Posts

Showing posts from March 17, 2024

බුදුසසුනේ බ්‍රහ්ම මන්ත්‍රය නම් වූ මෝර පිරිත - ( Mora Piriritha - The Sermons recited by the Buddha Aspirant - Guthama )

Image
  ගෞතම බුදුසසුනේ බ්‍රහ්ම මන්ත්‍රය නම් වූ මෝර පිරිත.. . අද ඔබට කියවන්න ලැබෙන්නේ අපූරු පිරිත් ආරක්ෂාවක් ගැනයි. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අපගේ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුබ්බේකතහේතු වාදය නම්වූ ‘සියල්ල පෙර කර්මය අනුව සිදු වේ’ යන්න නොවදාළ දෙයකි. උපන් සත්වයා ජරාවටත් , ව්‍යාධියටත් පත්වේ. උපන් සත්වයා ජරා මරණය කරා යයි. ලෙඩ දුක් වුවත් කාරණා අටක් නිසා හටගනී. ( වාත සමුට්ඨානා ආබාධා) වාතය කිපීමෙන් හටගන්නා ආබාධ , ( පිත්ත සමුට්ඨානා ආබාධා) පිත කිපීමෙන් හටගන්නා ආබාධ , ( සෙම්හ සමුට්ඨානා ආබාධා) සෙම කිපීමෙන් හටගන්නා ආබාධ , ( සන්තිපාතිකා ආබාධා) තුන්දොස් කිපීමෙන් හටගන්නා ආබාධ , ( උතු පරිණාමජා ආබාධා) ඍතු විපර්යාස නිසා හටගන්නා ආබාධ , ( විෂම පරිහාරජා ආබාධා) වැරදි පරිහරණය නිසා හටගන්නා ආබාධ , ( ඕපක්කමිකා ආබාධා) උපක්‍රම නිසා හටගන්නා ආබාධ , ( කම්ම විපාකජා ආබාධා) කම්ම විපාක නිසා හටගන්නා ආබාධ…. මේ අනුව ලෙඩ රෝග කරදරවලදී කර්ම විපාක එක හේතුවක් පමණයි. මනා ශ්‍රද්ධාවෙන් , බලවත් විශ්වාසයෙන් , පහන් සිතින් පිරිත් බලය යොදාගෙන කර්ම විපාකයෙන් සිදුවන ආබාධ හැර අනෙක් ආබාධ දුරුකර ගත හැකි බව නාගසේන මහ