වූ ගමන් ඇති හෙයින් ද, සුන්දර වූ තැනට පැමිණි හෙයින් ද සුභාශිත වචන වදාළ හෙයින් සුගත නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ලෝකයන් තත්වූ පරිද්දෙන් දන්නා හෙයින් ලෝකවිදු නම් වන සේක. ඒ භාග්‍යවතුන්වහන්සේ සියල්ලන් දමනය කළ හෙයින් අනුත්තර පුරිස දම්ම සාරථී නම් වන සේක. දමනය කර නිවන කරා පමුණුවන හෙයින් ඒ භග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන් ප්‍රධාන සත්වයන්ට අනුශාසනා ක