Posts

Showing posts from May 19, 2024

කතෘ වෙතින් ....කර්මය සහ සිත අනුව කර්මය ක්‍රියාත්මක වන අයුරු - How all your actions associated with Mind Unleash Happines and Suffering to you

Image
කතෘ වෙතින් .... කර්මය -  සිත අනුව කර්මය ක්‍රියාත්මක වන අයුරු     How all your actions associated wuth Mind Unleash Happines and Suffering to you  සිත ,කය සහ වචනය යන ද්වාර තුලින් ඔබ විසින් නිරතරයෙන් යහපත් (කුසල්) සහ අයහපත්  ( අකුසල්)  තම ජීවිත කාලය තුල නිරන්තරයෙන් සිදු කරයි  . එම යහපත් සහ අයපත් ක්‍රියා සිත මගින් සිත මුල්කරගෙනම ක්‍රියාත්මක වේ .එම නිසා සිත ඊට අදාලව යහපත් සහ අයහපත් ශක්තීන් සිත තුල තැම්පත් කරගනී . එම යහපත් සහ අයහපත් ශක්තීන් ආත්මයෙන් ආත්මයට සිත රැගෙන යන අතර ,නිසි කාලය පැමිණිවිට ඔබ සිටින භාවය හෙවත් ආත්මය අනුව එම ශක්තීන් ඔබට යහපත මෙන්ම අයහපත උදාකරයි . එබැවින් සිත නිතර පරිසම් කරගන්න . සිතින් කිසිවිට අයහපත් දෙය නොකරන්න ,නොසිතන්න  ඒ  මන්ද යත් සිත සියල්ලට ප්‍රධාන වන බැවිනි . සිත තනිව සිතට වුවමන පරිදි ක්‍රියාකර ඔබව  මෙහෙයවයි . සිත ධර්මයට අනුව එකඟ කරගන්න  නැතහොත් සිත තනිව ක්‍රියා කර ඔබ්ව දුකට සහ විපතට පත් කරයි . සිත යනු ඔබ - අප මෙහෙයවන ශරීරයක් නැති , අපව ජීවත් කරවන භාවයෙන් භාවයට අපව රැගෙන යන මහ ශක්තියකි . සිත සුලඟ වැනි වායුමය  ඇසට නොපෙනෙන මහා ශක්තියකි . සිත බුද්ධ දේශනය අනුව එකඟ කර ග

සාංඝික දානයක් පිරිනමන්නේ කෙසේද ? යයි විමසා බලමු - How to offer Alams to Buddhist Monka - The Correct Way

Image
  සාංඝික දානයක්  පිරිනමන්නේ කෙසේද ? යයි විමසා බලමු  එක් පසෙකින් භික්ෂු සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද මධ්‍යයේ තථාගතයන් වහන්සේ ද වඩා හිඳුවා දෙන බුද්ධ ප්‍ර‍මුඛ මහා දානය පළමුවන සාංඝික දානය ය. මේ දානය තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ද සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍ර‍තිමාවක් තබා දිය හැකි බව අටුවාවෙහි දක්වා තිබේ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උභය සඞ්ඝයා හට දෙන දානය දෙවන සාංඝික දානය ය. භික්ෂු සංඝයාට පමණක් දෙන දානය තෙවන සාංඝික දානය ය. භික්ෂුණී සංඝයාට පමණක් දෙන දානය සිවු වැනි සාංඝික දානය ය. මාගේ දානයට භික්ෂු සංඝයාගෙන් මෙ පමණ භික්ෂූන් වහන්සේලා ද භික්ෂුණී සංඝයාගෙන් මෙ පමණ භික්ෂුණීහු ද පැමිණෙන සේක්වායි පුද්ගල නියමයක් නැති ව නිමන්ත්‍ර‍ණය කොට පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය පස්වන සාංඝික දානය ය එසේ නිමන්ත්‍ර‍ණය කොට භික්ෂූන් වහන්සේලාට පමණක් දෙන දානය සවන සාංඝික දානය ය. එසේ නිමන්ත්‍ර‍ණය කොට භික්ෂුණීන්ට පමණක් දෙන දානය සත්වන සාංඝික දානය ය. මේ දාන සත අතුරෙන් මෙ කල දිය හැක්කේ තුන්වන, සවන දාන දෙක පමණයි. එක භික්ෂුවකට වුවද සවන සාංඝික දානය දිය හැකි ය. සවන සාංඝික දානය දිය යුතු සැටි මෙසේ ය. සංඝාරාමයකට
Image
මහා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ  සම්බුදු උපතින් සත් දිනක් ඇවෑමෙන් මහාමායා බිසව කලුරිය කිරීමෙන් පසු බෝසත් කුමරාගේ සියලු කටයුතුවල වගකීම පැවරුණේ මහා ප්‍රජාපතී ගෝතමි දේවියටයි. ‘බුද්ධ මාතාව‘ වීමට පෙරුම් පුරා සපැමිණි ඇය සිඟිති බෝසත් පුතුට කෙතරම් නම් සෙනෙහසක් දැක්වූයේ ද යත් ඇය තම කුසින් වැදූ නන්ද කුමරුන් කිරි මව්වරුන්ගේ භාරයට පත්කළ බෝසත් කුමරාගේ කටයුතු වෙනුවෙන් ජීවිතය කැප කළා… රාජ මාතාව, රාජ මෙහෙසිය, රාජ කුමරිය යන නාමයන් ස්ත්‍රීන් හට දුලභ නොවෙයි. නමුත් යම් ස්ත්‍රියක් හට ‘බුද්ධ මාතා’ වන නමක් වේ නම් එය ලෝකයේ පරම දුර්ලභයි. එම දුර්ලභ වාසනාව හිමිවන්නේ කල්ප ගණනකින් උපදින වාසනාවන්ත ස්ත්‍රී රත්නයකට ය. ගෞතම බුදුරදුන් නිසාම ඒ මහා වාසනාව ලද්දී මහා ප්‍රජාපතී ගෝතමී දේවිය යි. සිදුහත් කුමරා තම කුසින් නොවැදුවද ඇය එදා මෙදා තුර අප ගෞරවයෙන් වන්දනා කරන ගෞතම බුදු සසුනේ බුද්ධ මාතාවයි. බුද්ධ මාතාවක් වීමේ වාසනාව ලද ඇයම බුදුරදුන්ගේ ළවෙහි උපන් උතුම් ශ්‍රාවක දියණියක් වීම කෙතරම් නම් ආශ්චර්යයක් ද? දඹදිව දෙව්දහ නුවර ‘අඤ්ජන’ මහරජුට දාව ‘සුළක්ඛණා’ රජබිසව කුසින් උපත ලද මහා ප්‍රජාපතී ගෞතමිය රූප සම්පත්තියෙන් මෙන්ම ගුණ නැණ බලයෙන්ද

සිත ගැන නිතර අවධානයෙන් ඉන්න -වෙබ් අඩවියේ කතෘ වෙතින් - ( Some Usefull Buddhit Ideas from the Admin of the Web Site )

Image
මෙම වෙබ් අඩවියේ කතෘ වෙතින් සවනට වදනක් ....... Some Usefull Buddhit Ideas from the Admin of the Web Site  සිත ගැන නිතර අවධානයෙන් ඉන්න - සිත ඔබට සියල්ල ඇතිකරයි - එසේම සිත සියල්ල නැති කරයි  සිත පවතින්නේ කොහෙද ? සිත නිතරම අප හදවත සහ සිරුර පුරා දිවෙන ලේ  ධාතුව  ඇසුරුකර  පවතින බව බුද්ධ දේශනය තුල සඳහන්ව ඇත. එසේම  නිතරම අපට ඇසෙන ,"හිත හදාගන්න " " හිත සැහල්ලු කරගන්න " යන වදන් තුල යම්  සත්‍ය තාවයක් ඇත . අද අප ජීවත් වන සමාජයේ මිනිසුන්ට ලෙඩ රෝග සෑදී ,ඒ අයගේ  හිතවතුන් මෙන්ම නෑදැයින්ටද  දුක් විඳීමට සිදුවී ඇති බව පෙනේ . එයට හේතුව මවුන්ගේ සිත අකුසල් ශක්තීන්ගෙන් ලෙඩ වී තිබීමය . හිත තරම් ශක්තිමත් බලයක් මී තුන් ලොව පුරා නැත . එබැවින් බුදුරජාණන් වහන්සේ නිතරම සිත ගැනත් සිත තැම්පත් කරගෙන ,එකඟ කරගෙන ,තිත නිවාගත යුතු බවත් දේශනා කල සේක . නිතරම මතක තබා ගන්න අප සසරේ විවිධ ආත්ම වලදී සිත ප්‍රධාන කොට ,සිත - කය -වචනය යන තුන් දොරින් සිදුකරගත් අකුසල් කාර්ම ශක්තීන්  මෙන්ම කුසල ශක්තීන් අප සිත ඇසුරු කරගෙන පවතින බව . එම නිසා ලොව පහල වන බුදුවරු නිතර සිත ගැනම අවධාරණය කරමින් විවිධ දේශනා පවත්වා  සිත අවදි ක