Posts

නිවන අපේක්ෂා කරන ඔබ සිත සහ මනස ගැන අවධානය යොමු වැදගත් කම It is important for you who are aspiring for Nibbana to pay attention to your mind and your heart.

Image
  නිවන අපේක්ෂා කරන ඔබ සිත සහ මනස ගැන අවධානය යොමු වැදගත් කම  සසර ගමන දික්කරන්නෙත් භාවය හෙවත් ආත්මය තීරණය කර එයට අනුරූපව බුදු දහමේ පෙන්වන ප්‍රතිසන්ධි තල තිස් එකෙන් එක ස්ථානයක ඔබට ලෝකයක් ( භවයක් ) නිර්මාණය කරන්නෙත් ඔබගේ සිතමය . සිතේ මෙහෙයවීම සහ සම්බන්ධය මනස හා බැඳී පවතී . ඒ බව  “මනෝ පුබ්බ්න් ගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝ මයා “ යන ගාථා පාඨය මැනවින් සාක්ෂි දරයි . අනෙක අප බුදු රජාණන් වහන්සේ සඳහන් කර ඇති පරිදි “ චේතනාහං   භික්කවේ කම්මං  වදාමි “ චේතනාව කර්මය ලෙස සටහන් වන බව පවසා ඇත . අප සෑම භවයක දිම ඊට අනුරූපව සිත - කය - වචනය ඇසුරෙහි කර්ම රැස්  කරයි .එනම් පුඤ්ඤාභි සංස්කාර සහ  අපුඤ්ඤාභි සංස්කාර වේ . අප සිත නිතරම කුසල් සහ අකුසල් සංස්කරණය කරමින් විඤ්ඤානය ශක්තිමත් කරන අතර පටිච්ච සමුප්පාදයේ පෙන්වන ආකාරයට “අවිජ්ජා  පච්චයා සංඛාරා “ ලෙස දැක්විය හැකිය . එනක් අවිද්‍යාව නිසා කුසල් සහ අකුසල් සංස්කරණය ( සාදාගෙන ) කර  විඤ්ඤානය ඇති කර ගනී  එනම් “සංඛාර පච්චයා විඤ්ඤානං “ ලෙසට පටිච්ච සමුප්පාදයේ පෙන්වා ඇත . ඔබ කුසල් සහ අකුසල් ඇසුරෙන් ඇති කරගන්නා  විඤ්ඤානයේ ප...

නිවන - සිත - මනස निर्वाण - मन - मन Nirvana - Thoughts - Mind

Image
  නිවන - සිත - මනස  නිවන අප  විඳින්නේ කෙසේද ? නිවන යන ස්වභාවය ශරීරයක් ඇතිව මරණයට ප්‍රථම නිවන් අවබෝධ කරගත් කෙනෙකුට විඳිය හැකි අතර , මරණයෙන් පසු එම ස්වභාවය අත් විඳින්නේ සිත සහ මනස විසිනි . සිත සහ මනස යන දෙකම අතින් අල්ලා ගත නොහැකි අපගේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර නොවන දෙකකි . එනම් පංච ඉන්ද්‍රියන් නොමැති තත්වය නිසාය. පංච ඉන්ද්‍රියන් ඇතිව වුවද නිවන පුර්ණ ලෙස  එයට ගෝචර නොවේ .  රූප - වේදනා - සංඥා - සංස්කාර - වින්ඤ්ඤාන යන පංචස්කන්දය බැහැර වූ පසු නිවන තුල - කිසිවක් නොමැති අතර භව නිරෝධය ඇතිවේ . එනම්   පංචස්කන්දය නැවත වින්ඤ්ඤානය හරහා සිත නුපදී. නැවත පුද්ගල උපතක් නැත.  පුද්ගලයා යනු සිත තුල ඇති කෙලෙස් මගින් නිර්මාණය කරන  නවාතැන් පොළකි .එනම් පංචස්කන්දයකි . එය තිරිසන් , ප්‍රේත ,  අසුර , නාග , දිව්‍ය , මනුෂ්‍ය ,සුපර්ණ , බ්‍රහ්ම හෝ නිරී සත්ව භවයක් ( පංචස්කන්දයක් ) විය හැක .     නිවන තුල බැඳීම් - ඇලීම් - ගැටීම් වලින් තොරවූ ශරීරයක් නොමැති සිත අසීමත සැනසුමක් ලබන අතර එය අපගේ ෙභෟතික ලොව තුල ලබන සැනසීමට වාඩා ඉතා වෙනස්ය . එය නිවන් අවබෝධ කරගෙන එම...

Happy Wesak for All Buddhists All over the World ලෝකවාසී සියලුම බෞද්ධයින්ට සුභ වෙසක් මංගල්‍යයක් වේවාदुनिया भर के सभी बौद्धों को वेसाक की शुभकामनाएँ

Image
 

පටිච්ච සමුප්පාදය (හේතු-ඵල දහම ) - Paticcha Samuppadaya (the doctrine of cause and effect)

Image
  පටිච්ච සමුප්පාදය (හේතු-ඵල දහම ) පටිච්ච සමුප්පාදය (හේතු-ඵල දහම) යනු  ගෞතම බුදුන් විසින්  දේශනා කළ ඉතා ගැඹුරු බෞද්ධ දර්ශනයකි. මෙයින් පෙන්වන්නේ “සියලු දේ හේතු සහ ප‍්‍රත්‍යයන් මත ඇතිවී නැතිව යනවා” යන සත්‍යයයි. කිසිවක් අහඹුවෙන් හෝ ස්ථිර ආත්මයක් මත නොපවතින බව මෙය පැහැදිලි කරයි. පටිච්ච සමුප්පාදයේ අර්ථය පටිච්ච සමුප්පාදයේ අර්ථය “පටිච්ච” = හේතුවක් හෝ ආධාරයක් ඇසුරින් “සමුප්පාද” = උපත ලැබීම / ඇතිවීම එනම්, “හේතු ඇති විට ඵල ඇතිවේ. හේතු නැති විට ඵල නැතිවේ.” මෙය “හේතු-ඵල නියමය” ලෙසද හැඳින්වේ. ද්වාදශ නිදාන (12 Links) 1. අවිජ්ජා පච්චයා සංඛාරා අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවේ චතුරාර්ය සත්‍ය නොදැනීම අවිජ්ජාවයි. අනිත්‍ය, දුක්ඛ, අනත්ම ස්වභාවය නොදැනීම. මේ අඳුරුභාවය නිසා පුද්ගලයා කර්ම රැස් කරයි. උදාහරණය: ලෝක සම්පත් සදාකාලිකයි කියා සිතා ලෝභයෙන් ක්‍රියා කිරීම. 2. සංඛාරා පච්චයා වින්ඤ්ඤානං සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ සංඛාර යනු චේතනාත්මක කර්ම. ඒ කර්ම ශක්තිය අනුව චිත්ත ප්‍රවාහය ගමන් කරයි. 3. වින්ඤ්ඤාන පච්චයා නාමරූපං විඤ්ඤාණය නිසා නාම-රූප ඇතිවේ “නාම” = වේදනා, සඤ...

ආර්ය අෂ්ටාංගික මාර්ගය The Noble Eightfold Path आर्य अष्टांगिक मार्ग

Image
ආර්ය අෂ්ටාංගික මාර්ගය आर्य अष्टांगिक मार्ग The Noble Eightfold Path  ( The Only Path to Nibbana ( Deathless State )  මෙය ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස බුදුදහමේ ඉතාම වැදගත් මාර්ගයකි. දුක් නසමින් නිවන් මඟ කරා යාම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාවයි. සම්මා දිට්ඨි – නිවැරදි දැක්ම / සත්‍ය අවබෝධය සම්මා සංකප්ප – නිවැරදි සිතුවිලි / යහපත් අභිප්‍රාය සම්මා වාචා – නිවැරදි කථාව සම්මා කම්මන්ත – නිවැරදි ක්‍රියා සම්මා ආජීව – නිවැරදි ජීවනෝපාය සම්මා ව්‍යාම – නිවැරදි උත්සාහය සම්මා සති – නිවැරදි සිහිය / අවධානය සම්මා සමාධි – නිවැරදි එකාග්‍රතාවය මෙම අංග 8 තුනක් ලෙසද බෙදේ: ප්‍රඥා (Paññā) සම්මා දිට්ඨි සම්මා සංකප්ප ශීල (Sīla) සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සමාධි (Samādhi) සම්මා ව්‍යාම සම්මා සති සම්මා සමාධි බුදුදහම අනුව මෙම මාර්ගය අනුගමනය කිරීමෙන් සිත පිරිසිදු වී දුකින් මිදීමේ මාර්ගය විවෘත වේ. This is a very important path in Buddhism, known as the Noble Eightfold Path It is the middle path that the Buddha preached to end s...

නිවන් උදාකරගන්නේ කෙසේද ? निर्वाण कैसे प्राप्त करें? How to attain Nirvana?

Image
  නිවන් උදාකරගන්නේ කෙසේද ? සියලු දෙන බුදු දහම අනුගමනය කරමින් “නිවන් සුව “ ප්‍රර්ථනා කරති. කෙනෙක් මිය ගිය විට පාන්සකුලය දෙමින්ද , මිය ගිය අය හට නිවන් සුව පතති . නිවන් සුව ලැබේවායි සඳහන් බැනර් එල්ලා  තබයි . ඇත්තටම මිය ගිය අයට නිවන් සුව ලැබේද ? නැතිනම් ඔහු හෝ ඇය නිවන උදාකරගනිවිද ? නැත . නිවන් මග විවර කර ගැනීමට නම් , ඔබ ප්‍රථමයෙන් බුද්ධ , ධම්ම සහ සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල හෙවත් නොසැලෙන භක්තිය ඇති කරගෙන නිවන අරමුණු කරගෙන දස කුසල් වඩමින් “ සෝතාපන්න තත්වය “ හෙවත් නිවන් මගට පිවිසීමට ඔබ තුල ඇති සක්කාය දිට්ඨි , විචිකිච්ඡා සහ සිලබ්බත , පරාමාස යන මුලික කෙලෙස් දුරු කර ගත යුතුය . එවිට ඔබ නිවන් මගට මුලික ලෙසට පිවිසී ඇතැයි කිව හැකිය .එවිට ඔබට දුක් ඇති උපතක් නොලැබී සුගතියක උපත ලබා නිවන් මග ශක්තිමත් කිරීමට අවශ්‍ය භාවනා වශයෙන් වැඩිය යුතු කුසලයන් සම්පුර්ණ කරමින් දස පාරමිතා සම්පුර්ණ කල හැකිය .  දස පාරමිතා සම්පුර්ණ කරමින් , භාවනා වශයෙන් වැඩිය යුතු  බුද්ධානුස්සති , ආනාපානාසති හෝ මෙත්තානුස්සති භාවනා නිතර වඩන්න .  එවිට බුදු , පසේ බුදු හෝ මහා රහත් යන උත්තමයන් මනු ලොව වැඩ සිටි...

යමක මහා ප්‍රාතිහාර්යය A great miracle Only a Lord Buddha Coould Perform एक महान चमत्कार जो केवल भगवान बुद्ध ही कर सकते थे

Image
  යමක මහා ප්‍රාතිහාර්යය A great miracle Only a Lord Buddha Coould Perform किसी तरह का एक बड़ा चमत्कार බුද්ධ චරිතය දෙස බලන විට අපට හමුවන අතිශය විස්මිත සහ ගාම්භීර අවස්ථාවක් තමයි "යමක මහා ප්‍රාතිහාර්යය" හෙවත් "යුගල ප්‍රාතිහාර්යය" කියලා කියන්නේ. "යමක" කියන වචනයේ තේරුම "දෙකක්" හෝ "යුගලක්" යන්නයි. එකිනෙකට ප්‍රතිවිරුද්ධ ස්වභාවයන් දෙකක් එකම මොහොතක ශරීරයෙන් නිකුත් කිරීම මෙහි ඇති විශේෂත්වයයි. මොකක්ද මේ විස්මිත ක්‍රියාව? බුදුරජාණන් වහන්සේ අහසට පැන නැගී සමාධියට සම වැදී, තම ශරීරයේ උඩ කොටසින් ගිනි කඳන් ද, පහළ කොටසින් ජල ධාරාවන් ද එකවර නිකුත් කරන​වා. නැවත පහළින් ගිනි කඳන් ද, උඩින් ජල ධාරාවන් ද විහිදන​වා. එමෙන්ම: ශරීරයේ දකුණු පැත්තෙන් ගින්දරත්, වම් පැත්තෙන් ජලයත්, දකුණු ඇසෙන් ගින්දරත්,  වම් ඇසෙන් ජලයත්, කන් සිදුරු වලින්, නාසයෙන් මේ ආකාරයටම ගින්දර සහ ජලය එකවර විහිදනවා. බුදු හිමියන් මේ පෙළහර අවස්ථා දෙකකදී සිදු කළා: 1. නෑදෑයන්ගේ මානය බිඳීමට (කිඹුල්වත්පුරයේදී): තමන් වහන්සේගේ ශාක්‍ය නෑදෑයන් "මොහු අපේ බෑණාය, මුනුබුරාය" කියා වැඳීමට අකමැති වූ විට, ඔව...