Posts

Showing posts from January 11, 2026

බුදුවරු පහළ වන කල්ප The eras in which Buddhas appear वे युग जिनमें बुद्ध प्रकट हुए

Image
  බුදුවරු පහළ වන කල්ප The Eras in which Buddhas Appear බුදුවරු පහළ වන කල්ප පහක් තියෙනවා . ඒවාට කියන්නේ , සාර කල්පය මණ්ඩ කල්පය වර කල්පය සාරමණ්ඩ කල්පය භද් ‍ ර කල්පය ... කියලයි . ️ එතකොට බුදුවරු පහළ වෙන අසංඛෙය් ‍ ය කල්ප පහක් තියෙනවා . ආන්න ඒකෙදී , යම් කල්පයක එක ම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා නම් ඒ කල්පය බුද්ධ ශූන් ‍ ය කල්පයන්ට වඩා සාරවත් නිසා එයට " සාර කල්පය " කියනවා . ඊළඟට යම් කල්පයක දෙනමක් බුදුවරයන් වහන්සේලා පහළ වෙනවා නම් ඒ කල්පයට කියන්නේ " මණ්ඩ කල්පය " කියලයි . මණ්ඩ කියන්නේ ඉතාමත් උත්තම කියන එකටයි . එතකොට මණ්ඩ කියන්නේ බුදුවරු දෙනමක් පහළවීමෙන් ඒ කල්පය උතුම් ගුණවත්කමින් යුක්තයි කියන එක . ඊට පස්සේ ඒ මණ්ඩ කල්පයේ දෙවනුව පහළ වූ බුදුරජාණෝ තුන්වැනිව අනාගතයේ බුදුවරු පහළ වෙන බවට අනාවැකි වදාරණවා . ඒ කල්පයේ තුන්නමක් බුදුවරයන් වහන්සේලා පහළ වෙනවා . එයින් ඒ කල්පය උත්තම භාවයට පත්වෙන නිසා එයට වර කල්පය කියනවා . වර කියන්නේ උතුම් කියන එකයි . ඊට පස්සේ යම් කල්පයක සතර...