යමක මහා ප්‍රාතිහාර්යය A great miracle Only a Lord Buddha Coould Perform एक महान चमत्कार जो केवल भगवान बुद्ध ही कर सकते थे

 


යමක මහා ප්‍රාතිහාර්යය

A great miracle Only a Lord Buddha Coould Perform

किसी तरह का एक बड़ा चमत्कार


බුද්ධ චරිතය දෙස බලන විට අපට හමුවන අතිශය විස්මිත සහ ගාම්භීර අවස්ථාවක් තමයි "යමක මහා ප්‍රාතිහාර්යය" හෙවත් "යුගල ප්‍රාතිහාර්යය" කියලා කියන්නේ. "යමක" කියන වචනයේ තේරුම "දෙකක්" හෝ "යුගලක්" යන්නයි. එකිනෙකට ප්‍රතිවිරුද්ධ ස්වභාවයන් දෙකක් එකම මොහොතක ශරීරයෙන් නිකුත් කිරීම මෙහි ඇති විශේෂත්වයයි.

මොකක්ද මේ විස්මිත ක්‍රියාව?


බුදුරජාණන් වහන්සේ අහසට පැන නැගී සමාධියට සම වැදී, තම ශරීරයේ උඩ කොටසින් ගිනි කඳන් ද, පහළ කොටසින් ජල ධාරාවන් ද එකවර නිකුත් කරන​වා. නැවත පහළින් ගිනි කඳන් ද, උඩින් ජල ධාරාවන් ද විහිදන​වා.


එමෙන්ම:


ශරීරයේ දකුණු පැත්තෙන් ගින්දරත්, වම් පැත්තෙන් ජලයත්,


දකුණු ඇසෙන් ගින්දරත්, 


වම් ඇසෙන් ජලයත්,


කන් සිදුරු වලින්, නාසයෙන් මේ ආකාරයටම ගින්දර සහ ජලය එකවර විහිදනවා.


බුදු හිමියන් මේ පෙළහර අවස්ථා දෙකකදී සිදු කළා:


1. නෑදෑයන්ගේ මානය බිඳීමට (කිඹුල්වත්පුරයේදී): තමන් වහන්සේගේ ශාක්‍ය නෑදෑයන් "මොහු අපේ බෑණාය, මුනුබුරාය" කියා වැඳීමට අකමැති වූ විට, ඔවුන්ගේ ඒ නිශ්ඵල මානය දුරු කර ධර්මය ඇසීමට සුදුසු මනසක් සකස් කිරීමට මෙය කළා.

2. අන්‍ය තීර්ථකයන් පරාජය කිරීමට (සැවැත් නුවරදී): බුදු දහමට එරෙහිව වැරදි මත වැපිරූ අන්‍ය තීර්ථකයන්ගේ මත බිඳ දමා සැබෑ සත්‍යය ලොවට පෙන්වීමට ගණ්ඩබ්බ රුක් මූලයේදී මෙම පෙළහර පෑවා.


සැබවින්ම ගින්දර සහ ජලය එකම මොහොතක ශරීරයෙන් නිකුත් විය හැකිද?


ගින්දර නිකුත් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ "තේජෝ කසිණය​ට"  සම වදින සේක. ජලය නිකුත් කිරීම සඳහා "ආපෝ කසිණය​ට" සම වදින සේක. ධර්මතාවයට අනුව සිතකට එකවර අරමුණු දෙකක් ගත නොහැක. එනම්, ගින්දර සහ ජලය එකම සිතකින් මැවිය නොහැක. මෙහි ඇති ආශ්චර්යය වන්නේ බුදුරජාණන් වහන්සේගේ සිතේ ඇති අතිමහත් වේගයයි. උන්වහන්සේ තේජෝ කසිණ සමාපත්තියට සමවැදී ගින්දර මවා, ක්ෂණයකින් එයින් නැගී සිට ආපෝ කසිණ සමාපත්තියට සමවැදී ජලය මවන සේක. මෙම සමාපත්ති දෙක අතර මාරු වීම කෙතරම් වේගවත්ද යත්, එය මනුෂ්‍ය ඇසට පෙනෙන්නේ එකම මොහොතක සිදුවන්නක් ලෙසයි.




අනෙකුත් රහතන් වහන්සේලාටද සෘද්ධි බල තිබේ. නමුත් මෙලෙස අතිවේගයෙන් සමාපත්ති මාරු කිරීමේ හැකියාව ඇත්තේ බුදුවරයෙකුටම පමණි. අභිධර්මයට අනුව බුදුරජාණන් වහන්සේ සතු "යමක පාටිහාරිය ඥානය" නිසා මෙම චිත්ත වීථි මාරු කිරීමේ වේගය ඕනෑම සෘද්ධිමතෙකුට වඩා කෝටි ප්‍රකෝටි ගුණයකින් වැඩිය. මෙම ප්‍රාතිහාර්යයේදී නිකුත් වන ගිනි සහ ජල ධාරාවන්ගෙන් විහිදෙන ආලෝකය මුළු විශ්වය පුරාම විහිදී යයි.

මෙවැනි ප්‍රාතිහාර්යයක් කිරීමට නම් සිත සහ කය පිළිබඳව අතිමහත් පාලනයක් තිබිය යුතුයි. එය කළ හැක්කේ ලොවටම අනුත්තර වූ බුදු කෙනෙකුටම පමණයි. මෙය හුදෙක් ප්‍රදර්ශනයක් නොව, මහා ප්‍රඥාවක සහ මහා බලයක සංකලනයක්.


When we look at the Buddha's character, one of the most amazing and solemn moments we encounter is the "Yamaka Maha Pratiharya" or "Yugala Pratiharya". The word "Yamaka" means "two" or "pair". The special thing here is that two opposite natures are emitted from the body at the same time. What is this amazing act? The Buddha leaps into the sky, reaches samadhi, and simultaneously emits streams of fire from the upper part of his body and streams of water from the lower part. Again, streams of fire are emitted from the lower part and streams of water are emitted from the upper part. Also: Fire from the right side of the body, water from the left side, Fire from the right eye, Water from the left eye, Fire and water are emitted simultaneously from the ear holes and from the nose in this way. The Buddha performed this procession on two occasions: 1. To break the pride of his relatives (at Kimbulwathpura): When his Sakya relatives did not want to bow down to him saying, "He is our nephew and grandson," he did this to remove their vain pride and prepare a mind suitable for hearing the Dhamma. 2. To defeat other Tirthakas (at Savatthi): He performed this procession at the root of the Gandabba tree to break the beliefs of other Tirthakas who had spread false ideas against Buddhism and to show the true truth to the world. Can fire and water really be released from the body at the same time? To release fire, the Buddha used the "Tejo kasina" (fire-breathing). To release water, he used the "Apo kasina" (fire-breathing). According to the Dharma, a mind cannot have two purposes at the same time. That is, fire and water cannot be created by the same mind. The miracle here is the incredible speed of the Buddha's mind. He creates fire by reaching the Tejo-Kasina state, and then rises from it and reaches the Apo-Kasina state, creating water. The transition between these two states is so rapid that it appears to the human eye to happen in a single moment. Other arahants also have the power of srudhi. But only a Buddha has the ability to switch states at such a rapid pace. According to Abhidhamma, due to the "knowledge of the infinite" possessed by the Buddha, the speed of this mental transition is billions of times greater than that of any other arahant. The light emitted by the streams of fire and water during this miracle spreads throughout the entire universe. To perform such a miracle, one must have immense control over the mind and body. Only the Buddha, who is unique in the world, can do that. This is not just a show, but a combination of great wisdom and great power.


जब हम बुद्ध के किरदार को देखते हैं, तो सबसे कमाल के और गंभीर पलों में से एक जो हमें मिलता है, वह है "यमक महाप्रातिहार्य" या "युगल प्रातिहार्य"। "यमक" शब्द का मतलब है "दो" या "जोड़ा"। यहाँ खास बात यह है कि शरीर से एक ही समय में दो अलग-अलग स्वभाव निकलते हैं। यह कमाल का काम क्या है? बुद्ध आसमान में छलांग लगाते हैं, समाधि में जाते हैं, और एक ही समय में उनके शरीर के ऊपरी हिस्से से आग की धाराएँ और निचले हिस्से से पानी की धाराएँ निकलती हैं। फिर, निचले हिस्से से आग की धाराएँ और ऊपरी हिस्से से पानी की धाराएँ निकलती हैं। इसके अलावा: शरीर के दाहिने हिस्से से आग, बाईं तरफ से पानी, दाईं आँख से आग, बाईं आँख से पानी, इस तरह कान के छेदों और नाक से एक साथ आग और पानी निकलते हैं। बुद्ध ने यह जुलूस दो मौकों पर निकाला: 1. अपने रिश्तेदारों का घमंड तोड़ने के लिए (किम्बुलवथपुरा में): जब उनके शाक्य रिश्तेदार यह कहकर उनके सामने झुकना नहीं चाहते थे कि, "यह हमारा भतीजा और पोता है," तो उन्होंने उनका घमंड दूर करने और धम्म सुनने के लिए मन तैयार करने के लिए ऐसा किया। 2. दूसरे तीर्थकों को हराने के लिए (सावत्थी में): उन्होंने बौद्ध धर्म के खिलाफ गलत विचार फैलाने वाले दूसरे तीर्थकों की मान्यताओं को तोड़ने और दुनिया को असली सच्चाई दिखाने के लिए गंडब्बा पेड़ की जड़ में यह जुलूस निकाला। क्या सच में शरीर से आग और पानी एक ही समय में निकल सकते हैं? आग निकालने के लिए, बुद्ध ने "तेजो कसीना" (आग छोड़ना) का इस्तेमाल किया। पानी निकालने के लिए, उन्होंने "अपो कसीना" (आग छोड़ना) का इस्तेमाल किया। धर्म के अनुसार, एक मन एक ही समय में दो मकसद नहीं रख सकता। यानी, एक ही मन से आग और पानी नहीं बनाए जा सकते। यहाँ चमत्कार बुद्ध के मन की अविश्वसनीय गति है। वह तेजो-कसिन अवस्था में पहुँचकर आग बनाता है, और फिर उससे उठकर अपो-कसिन अवस्था में पहुँचकर पानी बनाता है। इन दोनों अवस्थाओं के बीच बदलाव इतनी तेज़ी से होता है कि इंसानी आँखों को ऐसा लगता है कि यह एक ही पल में हुआ है। दूसरे अरहंतों में भी श्रुति की शक्ति होती है। लेकिन सिर्फ़ बुद्ध में ही इतनी तेज़ी से अवस्थाएँ बदलने की क्षमता होती है। अभिधम्म के अनुसार, बुद्ध के पास "अनंत का ज्ञान" होने के कारण, इस मानसिक बदलाव की गति किसी भी दूसरे अरहंत की तुलना में अरबों गुना ज़्यादा होती है। इस चमत्कार के दौरान आग और पानी की धाराओं से निकलने वाली रोशनी पूरे ब्रह्मांड में फैल जाती है। ऐसा चमत्कार करने के लिए, मन और शरीर पर बहुत ज़्यादा कंट्रोल होना चाहिए। सिर्फ़ बुद्ध, जो दुनिया में अनोखे हैं, ऐसा कर सकते हैं। यह सिर्फ़ एक दिखावा नहीं है, बल्कि महान ज्ञान और महान शक्ति का मेल है।



Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

භාරතයේ අනෝමා නදියෙන් ඉහළට ගිය සිද්ධාර්ථ තාපසතුමාගේ පාත්‍රයේ ධාතුව The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था