Posts

Showing posts from May 10, 2026

ආර්ය අෂ්ටාංගික මාර්ගය The Noble Eightfold Path आर्य अष्टांगिक मार्ग

Image
ආර්ය අෂ්ටාංගික මාර්ගය आर्य अष्टांगिक मार्ग The Noble Eightfold Path  ( The Only Path to Nibbana ( Deathless State )  මෙය ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස බුදුදහමේ ඉතාම වැදගත් මාර්ගයකි. දුක් නසමින් නිවන් මඟ කරා යාම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාවයි. සම්මා දිට්ඨි – නිවැරදි දැක්ම / සත්‍ය අවබෝධය සම්මා සංකප්ප – නිවැරදි සිතුවිලි / යහපත් අභිප්‍රාය සම්මා වාචා – නිවැරදි කථාව සම්මා කම්මන්ත – නිවැරදි ක්‍රියා සම්මා ආජීව – නිවැරදි ජීවනෝපාය සම්මා ව්‍යාම – නිවැරදි උත්සාහය සම්මා සති – නිවැරදි සිහිය / අවධානය සම්මා සමාධි – නිවැරදි එකාග්‍රතාවය මෙම අංග 8 තුනක් ලෙසද බෙදේ: ප්‍රඥා (Paññā) සම්මා දිට්ඨි සම්මා සංකප්ප ශීල (Sīla) සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සමාධි (Samādhi) සම්මා ව්‍යාම සම්මා සති සම්මා සමාධි බුදුදහම අනුව මෙම මාර්ගය අනුගමනය කිරීමෙන් සිත පිරිසිදු වී දුකින් මිදීමේ මාර්ගය විවෘත වේ. This is a very important path in Buddhism, known as the Noble Eightfold Path It is the middle path that the Buddha preached to end s...

නිවන් උදාකරගන්නේ කෙසේද ? निर्वाण कैसे प्राप्त करें? How to attain Nirvana?

Image
  නිවන් උදාකරගන්නේ කෙසේද ? සියලු දෙන බුදු දහම අනුගමනය කරමින් “නිවන් සුව “ ප්‍රර්ථනා කරති. කෙනෙක් මිය ගිය විට පාන්සකුලය දෙමින්ද , මිය ගිය අය හට නිවන් සුව පතති . නිවන් සුව ලැබේවායි සඳහන් බැනර් එල්ලා  තබයි . ඇත්තටම මිය ගිය අයට නිවන් සුව ලැබේද ? නැතිනම් ඔහු හෝ ඇය නිවන උදාකරගනිවිද ? නැත . නිවන් මග විවර කර ගැනීමට නම් , ඔබ ප්‍රථමයෙන් බුද්ධ , ධම්ම සහ සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල හෙවත් නොසැලෙන භක්තිය ඇති කරගෙන නිවන අරමුණු කරගෙන දස කුසල් වඩමින් “ සෝතාපන්න තත්වය “ හෙවත් නිවන් මගට පිවිසීමට ඔබ තුල ඇති සක්කාය දිට්ඨි , විචිකිච්ඡා සහ සිලබ්බත , පරාමාස යන මුලික කෙලෙස් දුරු කර ගත යුතුය . එවිට ඔබ නිවන් මගට මුලික ලෙසට පිවිසී ඇතැයි කිව හැකිය .එවිට ඔබට දුක් ඇති උපතක් නොලැබී සුගතියක උපත ලබා නිවන් මග ශක්තිමත් කිරීමට අවශ්‍ය භාවනා වශයෙන් වැඩිය යුතු කුසලයන් සම්පුර්ණ කරමින් දස පාරමිතා සම්පුර්ණ කල හැකිය .  දස පාරමිතා සම්පුර්ණ කරමින් , භාවනා වශයෙන් වැඩිය යුතු  බුද්ධානුස්සති , ආනාපානාසති හෝ මෙත්තානුස්සති භාවනා නිතර වඩන්න .  එවිට බුදු , පසේ බුදු හෝ මහා රහත් යන උත්තමයන් මනු ලොව වැඩ සිටි...