ශ්‍රද්ධා , ත්‍යාග , වීර්ය ,සුත ,පඤ්ඤා දියුණු කරන්න , එවිට ඔබ නිවන් මගට පිවිස සතර අපා භයෙන් මිදෙනු ඇත .Develop faith, devotion, courage, self-control, and wisdom, and you will enter the path of Nibbana and be free from the four hells.
ශ්‍රද්ධා , ත්‍යාග , වීර්ය ,සුත ,පඤ්ඤා දියුණු කරන්න , එවිට ඔබ නිවන් මගට පිවිස සතර අපා භයෙන් මිදෙනු ඇත . Develop faith, devotion, courage, self-control, and wisdom, and you will enter the path of Nibbana and be free from the four hells. ඔබ ඉන්නා තැන සිටම නිවෙන්න. එවිට ඔබ තුල ආලෝකය පහල වේ. ඒ ආලෝකය තුලට යම් මොහොතක බුදුන් වහන්සේගේ සැබෑම පැමිණීම සිදුවේවි. සැබෑම බුදුන් වහන්සේ වැඩසිටින්නේ ඔබගේ ආධ්‍යාත්මය තුලයි. එම නිසා ඔබ තුල ජීවමානව වැඩසිටින සැබෑ බුදුන් වහන්සේ දකින්න උත්සහ කරන්න. ධර්මය බරක් කරගන්න එපා. එහෙම වුනොත් ඔබට කාලයක් යද්දි ධර්මයත් එපාවෙන්න. එවිට ඔබට ඔබේ ජීවිතය ගැනද වෛරයක් ඇතිවෙනවා. නූතන සමාජය තුල වැඩිවශයෙන් දක්නට ඇත්තේ ධර්මය සොයාගොස් මාර්ගය වැරදුනු මිනිසුන් වේ. බොහෝ අය ප්‍රකාශ කර සිටින්නේ ධර්මය තුලින් තමන්ට පිහිටක් නොලැබුනු බවයි. එයට හේතුව ඔබ සාංසාරික රිද්මයටම ධර්මය ගවේශණය කිරීමට යාමයි. මිනිසුන් ධර්මය මමත්වයෙන් ග්‍රහණය කරගන්න උත්සහ කලාම කාලයක් ගියාම ඒ පුද්ගලයා විඩාවට පත්වෙනවා. මිනිස්සු ධර්මය කියලා සෑමවිටම දකින්නෙ සම්මතය වෙනස් කිරීමක්. මිනිස්සු අභිනිශ්ක්රමණ කියලා දකින්නෙත...