Posts

Showing posts from July 28, 2024

මාගේ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ඟුණ බෙලෙන් යහපතක්ම වේවා . May the Power of Buddha Bless out Nation aginst further Calamities

Image
  මාගේ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ඟුණ බෙලෙන් යහපතක්ම වේවා  මාගේ භාග්‍යවතුන් වහන්සේ ජාතිමාණ පුණ්‍යමාන බලමාන ප්‍රඥාමාන සෘද්ධි මානදී අනේකවිධ මානයෙන් උඬඟු වූ දමනය කිරීමට දුෂ්කර වූ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යක්ෂ රාක්ෂ රාජාදීන් දමනය කරන හෙයින් සත්ත්වයන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍ර වූ සේක  සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ කෙස්, ලොම්, නිය, දත් මේවා පූජනීය ද? මේවා පිළිකුල් දේවල්. සමාන්‍ය මනුෂ්‍යයෙකුගේ මිනී අළු ටිකක්, මීනි ඇටකටු ටිකක් යම් ඉඩමක දැම්මොත් හූනියමක් මහා විපතක් හැටියටයි සලකන්නේ. ලේ, මස්, ඇට, නහර වලින් ම සැදුම් ලද්දා වූ තථාගතයාන් වහන්සේගේ ශරීරය කෙසේද පූජනීය වූනේ ? උන් වහන්සේගේ මහා ප්‍රඥාව, අනන්ත කරුණා මෛත්‍රීය ආදී ගුණයන් පූජනීය වුණා. ඒ ගුණයන් ස්පර්ශ වූ ලේ ධාතුවත්, මාංශත්, කෙස්, දත්, අස්ථි සියල්ලක්ම පූජනීය යි. ඒ කය ස්පර්ශ වූ චීවරය පවා පූජනීය වුණා. ඒ චීවරය සහිත ශරීරය ස්පර්ශ වූ උන් වහන්සේ වැඩ සිටි අසුන පූජනීය වුණා. උන් වහන්සේ ඇසුරු කළා වූ බෝධීන් වහන්සේ, දන් වැළදූ පාත්‍රය ද පූජනීය වුණා. උන් වහන්සේ යම් දිශාවක වැඩ සිටියා ද, යම් භූමියක් ස්පර්ශ කළා ද ඒ භූමියේ වැලි දූවිලි පවා සදා වන්දනීය, පූජනීය