YASHODARA - LORD BUDDHA'S LAY LIFE CONSORT WHO IS AN EXAMPLE TO ALL WOMEN IN MANKIND ( යශෝධරා නම් බොසත් පතිනිය...)


යශෝධරා නම් බොසත් පතිනිය...

YASHODARA - LORD BUDDHA'S LAY LIFE CONSORT WHO IS AN EXAMPLE TO ALL WOMEN IN MANKIND 

මෙසේ ඒ ය‍ශොධරා සථවිරින් වහන්සේ අනේකප්‍රකාර කථාවෙන් සසර තමන් වහන්සේ ගේ පෑ විශ්වාසය මතු කරවා බුදුන් අතින් අවසර ඉල්වු වේලෙහි, බුදුරජාණන්වහන්සේ  උන්වහන්සේ තමන් වහන්සේ ට සංසාරයෙහි කළාවු බොහෝ උපකාර හා අපරිමිතවු ගුණ දැක 

   “මේ යශෝදරාව වැනි පින්වත් ස්ත්‍රියක් මාගේ බුද්ධෝත්පාදයෙහි නැත. දැන් මැය අසංඛ්‍යය ගණන් කල්ප වල  ජාති දක්නා නුවණ ඇත්තීය. අන්‍යන්ට අසමාන වු දිවස් ඇත්තිය. විශෙෂ වු දිවකන් ඇත්ති ය.නසන ලද ආශ්‍රවයන් ඇත්ති ය. ත්‍රිවිදයාවෙහි මුදුන් පැමිණියා ය. බුදුන්ට අනු වු ඍද්ධිප්‍රාතිහාර්ය  ඇත්තී ය. තමා රහත් වු දවස් පටන් බුදුන් කෙරෙහි කළ මහත් වු ආදර හා බහු මානයෙන් පෘථග්ජන මෙහෙණින්නක් සේ නිහතමාන ගුණයෙන් තමන්ගේ සෘඩ් බලයක් නො දක්වා විසුවාය.එසේ හෙයින් මැගේ පෙළහර බල දුටුවෝ නැත. අනාගතයේ ලෝකවාසීහු රාහුල ම‍ාතාවෝ නම් කෙසේ වු කෙනෙක්ද? රහත් වූ කෙනෙක්ද? රහත්නොවූ කෙනෙක්ද? යි සැක උපද වන්නාය.අනාගත සත්ත්වයන්ට උපදනා ඒ සැක දුරු කරවා මැගේ ඍද්ධිබල වික්‍රම හා පූර්ව චරිතය මැ ලවා ම කියවා  , මෑගේ ගුණ අනාගත මාගේ ශාසනයෙහි ප්‍රසිද්ධ  කරවමි” යි සිතා 

“යශොධරා සථවිරිනි! තොප වැනි පින්වතුන් ලෝකවාසින්ට ආනුභාවයක් නො දක්වා අප්‍රසිද්ධව නිවන් පුරයෙහි සැඟවෙනු නො යෙදෙයි. දැන් තොපගෙන් කිසියම් පෙළහරක් මා ඉදිරියේ දක්වා ලවැ"යි වදාළ සේක...

යශෝදරා තෙරණියෝ ද,

   “බුදුන්ගේ අදහස් පරිද්දෙන්ම

නමුත්, මේ සෙනගෙහි රාගය සහිත සත්ත්වයෝ බොහෝ වේ. මේ ස්ත්‍රී භාවයේ සිට මා දක්වන්නාවු පෙළහර බලා, මා කවුදැයි නොදැන, මා කෙරෙහි ලොහ සිත් ඉපැදවු නම් එ පවින් එවන් සත්වයන් ගොස් අපායගත වන්නාහ; පළමුව ඔවුන්ට මා කවුරුන්දැයි හගවා ඔවුන්ගේ විතර්ක සිත් දුරු කිරීමට පෙළහරක් දක්වමි” යි සිතු මාගේ සෘධි බල දක්වා පෙළහරක් කෙරෙමි."වාය.

එලෙස සිතා, බුදුන් සිටින දිශාවට වැඳ සිට, 

   “වෙනත් බෝසත්වරුන් අටාසංඛේයය කප්ලක්ෂයෙකින්, සොළොසාසංඛ්යෙටය කප් ලක්ෂයෙකින් කරන්නාවු වීර්ය , සාරාසංඛ්ය්ය කප්ලක්ෂයක් ඇතුළත සාක්ෂාත් කොට, මා වැනි ස්ත්‍රියකගේ අනුබලයෙන් පුරවා නිමවා ගත් අධික වු විර්යය ඇති බුදු රජාණෙනි! නුඹ වැනි බුදු කෙනකුන් ඉදිරියෙහි පෙළහර පානාවු මම වනාහි ...........දෙවි- බඹ කෙනකුන්ගේ උපදෙස් ලැබූ වෙනත් සෘඬි ලාභියෙක් නොවෙමි, අවුරුදු 78කට පෙර ශ්‍රක්‍ර දේවේන්ද්‍රයා විලසින් රාජ්‍ය කල සිද්ධාරථ කුමරු නමින් ලොව ප්‍රසිද්ධ වූ ඔබවහන්සේගේ අග්‍ර මහේෂිකා වූ යශෝධරා දේවි නම් මමය...අනූහය ලක්ෂයක පුරස්ත්‍රීන්ට නායකව නුබ වහන්සේට අග්‍ර මහේෂිකා වුයේ මමය.

ඒ දිනවල, රුපයෙන්- යෞවනයෙන්- කුලයෙන්-යශසින් -ආචාරයෙන් අග්‍ර මා දුටු කල දිව්‍යන්ගනාවක දුටුවා සේ ස්ත්‍රී සමුහයා මා ම වඳිති, පුදති, සත්කාර කෙරෙති. මේ ලෝකයෙහි බුදුන් විනා, රුපයෙන් - යශසින් සැළකු විට මට වඩා වෙන සත්වයෙක් නම් නැතිය.එසේවු සැපත් හැර මමද සවාමිදරුවන් සමිපයෙහි මහණ වී ,උපදෙස් දුන් පරිද්දෙන් විදර්ශනා වඩා, 'අමාමහ නිවනත් දුටිමි'. 'රහත්වී කෙලෙසුන් ගෙවිමී'. 'කෙලෙස් මුහුදු පිනිමි', 'කෙලෙස් සතුරන් දුරුකෙළෙමි', 'සංසාර සාගයෙන් ගොඩනැංගෙමි'. 'මතු ජාතියෙක නොඋපදිමි', 'අනෙක් පුර්ෂයන් හට භාර්යා නොවෙමි'. 'අන් කිසිවකුට නැති පරිදි වු සෘඩි ලදිමි'. 'අන් කිසිවකුට නැති පරිදි වු දිව්‍ය කන් ලදිමි', 'විශෙෂ වු දිවසක් ලදිමි','අසඬිඛ්ය ගණන් ජාති දන්නා නුවණ ලදිමි'. 

තවද, නුඹවහන්සේ නිසාම ලබාගත්තා වූ  සෘධි බලයන් කිහිපයක් බලා වදාළ මැනවැ" යි සිංහනාද කල සේක.

මෙලෙස තමන් වහන්සේ කවුදැයි රැස්ව සිටි මහපිරිසට හඟවාලා, බුදුන්ගේ ශ්‍රී පාදපද්මය වැඳ අවසර ඉල්වාගෙන, ධ්‍යානයෙන් ධ්‍යානයට සමවැඳ වැද ආකාශයට තලක් නැග (තල් ගසක උසක්) ,නැවත බැස, බුදුන් වන්දනා කළසේක. එසේම නැවත දෙතලෙක (තල ගස් දෙකක) උසකට ආකාශයට නැග ,බැස බුදුන් වන්දනා කළසේක.මෙලෙස තුන් තලෙක, සතර තලෙක, පස් තලෙක,සතලෙක සත්තලක යි ලෙස සත්වාරයක් ආකාශයට නැග, බැස, සත් වාරයක් බුදුන් වැඳී සේක.

වැඳ අවසානයේ :-

"යසොධරා අහං වීර- අගාරෙ තෙ පජාපති,

සාකියම්හි කුලෙ ජාතා - ඉත්ථීයඞගෙ පතිට්ඨතා"

යි යන ගාථවෙන් සත් වාරයක් සිංහනාද කොට , නැවත 'සියක් තල' , 'දහසක් තල' , 'දසදහස් තලැ' යි යන අකාරයෙන් ආකාශයට  නැඟි, නැඟි, බැස, බැස, නැවත නැවත බුදුන් වැඳී සේක. 

තව ද; ආකාශයේ දසදහසක් පමණ තලක් ආකාශයට නැග, පුන්සඳක් සේ, සියලු සතුන්ට පෙනෙමින් සියලු සත්වයන්ම මා දකිවායි අදිෂ්ටාන කොට ,

   “දෙවියනි! බ්‍රහ්මයනි ! යශෝධරා සථවිරි නම් මම ය, අද බුදුන්ට මා විසින් කරන ප්‍රාතිහාර්ය පුජා දක්නට එව “ යි දසදහසක් සක්වළ දෙවියන්ට ඇසෙන සේ කීවාය.(ඒ හඩ දස දහසක් සක්වළ පුරාවට 'හැටදහසක් දිව්‍ය ලෝකවල දෙවියන්ටද, එක් ලක්ෂ පනස් දහසක් බඹ ලෝකවලටද  ඇසී ගියේය., )

එ වේලෙහි දසදහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්ම සෙනාව වහා පැමිණ ආකාශය පුරාවට බ්‍රහ්ම ලෝක දක්වා අතුරු සිදුරු නැතිව එකිනෙකා ගැටී ගැටී රැස්ව සිටියහ.

ඒ මධුරවු නාදය කන වැටුණු මුළු දඹදිව සියලු ස්ත්‍රී පුරුෂයෝ ද  අහස දෙස බලා, පුන් සදක් සේ වැඩසිටි උන්වහන්සේ විශෙෂයෙන් දැක දොහොත් මුදුන් දෙමින් වදින්නේය., සාධුකාර දෙන්නේය. ඒ ඒ ගම් නියම් ගම්ද, රාජධානිද, ප්‍රත්‍යන්ත දේශ වලද, වැසියන් තම තමන්ගේ දොරකඩ සිටම මේ ප්‍රාතිහාර්ය  බලති.

එ වේලෙහි උන්වහන්සේ ආකාශයෙහි පෙනි පෙනි සිට තෙජොකසිණ සමාපත්තියට සම වැඳී සියලඟින් දුම්කඳු පිට කර මුළු ලොව දුමින් පුරවා ලීය. ඊළගට, සියලඟින් ගිනි කඳු හැර මුළුලෝ ගිනි පුලිඟුයෙන් පුරවා .,

    “මේ මමය, වෙනෙකෙකු අනිකෙකු නොවෙමි, බුදුන් ගිහිගෙයි වසන කල මහා ප්‍රජාවට අධිපතී වු, රහල් තෙරුන්ගේ මවු වු, යශෝදරා නම් සථවිරිමි”යි හඩගා කියා, මුළුලෝ සාධු නාදයෙන් පුරවමින් නැවත කලක් පෙනි පෙනී සිට, කලක් අන්තර්ධාන වන්නාය. නැවත එක මෙහෙණි රුපයෙන් විකුවර්ණ වු සෘධි දක්වා එක කොපුවෙන් දස දහස් කඩු ගෙන පෙන්වන්නා සේ, දසදහස් වූ මේහෙණි වෙස් මවා මුළු සක්වළ පුරා සිටුවා ඒ මහත් වූ භික්ෂුණි පිරිස ලවා 

    “මේ මමය, බුදුන්ට පාරමිතා සාධා දුන් යශෝධරා සථවිරිමි” යි ඒ ඒ සෑම මුවකින්ම කියවා තුන්ලෝව එක කොලාහළ කළ සේක. එකෙණෙහි සියලු දෙවි මිනිසුන් දුන් සාධුකාරයෙනුත් මුළු ලොවම එක කොල‍ාහල වීය. 

▪️නැවත “මාගේ බුදුන්ට ගරුඩ විතානයෙකින් පුජාවක් කෙරෙමි” යි සිතා මෙරගල තරම් විශාල ශිඛාවකින් හා සඳමඩුලු තරම් විශාල ඇස් දෙකකින් හා පුර්වවිදේහ දිවයින තරම් විශාල දකුණු පියා පතකින් හා අපරගොයාන දිවයින තරම් විශාල වම් පියාපතකින් හා ජම්බුද්විපය තරම් විශාල ශරිරයෙකින් හා උතුරුකුරුදිවයින තරම් විශාල ඉසකින් හා සක්වළගල තරම් විශාල මුඛ තුඩකින්, යුත් මහගුරුළු වේශයක් මවා ගත්තාය .වියනකින් අහස වසන්නා සේ ,මේ මුළු සක්වලම ඒ ගුරුළාගේ පියා පත් දෙකෙන් වසා සිට ,යොදුන් 100ක් උස මහ දඹගස මුලින් උදුරා ගෙන ,වල්විදුනාවක් සේ බුදුන්ගේ ඇඟට සලමින්  මෙහොතක් වෙලා සුවද මඳ පවනින් බුදුරජාණන්ගේ ශ්‍රී ශරීරයට සුව පහස් දෙවමින් මහත් වු ගරුඩ නාදයෙන් තුන්ලො වෙවුල්වා 

    “මේ මමය!! සත්වයෙනි, දිව්‍ය නාගරාජයෙනි! ගරුඩ රාජයෙක් නො වෙමි, හය නොගන්ව,මා යශොධරා මහාසථවිරිමි” යි හඩගා කීවාය. ඒ වෙලේදීත් මහපිරිස සාධුකාර දුන්හ.

▪️එ පෙළහරද නවතා- නැවත, යොදුන් දසදහස් ගනන් විශාල අහස් කුස වසා සිටිනා තරම් දිව්‍ය ඇත් රුපයක් මවා මුළුලොවට පෙනිමින් සිට ශක්‍ර පුරයෙන් පරසතු ගස ගෙන බුදුරජාණන්වහන්සේගේ සිරසට මල් සේසතක් සේ මොහොතක් කල් ඉහලා සිට, නැවත බුදුරජාණන්වහන්සේගේ ශරීරයට මල් ඉත්තක් සේ සලා මල් සුවඳින් බුදුන් පිදුවාය.මේ ප්‍රාතිහාර්යන් බලා සිටින්නා වූ මහපිරිස 

    "අහෝ! සාධු!!! " යි එක වර සාධු කාරදි "හිමියණි නුඹ කවුරුදැ?" යි විචාළ කල ...

    “මමය , වෙනෙකු නොවේ, ගෞතම නම් බුදුරජාණන් ගිහිහෙයි වසන කල ප්‍රජාපති වු එක්තරා එක් කුල ස්ත්‍රියක්මි, බුදුන් නිසාම මා ලද කිසියම් ගුණයක්  බලව” යි කියා, තුන්ලොවට ඇසෙන සේ මහත් වූ කුන්චනාදයක්ද කොට තුන්ලොව වෙවුල්වා "හස්තිමාන" නම් වු පුජාවක් කල සේක.ඒ වෙලාවෙදිත් මහා පිරිසගෙන් මහත් වු සාධුකාර පුජා විය.

▪️ඒ පෙළහරද නවතා ,නැවත පෙර සේම මහත් වු දිව්‍ය අශ්ව රුපයක් මවා සක්වළගල පුරාවට, යුගන්ධරා දි සත්කුලපච්වන් පුරාවට යි දසදහස් වාරයක් දුවවා, නැවත ක්ෂණයකින් ,පළමු අශ්ව රුපයෙන් මුළු සක්වළ පුරාවට බලු බැලු දිශාවන්හි අපමණ වු අශ්ව සේනාව දක්වාලන්නට විය. නැවත, ඒ මහත් අශ්ව සේනාව එක් අශ්ව රුපයක් කොට මුළු ලොවට ඇසෙනසේ හෙෂාරව කරන්නට විය.එසේ කොට 

    “මම ය, දෙවියෙක් බඹෙක් නොවෙමි, යශොධරා සථවිරිමි” යි හඩගා කීවාය.පෙර සේම දිව්‍ය මනුෂ්‍යන් මහා සෙනග සාධුකාර දෙන්නට විය.

▪️ඒ පෙළහරද නවතා ,නැවත එම මෙහෙණි වේශයෙන් පෙනී සිට ,

    “සත්වයනි! කල්පය අවසානයේ හමනා වාතයෙහි මහා පර්වත රාජයන් ආකාශයට නැගෙන බවත් ,එයින් ඒවා එකිනෙක වැදී සුණු විසුණු වන බවත් , පුලුන් පෙද සේ මහා වාතයේ භ්‍රමණය වන බවත්. මාගේ බුදුහු සද්ධම්යෙන් තොපට දක්වා වදාළසේක.මම ඉර්ධි බලයෙන් දැන් ඒ ආකාරයෙන් පෙන්වාලමි.සිත් සේ බලව" යි කියන්නාක් මෙන්, ආකාශයේ 'කල්පාන්තවාතය' සේ මහාවාත මණ්ඩල‍යක් මවා, මහා පවතරාජයන් පොළොවින් නැඟි, සුළං වේගයෙන් ඒ ඒ දිශාවේ පාවී යන්නා සේද ,පුළුන් මෙන් සුළගේ භ්‍රමණය වන්නා සේද දක්වා මහා පෙළහරක් පා , බුදුන් පිදු සේක. එවේලෙදීත් මුළුලෝ විස්මයට පත්විය.

▪️නැවත, ඒ පර්වතයන් අන්තර්ධාන කොට අහස්කුස මහා සමුද්‍රයක් මවා.දසදහස් ගණන් රළ මව‍ා ,දසදහස් යොදුන් දිව්‍ය මත්ස්‍ය රුපයක් මවා, කන්පත් වරල්පත් ලෙලවමින් , මහමුහුදේ  හැසිරෙන්නා සේ දක්වා, 'ජලරාජ' නම් වු සෘධි පුජාවක් කළ සේක.එ වේලෙහිදීත් මුළු ලෝ විස්මයට පත් විය.

▪️ඒ ප්‍රාතිහාර්ය නවතා- නැවත, 

    “සත්ත්වයෙනි! දහවල් කාලයේ තරු පිරිවරාගත් සඳක් දැක තිබේද ?” යි කියාලා යොදුන් 49 ක් විශාල සඳමඩල මවා, ඒ වටා තවත් මඬුලු මවා, රාජ ග්‍රහ තරු අට හා නක්ෂත්‍ර තාරකාවන් විසිහත් දෙනා හා පාදයන් එකසිය අටදෙනා හා රාසිග්‍රහයන් දොළොස් දෙනා හා දසදහස් ගණන් තරු මවා,  අසාමාන්‍ය වු චන්ද්‍රවිමාන නම් සෘධි පුජාවකින් බුදුන් පුදා 

    “සත්ත්වයෙනි ! මමය, සඳදෙවියෙක් නොවෙමි, ගෞතම නම් බුදුරජාණන්ගේ පාරමිතා නමැති කෞමදයන් පුබුදු කරවා දීලු ය‍ශොධරා චන්ද්‍රිකාවෝ නම් මමය “ යි තුන්ලොවට ඇසෙන සේ හඩගා කි සේක. 

(එවෙලෙහි උපන් සන්තෝෂයෙන් තුන්ලෝ පුරාසිටි දිව්‍ය ස්ත්‍රී මනුෂ්‍ය ස්ත්‍රී  සේනාවෙන් “මමද මතු බුදුවන උත්තමයෙක්ම හට පාදපරිචාරිකා වේවා! මෙබදු වු ශ්‍රියාවක් මටත් වේවා ,මෙබඳු වු පෙළහරෙක් මටත් වේවා” යි කිය කියා ප්රා‍ර්ථනා නොකල එකදු ස්ත්‍රියක් නැති තරම්ය.) සියල්ලෝම එක සේ පතමින්, සාධුකාර දුන්හ.

▪️ඒ ප්‍රාතිහාර්යද නවතා- නැවත, පනස් යොදුන් හිරු මඩල මවා, දහසක් රසකඳු දස දිග විහිදුවා 

   “සත්වයෙනි! මමය සූර්ය දෙවතාවා නොවෙමි. යශොධරා සථවිරිමි” යි හඬ ගා කියා සියලු සත්වයන් ප්‍රබෝධ කරවා බුදුන්ට 'සුර්යවිමාන' නම් වු අසාමාන්‍ය වූ සෘධි පුජාවක් කළසේක.

▪️ඒ ප්‍රාතිහාර්ය නවතා- නැවත, යොදුන් දසදහස් ගණන් උස මහමෙර මවා ඒ පිටින් මෙපිට පෙරළ පෙරළා සතර දිග, සතර වර්ණය වෙන වෙනම දක්වා අති විශාල වූ සත්සයුරුද , සත් කුළු පවුවන්ද වෙන වෙන ම දක්වා වු සෘධි පුජාවක් කළ සේක,

▪️ඒ ප්‍රාතිහාර්ය නවතා- නැවත, ශ්‍රක්‍ර පුරයෙහි රුවන් දොරටු දහසද , රුවන් පවුරු දෙසිය පනහ ද.විවිධ උයන් පොකුණුද ,වෛජයන්ත ප්‍රාසාදයද , සුධර්මා නම් දිව්‍ය සභාවද , යනාදි වු විවිධ විශේෂ ස්ථානද, මේ සියල්ල දාම් ලෑල්ලක දාම් ඉත්තන් පෙන්වන්නා සේ ඉතා පැහැදිලිව දක්වන්නට විය.නැවත ශක්‍රයා දෙවඟනන් පිරිවරා පාණ්ඩුකම්බල ශෛලාසනයහි පැනනැගි හුන් ලීලාවද , දිව්‍ය පිරිස් පිරිවරා සුදර්ශන නම් රන් වීථියේ ඇති ශ්‍රී විභුතිය, තෙතිස්කුඹෙහි වෙන වෙන මැවූ දළින් හා දළෙහි මැවූ දිව්‍ය පොකුණෙන්  හා පොකුණෙහි මැවු පියුම්ගසින් හා ගසෙහි මැවු පියුමෙන් හා පියුමෙහි පියුමෙහි මැවු පෙති පෙත්තෙන් හා පෙත්තෙහි පෙත්තෙහි බැස නටන දිව්‍යාංගනා පෙළින් හා  සැදුම් ලද ඓරාවන නම් දිව ඇත් රජහු පැන නැගි දෙදෙවුලොව දෙවියන් ගෙන ඔහු නඳුනුයන් නිකුත් දිව්‍ය ශ්‍රී දෑ යි යනාදි වසයෙන් සක්‍රයාගේ රුප‍ය මවා පෑ  සේක. එකෙනෙහි එතැනට රැස්වු දසදහසක් සසක්වළ, දසදහසක් ශක්‍ර දේවේන්ද්‍රයෝ 

     “කොල! මු කොයි ශක්‍ර කෙනෙක් දැ” යි කිය කියා දොහොත් මුදුන් දි වැඳ සාධුනාද පුජා කළහ.

එ වෙලෙහි 

    “සත්වයෙනි! මමය. ශක්‍ර දෙවියෙක් නොවෙමි, තමන් මවු කුසින් උපන් වේලෙහි දස දහසක් ශක්‍ර දේවේන්ද්‍රයන් අතින් වැඳුම් ගන්නා ලැබූ, ගෞතම නම් බුදුරජාණන් ගිහිව වසන කල, අග මෙහෙසීන් යශොධරා දේවිමි” යි හඬගා කී සේක . එවේලෙහි මුළුලොව සාධුනාදයෙන් ඒක නින්නාද විය.  

 (මමද බුදු වේවා යයි ප්‍රර්ථනා නොකළ එකද පුරුෂයෙක් නැතැයි සිතමි, මමද මහා බෝසතාණන් කෙනෙකුට සසරදී පතිනියක් වේවායි නොපතා සිටි එකද ස්ත්‍රියක් නැතැයි සිතමි, ඒ මොහොතේ සන්තෝෂයෙන් සතුටු කඳුළෙන් නුවන් නොතෙමු එක ද පෘථග්ජන කෙනෙක් නැතැයි සිතමි.)

▪️නැවත ඒ ශක්‍ර රුපය අන්තර්ධාන කොට සක්වළ දහසක් වසා සිටිනා තරම් මහත් වු දිව්‍ය රුපයක් මවාගෙන , එක් පතුලක් ඔසවාගෙන, දහසක් සක්වළ වසා තබමින්, අනික් පත්ළෙන් අනික් දහසක් සක්වළ වසා තබමින්, මෙසේ දහසක් සක්වල ට පියවරක් පියවරක් බැගින් තබමින් කුඩා කාලයක් ඇතුලත අනන්තාපර්‍යන්ත වු සක්වළ ඇවිද "බුදුහු"ය යි යන නාම මාත්‍රාවක්  නොඇසු විරු සත්ත්වයන්ට, මේ මගුල් සක්වළ බුදුන් උපන් බවු අස්වා, බුදුන්ගේ නාමය ද අස්ව අස්වා තුන් රුවනේ නම් කියකියා ඇසිල්ලෙකින් මේ සක්වළට පැමිණි “මම ය, යශොධරා දේවිමි” යි හඩග‍ා කි දැය. ඒ ශබ්දය නොඑක් සක්වලට ඇසිණ. ඒ වෙලාවේදීත් තුන්ලොව පුරා සිටි දිව්‍ය මනුෂ්‍ය සේනාව අප්‍රමාන වූ සාදු නාද පුජාවෙන් බුදුන් පිදුහ.

එවේලෙහි යශෝධරා මහතෙරණිය විසින් දැක්වු විවිධ පෙළහර පුජා හා විවිධ සත්වයන් කළ අද්භුත පුජාවන් වෙන වෙනම විශෙෂයෙන් ගතහොත් ඉතා මහත් බව සදහන් කරන්නට කැමැත්තෙමි.

▪️මෙසේ නොයෙක් පෙළහර මගින් මුළුලො‍වම විස්මයට පත් කරවා, තමන් වහන්සේගේ නොයෙක් සෘධි බල පෙන්වා , පුබ්බේ නිවාසනුස්‌සති ඤාණ සෘධි දක්වා මේ මහපිරිසට දේශනාවක් කෙරෙමි යි සිතා ඒ දිව්‍ය රුප‍ය අන්තර්ධාන කොට දොළොස් යොදුන් මහ බඹ වෙසක් මවා දෑතේ දස ඇඟිල්ලෙන් රැස් කදන් දහයක් නිකුත් කර දසදහසක් සක්වළ ඒකාලොක කරවමින් මුළුලොවට පෙනී ආකාශයෙහි පලක් බැඳ වැඩහිඳ සේක. එකෙණෙහි එක්ලක්ෂ පනස් දහසක් බ්‍රහ්ම රාජයන් ආදිවු සියලු දිව්‍ය මනුෂ්‍ය සේනාව 

   "අහෝ සාධු ! අහෝ සාධු! යි එකපැහැර කියා, "හිමියනි නුඹ කවර සක්වළෙකින් වැඬි බ්‍රහ්ම රාජයාණැන් කෙනෙක් ද? , මේ දස දසහසක් සක්වළම බ්‍රහ්ම රාජයෝ නුඹට වඳිනාහ, පුදනාහ. නුඹගේ බ්‍රහ්ම ශරීරයෙන් විහිදෙන්නා වූ රැස් කදම්බය නිසා දසදහසක් සක්වලම බ්‍රහ්මයෝ සියල්ල කණා මැදිරියන් සේ නිෂ්ප්‍රභා වූහ. නුඹ කවුරුදැ” යි දැන දැන ම තමන් වහන්සේ ගේ සිංහනාද අසන නිසා විචාළ කල්හි 

   “සත්ත්වයෙනි! මම දෙවියක් බඹෙක් නොවෙමි. ගෞතම නම් බුදුරජාණන්ට සංසාරයෙහි පක්ෂපාතව ආ එක්තරා එක් කුලදුවකිමි...............,"

මෙසේ කියා, පුබ්බේ නිවාසනුස්‌සති ඤාණ සෘධියක් ලෙසද සංසාරයෙහි බුදුරජාණන්ට පක්ෂපාතව පැමිණි ආකාරය දක්වාලිමට අවස්ථා 23ක උදාහරණ දක්වාලමින් දේශනයක් කරන්නට විය


Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

Extracts form " Light of Asia " by Sir Edwin Arnold