තථාගතයන් වහන්සේගේ දින චරියාව...,--The daily routine of the Tathagata - The Lord Buddha --तथागत की दैनिक दिनचर्या...,

තථාගත බුදුරජනාන් වහන්සේගේ වහන්සේගේ දින චරියාව ..., භාග් යවතුන් වහන්සේ අලුයම නැඟිට ශරීරයට පහසුව පිණිසත් උපස්ථායකයනට අනුග් රහ පිණිසත් මුඛාධෝවනාදි ශරීර පරිකර්මයන් කොට පිඬු පිණිස වඩනා කාලය පැමිණෙන තුරු විවේකාසනයෙක්හි වැඩ සිටි කාලය පැමිණි තථාගතයන් කල්හි අඳනය හැඳ පටිය බැඳ සඟළසිවුර පොරවා පාත් රය ගෙන ඇතැම් දිනක හුදකලාව ද ඇතැම් දිනක භික්ෂුසංඝයා පිරිවරා ගෙනද , නගරයට හෝ ගමකට පිඬු පිණිස පිවිසෙති . ඇතැම් දිනක සාමාන් ය පිණ්ඩපාතික භික්ෂුවක් මෙන් ද ඇතැම් දිනක මහත් වූ ප් රාතිහාර් ය් යයෙන් ද පිඬු පිණිස වඩිති . ප් රාතිහාර් ය් යයෙන් වඩනා කල්හි හමා යන සුළඟින් උන් වහන්සේ වඩනා මඟ පිරිසිදු වෙයි . වළාකුළු වැසි පොද හෙළා මඟ දූවිලි නැති කෙරෙයි . අහසෙහි වියනක් සේ සැදී හිරු රැස් අවරණය කෙරෙයි . තවත් වාතයෝ මඟ මල් විසුරවති . උස්තැන් මිටිව මිටිතැන් උස්ව පොළොව සමතලා වෙයි . ලෝක නාථයන් වහන්සේ පා තබන තන්හි පොළොව මොළොක් ව සුවපහස් දෙන්නේ වෙයි . පියුම් හෝ පැන නැගී පා පිළිගන...