Posts

Showing posts from May 26, 2024

YASHODARA - LORD BUDDHA'S LAY LIFE CONSORT WHO IS AN EXAMPLE TO ALL WOMEN IN MANKIND ( යශෝධරා නම් බොසත් පතිනිය...)

Image
යශෝධරා නම් බොසත් පතිනිය... YASHODARA - LORD BUDDHA'S LAY LIFE CONSORT WHO IS AN EXAMPLE TO ALL WOMEN IN MANKIND  මෙසේ ඒ ය‍ශොධරා සථවිරින් වහන්සේ අනේකප්‍රකාර කථාවෙන් සසර තමන් වහන්සේ ගේ පෑ විශ්වාසය මතු කරවා බුදුන් අතින් අවසර ඉල්වු වේලෙහි, බුදුරජාණන්වහන්සේ  උන්වහන්සේ තමන් වහන්සේ ට සංසාරයෙහි කළාවු බොහෝ උපකාර හා අපරිමිතවු ගුණ දැක     “මේ යශෝදරාව වැනි පින්වත් ස්ත්‍රියක් මාගේ බුද්ධෝත්පාදයෙහි නැත. දැන් මැය අසංඛ්‍යය ගණන් කල්ප වල  ජාති දක්නා නුවණ ඇත්තීය. අන්‍යන්ට අසමාන වු දිවස් ඇත්තිය. විශෙෂ වු දිවකන් ඇත්ති ය.නසන ලද ආශ්‍රවයන් ඇත්ති ය. ත්‍රිවිදයාවෙහි මුදුන් පැමිණියා ය. බුදුන්ට අනු වු ඍද්ධිප්‍රාතිහාර්ය  ඇත්තී ය. තමා රහත් වු දවස් පටන් බුදුන් කෙරෙහි කළ මහත් වු ආදර හා බහු මානයෙන් පෘථග්ජන මෙහෙණින්නක් සේ නිහතමාන ගුණයෙන් තමන්ගේ සෘඩ් බලයක් නො දක්වා විසුවාය.එසේ හෙයින් මැගේ පෙළහර බල දුටුවෝ නැත. අනාගතයේ ලෝකවාසීහු රාහුල ම‍ාතාවෝ නම් කෙසේ වු කෙනෙක්ද? රහත් වූ කෙනෙක්ද? රහත්නොවූ කෙනෙක්ද? යි සැක උපද වන්නාය.අනාගත සත්ත්වයන්ට උපදනා ඒ සැක දුරු කරවා මැගේ ඍද්ධිබල වික්‍රම හා පූර්ව චරිතය මැ ලවා ම කියවා  , මෑගේ ගුණ අනාග

සසර ගමන යහපත් කරගන්නේ කෙසේද ? How to be sucessful in your Life Journey ---- Await

Image
  සසර ගමන යහපත් කරගන්නේ කෙසේද ? HOW TO BE SUCESSFUL IN YOUR LIFE'S JOURNEY සසර ජීවිත ගෙවන අප විවිධ සම්පත් එකතු කරමින්  ,විවිධ තනතුරු වලට  ගිජුව,ඒවා ලබා ගැනීමට තරංග කරමින් සිත ඇතැම්විට ක්ෂණික මරණයකට හෝ අකල් මරණයකට හෝ වයගත්ව සිදුවන මරණයකට හෝ ගොදුරුව මෙම වටිනා මිනිස් දිවිය හැරදා යයි . ඔබ මෝහතකට හෝ  හිතුවද ,ඔබ මරණින් මතු මොන වගේ ජීවිතයකට පත් වේවිද කියා ? ඔබ නිවන අවබෝධ කර ගෙන නොමැති නම් ඔබ කිසිවිටෙකත් නොසීතු  පරිදි තිරිසන් ,ප්‍රේත , ඇසුර වැනි දුක් සහිත ජීවිතයකට ඔබව ඇද  දමනු ඇත  . ඔබ මෙම ගත කරන ජීවිත තුල දී බුදු වදන  අනුව  ඔබගගේ  ජීවිතය පවත්වා ගනිමින් අකුසල් නොකර කුසලයේම  සිත පිහිටවා ,අවසන මොහොත දක්වා ජීවිතය ගතකරයි නම් ඔබට මතු ජීවිතය ද , එම දුක් සහිත  උපතකින් තොරව සැප සහිත  දිව්‍ය ,බ්‍රහ්ම හෝ මනුෂ්‍ය ජීවිතයක් උරුම කරදෙනු ඇත . සෑම විට සියලු බුදු වරුන්ගේ අවවාදය පිළිපදින්න .   සබ්බ පාපස්ස අකරනං  කුසලස්ස උප සම්පදා  සච්ත්ත පරියෝ දපනං  එතං  බුධ්හනු සාසනං  තේරුම - සෑම විට සියලු පාපයන් දුරු කරන්න,                           සෑම විට සියලු කුසලයන්ක ඇති කරන්න,               තම සිත නිතර එක්තැන් කකර්

සෑම පෝය දවසකටම සියළු සදෙව් ලොව දෙවිවිවරු රැස්වෙන සුධර්මා දිව්‍ය සභාව - The Divine Assembly Hall in the Heavens

Image
  සෑම   පෝය දවසකටම  සියළු  සදෙව් ලොව දෙවිවිවරු රැස්වෙන  සුධර්මා දිව්‍ය සභාව " අනේ මිනිස් ලොව තව පිරිහී යනවා” යයි කියමන් දෙවිවරු දුක්වන බව ඔබ දන්නවද ? “ සෑම පෝයක ම දේවසභාව රැස්වෙනවා.”   තව්තිසාවේ තියෙනවා ‘සුධර්මා’ කියලා විශාල ශාලාවක්. ඒ ශාලාවට ‘සුධර්මා’ යන නම ලැබුණේ අපේ සක්දෙවිඳු මිනිස් ලෝකේ ඉන්නැද්දි වෙච්චි දෙයක් නිසා. ‘මඝ’ තරුණයාගේ එක බිරිඳක් සිටියා. ඇගේ නම ‘සුධර්මා’. ඉතින් ඈ මඝ තරුණයා සාලාව හදද්දී කැණිමඬල පූජා කොරලා කියා සිටියා එයැයිගේ නම දාන්ට කියලා. ඒ පින නිසා ඈත් දෙව්ලොව උපන්නා. දෙව්ලොවෙත් පහළ වූ සාලාවට ඒ නම වැටුනා. හප්පා… ඒක හරි පුදුම ශාලාවක්. ඒ කියන්නේ බිම පළිඟු ගල් අතුරලා, මැණික් වැට, රන් කණු, කණු පාමුල රිදී කැටයම්, පළිඟු රූප, සත්රුවන් පරාල, රුවන් දොරටු, ඉන්ද්‍රනීල මාණික්‍ය උළු, රන් කොත්, දිග පළල යොදුන් තුන්සියයක්. වටේ යොදුන් නවසියයක වේදිකාව. උස යොදුන් පන්සීයක්. ඒ ශාලාවේ සතර දිසාවේ තියෙන්නේ සතර වරම් දෙව්රජුන්ගේ ආසන. කෝටි ලක්ෂයක් ගාන්ධර්ව දිව්‍ය සේනාව පිරිවරාගෙන ධතරාෂ්ට්‍ර දෙව්රජු ඇවිත් නැගෙනහිර පැත්තේ තියෙන ආසනේ වාඩිවෙන්නේ බටහිර බලාගෙන. කෝටි ලක්ෂයක් කුම්භාණ්ඩ දේවතාවරු පිරි

සසර ගමන සහ අපගේ අනාගතය - Our Life Journey and Future Life

Image
සසර ගමන  සහ අපගේ අනාගතය  Our Life Journey and Future Life සසර බියකරු නොවේද ? අප සියලු දෙනම සසර දුක ගැනත් ,සසර දුක කෙලවර  කර නිවනින් සැනසිය යුතු බවත් අපේක්ෂා  කරති .  අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේද නිරතුරුවම සසරේ බියකරු බව ගැනත් ,සසර දුක මතම පහිටි බවත් , මඳක් හෝ සැපතක් සසර ජීවිත තුල ඇත්නම් ,තමන් වහන්සේ සසර දුක යයි නොපවසන බවත් ,දේශනා කල සේක .  සසර යනු කවරේද ? සසර යනු අප සියලු දෙනාම මෙය කල්ප ගනනක පෙර සිට මැරෙමින් ඉපදෙමින් විවිධ භවයන්හි ගත කල සහ ගතකරමින්  යන ජීවිතයි . මෙම ජීවිත අවුරුදු කල්ප කෝටි  ගණනක සිට කාම ලෝක ,රුප ලෝක සහ අරුප ලෝක වල පැවත  ආ ජීවිතය . මෙම සසර ජීවිත අසුරු කරගත් අප සිත කර්මානු රූපව ප්‍රතිසන්ධි ගතවෙමින් පැවතීම සසර දිගටම පැවතීම ලෙස සැලකිය හැක . සසර දුක විඳීමට හේතුව නම් පෙර සසරේ රැස්  කරගත් අකුසල් සහ  කුසල් කර්ම ශක්තිය හා අප සිත තුල ඇතිවෙමින් නිතර පවතින රාග ,ද්වේශ සහ මෝහ සිතිවිලි සංස්කාර රැස්  කරමින් උපාධන ශක්තිය මගින්  නැවත නැවත භාවයන්  දිගි දිගටම ඇති කිරීමයි.  ඔබ නිතරම සිතන්න ඔබගේම සිත ඔබව මුලාවට පත්කර ඔබව දුකට ඇද දමන බව . එම නිසා සිත ගැන නිතර සිතන්න .එනම් සිහියෙන් සිටින්න