මාගේ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ඟුණ බෙලෙන් යහපතක්ම වේවා . May the Power of Buddha Bless out Nation aginst further Calamities

 

මාගේ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ඟුණ බෙලෙන් යහපතක්ම වේවා 

මාගේ භාග්‍යවතුන් වහන්සේ ජාතිමාණ පුණ්‍යමාන බලමාන ප්‍රඥාමාන සෘද්ධි මානදී අනේකවිධ මානයෙන් උඬඟු වූ දමනය කිරීමට දුෂ්කර වූ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යක්ෂ රාක්ෂ රාජාදීන් දමනය කරන හෙයින් සත්ත්වයන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍ර වූ සේක 


සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ කෙස්, ලොම්, නිය, දත් මේවා පූජනීය ද? මේවා පිළිකුල් දේවල්. සමාන්‍ය මනුෂ්‍යයෙකුගේ මිනී අළු ටිකක්, මීනි ඇටකටු ටිකක් යම් ඉඩමක දැම්මොත් හූනියමක් මහා විපතක් හැටියටයි සලකන්නේ.

ලේ, මස්, ඇට, නහර වලින් ම සැදුම් ලද්දා වූ තථාගතයාන් වහන්සේගේ ශරීරය කෙසේද පූජනීය වූනේ ?

උන් වහන්සේගේ මහා ප්‍රඥාව, අනන්ත කරුණා මෛත්‍රීය ආදී ගුණයන් පූජනීය වුණා. ඒ ගුණයන් ස්පර්ශ වූ ලේ ධාතුවත්, මාංශත්, කෙස්, දත්, අස්ථි සියල්ලක්ම පූජනීය යි. ඒ කය ස්පර්ශ වූ චීවරය පවා පූජනීය වුණා. ඒ චීවරය සහිත ශරීරය ස්පර්ශ වූ උන් වහන්සේ වැඩ සිටි අසුන පූජනීය වුණා.

උන් වහන්සේ ඇසුරු කළා වූ බෝධීන් වහන්සේ, දන් වැළදූ පාත්‍රය ද පූජනීය වුණා.

උන් වහන්සේ යම් දිශාවක වැඩ සිටියා ද, යම් භූමියක් ස්පර්ශ කළා ද ඒ භූමියේ වැලි දූවිලි පවා සදා වන්දනීය, පූජනීය වුණා.

ඒ නිසා තථාගතයාන් වහන්සේගේ අනන්ත ගුණයන් ශරීරය ස්පර්ශ වූ ශරීරයේ අස්ථි කොටස් - සර්වඥ ධාතූන් වහන්සේලා යම් තැනෙක නිධන් කොට බුදුගුණ සිහි කර වදිනවා නම් පුදනවා නම් ජීවමාන තථාගතයාන් වහන්සේට වැන්දා හා සමානයි. පිදුවා හා සමානයි. හැබැයි බුදුගුණ සිහිකර වැඳුම් පිදුම් කළ යුතුයි.

එනිසා සියළු කල්හි ලෝකයේ මිනිසුන් දෙවි බඹුන් විසින් වන්දනීය වූ පූජනීය වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සදා වන්දනීය වූ ධාතුන් වහන්සේලා තැන්පත් කොට මහාර්ඝ වූ ධාතු චෛත්‍යයක් අපේ කාය ශක්තිය වැය කරලා, කාලය ධනය ශ්‍රමය කැප කරලා මේ පුණ්‍ය භූමිය තුළ ඉදි කරලා අපි මහා කුසලයක් සිද්ධ කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්...!!!


 බු දු ඟුණ සත්‍යයේ බලයෙන්  සියළු දෙනාට  කළ්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා 

Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

භාරතයේ අනෝමා නදියෙන් ඉහළට ගිය සිද්ධාර්ථ තාපසතුමාගේ පාත්‍රයේ ධාතුව The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था