Posts

Showing posts from December 1, 2024

බුදුන් වහන්සේට කල ප්‍රථම සැය -ගිරිහඩූ සෑය The Fisrt Offering of a Dagba to Buddha ( Pagoda byTwo Sri Lankans )

Image
බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් නිධන් කොට තැනූ තිරියාය ගිරිහඬු සෑයයි. බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුරජානන් වහන්සේට විලඳ, මී පැණි, අත්සුණු ආදියෙන් සමන්විත පළමු දානය පුජා කරන ලද්දේ ගැල් පුරා වෙළඳ බඩු රැගෙන ගිය තපස්සු හා භල්ලුකනම් වූ වෙළඳුන් දෙ දෙනෙකු විසිනි. එම පුජාව පිළිගත් බුදුරජාණන් වහන්සේගේ පුණ්‍යාණුමෝදනාවෙන් සිත් පහදවාගත් මේ වෙළඳුන් බුදුන් දහම් සරණගොස් බෞද්ධෝපාසකයන් වී වැඳුම්පිදුම් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් යමක් අයැද සිටින ලදී. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ තම හිස පිරිමැද කේශ ධාතුන් ස්වල්පයක් දුන් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ‌වේ. මේ කේශ ධාතූන් රන් කරඬුවක තැන්පත් කොට වෙළඳාමේ යද්දී වන්දනා මාන කිරීම සඳහා රැගෙන ගොස් ඇත. ඒ වෙළඳුන් වෙළඳාම සඳහා ගිය බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය ලංකාව ආදී රටවලදී එම කේශ ධාතූන් දෙනම බැගින් තැන්පත්කොට දාගැබ් පිහිටවූ බව කියති. බුරුමයේ රැන්ගුන් සෑයේ නිධන් කොට ඇත්තේ කේශ ධාතූන් බව සැලකේ. එමෙන්ම හියුන්සාන්නම් චීන භික්ෂුන්වහන්සේගේ ගමන් විස්තරවල ඇෆ්ගනිස්ථාන‌ෙයේ දී  කේශ ධාතූන් නිධන් කොට තැනූ චෛත්‍යයකට වන්දනාමාන කරනු දුටු බව ලියා තිබේ. ලක්දිවට වෙළඳාම සඳහා ප...