සතර අපාය තිරිසන් අපාය | අසුර ලෝකය ප්‍රේත ලෝකය | නිරය (නරකය) चार नरक जानवरों का नरक | दानवों की दुनिया | भूतों की दुनिया | नरक (बुराई) සතර අපාය තිරිසන් අපාය | අසුර ලෝකය ප්‍රේත ලෝකය | නිරය (නරකය) තම තමාන් කළා වූ කුසල අකුසල කර්මවලට අනුව උපදිනා තැන තුනක් ඇති බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එම භවතුන නම් කාම භවය, රූප භවය හා අරූප භවය වෙයි. කාම, රූප හා අරූප යන මේ තුන්ලෝකය පිළිබඳ දිරියලත් තම ශ්‍රාවකයන් අවබෝධ කොට ගෙන ලෝවැසියන් වෙත දේශනා කළ බැවින් භාග්‍යවතුන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක. මෙහි කාම භවයට අයත් සතර, මිනිස් ලොවට හා දිව්‍යලෝක හය වන කාමභවට එක්කොළහක්ද, රූප භවයට රූපාවචර බ්‍රහ්ම ලෝක දහසයක්ද, අරූප භවයට අරූපාවචර බ්‍රහ්ම ලෝක සතර ද අයත්වෙයි. කාමලෝකය ලෙස නම් කරන්නේ පස්කම් සැප විඳිය හැකි ස්ථානයන්ය. එවැන්නි තුම් එක්කොළහක් ඇත. ඉන් කාම සුගතිය තුම් හතකි. කාම දුගතිය තුම් හතරකි. සතර අපාය ලෙස හැඳින්වෙන්නේ මේ කාම දුගති තුම් හතරයි. නිරය, තිරිසන්, ප්‍රේත හා අසුර යන සතර අපායයි. සතර අපායේ උපදින අය සැප සම්පත් නැති ඉතා දුක් සහිත ජීවිත ගත කරති. තම කර්ම ශක්තිය අවසන් වන තුරුම එම දුක් ගිණි වැළඳිය යු...