නිවන් උදාකරගන්නේ කෙසේද ? निर्वाण कैसे प्राप्त करें? How to attain Nirvana?

 


නිවන් උදාකරගන්නේ කෙසේද ?


සියලු දෙන බුදු දහම අනුගමනය කරමින් “නිවන් සුව “ ප්‍රර්ථනා කරති. කෙනෙක් මිය ගිය විට පාන්සකුලය දෙමින්ද , මිය ගිය අය හට නිවන් සුව පතති . නිවන් සුව ලැබේවායි සඳහන් බැනර් එල්ලා  තබයි .


ඇත්තටම මිය ගිය අයට නිවන් සුව ලැබේද ? නැතිනම් ඔහු හෝ ඇය නිවන උදාකරගනිවිද ? නැත .


නිවන් මග විවර කර ගැනීමට නම් , ඔබ ප්‍රථමයෙන් බුද්ධ , ධම්ම සහ සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල හෙවත් නොසැලෙන භක්තිය ඇති කරගෙන නිවන අරමුණු කරගෙන දස කුසල් වඩමින් “ සෝතාපන්න තත්වය “ හෙවත් නිවන් මගට පිවිසීමට ඔබ තුල ඇති සක්කාය දිට්ඨි , විචිකිච්ඡා සහ සිලබ්බත , පරාමාස යන මුලික කෙලෙස් දුරු කර ගත යුතුය .


එවිට ඔබ නිවන් මගට මුලික ලෙසට පිවිසී ඇතැයි කිව හැකිය .එවිට ඔබට දුක් ඇති උපතක් නොලැබී සුගතියක උපත ලබා නිවන් මග ශක්තිමත් කිරීමට අවශ්‍ය භාවනා වශයෙන් වැඩිය යුතු කුසලයන් සම්පුර්ණ කරමින් දස පාරමිතා සම්පුර්ණ කල හැකිය . 


දස පාරමිතා සම්පුර්ණ කරමින් , භාවනා වශයෙන් වැඩිය යුතු 

බුද්ධානුස්සති , ආනාපානාසති හෝ මෙත්තානුස්සති භාවනා නිතර වඩන්න . 


එවිට බුදු , පසේ බුදු හෝ මහා රහත් යන උත්තමයන් මනු ලොව වැඩ සිටිනා කලකදී නිවන් අවබෝධ කරගෙන සියලු කෙලෙස් 

( ඇලී - ගැටීම් ) නිම කොට නිවන නමැති ස්වභාවය ඔබගේ සිත සහ මනස තුල ඇති කරගෙන අවකාශ ලෝකය තුල නිවන් සුවය අත්  විඳීය හැකිය .


සිතට ශරීරයක් නැති බවත් සහ ඔබගේ මනසට ද ශරීරයක් නැති බවත් නිවන නමැති ස්වභාවය අත් විඳින්නේ ඔබගේ ශරීරයක් අවශ්‍ය නැති සිත සහ මනස බවත් සලකන්න .


දැනට ඔබ භවයෙන් භවය “මම” සහ “මාගේ” යයි ශරීරයක් පවත්වා නඩත්තු කරන්නේ ඔබගේම සිත උපාදාන වශයෙන් ඔබට සාදා දී ඇති “ කුණු සහ කෙලෙස් සහිත නිතර වේදනා විඳිනා ශරීරයක් පමණි .


නිවන පවතින්නේ අවකාශ ලෝකය තුලය . අප බුදුරජාණන් වහන්සේ සත්ව ලෝකය , සංස්කාර ලෝකය සහ අවකාශ ලෝකය මැනවින් අවබෝධ කොට ගෙන ඒ පිලිබඳ දේශනා කර ඇත . 


How to attain Nirvana?

Everyone follows Buddhism and prays for “Nirvana”. When someone dies, they offer alms to the deceased and pray for Nirvana. Banners are hung saying “May Nirvana be granted”. Do the deceased really attain Nirvana? Or will he or she attain Nirvana? No. To open the path to Nirvana, you must first develop unwavering or unwavering devotion to the Triple Gems of Buddha, Dhamma and Sangha, and with the aim of Nirvana, cultivate the ten virtues and eliminate the basic defilements of the “state of enlightenment” or the path to Nirvana. Then you can say that you have entered the path of Nibbana in the first place. Then you can complete the ten perfections by completing the necessary merits that need to be developed as meditation to strengthen the path of Nibbana without suffering and to be reborn in a happy state. Having completed the ten perfections, regularly develop the meditations of Buddha, Anapana, or Mettānussati. Then, at a time when the Buddha, the Buddha of the Earth, or the great Arahants are present in the human world, you can realize Nibbana, end all defilements, (attachments) and establish the nature of Nibbana in your mind and soul, and experience the bliss of Nibbana in the world of space. Consider that the mind does not have a body and that your mind also does not have a body, and that the nature of Nibbana is experienced by your mind and soul, which do not need a body. At present, you are maintaining a body from existence to existence, calling it “I” and “mine.” It is only a body that is constantly suffering, full of dirt and defilements, which your own mind has created for you as a product. Nibbana exists in the world of space. We, the Buddha, have well understood the world of beings, the world of samskaras, and the world of space and have preached about it.


निर्वाण कैसे पाएं?

हर कोई बौद्ध धर्म को मानता है और “निर्वाण” के लिए प्रार्थना करता है। जब कोई मरता है, तो वे मरे हुए को दान देते हैं और निर्वाण के लिए प्रार्थना करते हैं। “निर्वाण मिले” लिखे बैनर लगाए जाते हैं। क्या मरने वाला सच में निर्वाण पाता है? या उसे निर्वाण मिलेगा? नहीं। निर्वाण का रास्ता खोलने के लिए, आपको सबसे पहले बुद्ध, धम्म और संघ के त्रिरत्नों के प्रति अटूट या अटूट भक्ति विकसित करनी होगी, और निर्वाण के उद्देश्य से, दस गुणों को विकसित करना होगा और “ज्ञान की स्थिति” या निर्वाण के रास्ते की बुनियादी बुराइयों को खत्म करना होगा। तब आप कह सकते हैं कि आपने सबसे पहले निर्वाण के रास्ते में कदम रखा है। फिर आप बिना दुख के निर्वाण के रास्ते को मजबूत करने और एक खुशहाल स्थिति में पुनर्जन्म लेने के लिए ध्यान के रूप में विकसित करने के लिए आवश्यक गुणों को पूरा करके दस सिद्धियों को पूरा कर सकते हैं। दस सिद्धियाँ पूरी करने के बाद, रेगुलर बुद्ध, अनापान, या मेत्तानुस्सति के ध्यान को डेवलप करें। फिर, ऐसे समय में जब बुद्ध, धरती के बुद्ध, या महान अरहंत इंसानी दुनिया में मौजूद हों, आप निब्बान को महसूस कर सकते हैं, सभी बुराइयों, (लगाव) को खत्म कर सकते हैं और अपने मन और आत्मा में निब्बान का स्वभाव बना सकते हैं, और स्पेस की दुनिया में निब्बान के आनंद का अनुभव कर सकते हैं। सोचें कि मन का कोई शरीर नहीं है और आपके मन का भी कोई शरीर नहीं है, और निब्बान का स्वभाव आपके मन और आत्मा द्वारा अनुभव किया जाता है, जिन्हें शरीर की ज़रूरत नहीं है। अभी, आप एक जन्म से दूसरे जन्म तक एक शरीर को पाल रहे हैं, इसे “मैं” और “मेरा” कहते हुए। यह सिर्फ़ एक शरीर है जो लगातार दुख झेल रहा है, गंदगी और बुराइयों से भरा है, जिसे आपके अपने मन ने आपके लिए एक प्रोडक्ट के तौर पर बनाया है। निब्बान स्पेस की दुनिया में मौजूद है। हम बुद्ध ने प्राणियों की दुनिया, संस्कारों की दुनिया और अंतरिक्ष की दुनिया को अच्छी तरह समझा है और इसके बारे में उपदेश दिया है।



Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

භාරතයේ අනෝමා නදියෙන් ඉහළට ගිය සිද්ධාර්ථ තාපසතුමාගේ පාත්‍රයේ ධාතුව The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था