කතෘ වෙතින් ....කර්මය සහ සිත අනුව කර්මය ක්‍රියාත්මක වන අයුරු - How all your actions associated with Mind Unleash Happines and Suffering to you

කතෘ වෙතින් ....

කර්මය -  සිත අනුව කර්මය ක්‍රියාත්මක වන අයුරු  

 How all your actions associated wuth Mind Unleash Happines and Suffering to you 


සිත ,කය සහ වචනය යන ද්වාර තුලින් ඔබ විසින් නිරතරයෙන් යහපත් (කුසල්) සහ අයහපත් ( අකුසල්)  තම ජීවිත කාලය තුල නිරන්තරයෙන් සිදු කරයි  .

එම යහපත් සහ අයපත් ක්‍රියා සිත මගින් සිත මුල්කරගෙනම ක්‍රියාත්මක වේ .එම නිසා සිත ඊට අදාලව යහපත් සහ අයහපත් ශක්තීන් සිත තුල තැම්පත් කරගනී .

එම යහපත් සහ අයහපත් ශක්තීන් ආත්මයෙන් ආත්මයට සිත රැගෙන යන අතර ,නිසි කාලය පැමිණිවිට ඔබ සිටින භාවය හෙවත් ආත්මය අනුව එම ශක්තීන් ඔබට යහපත මෙන්ම අයහපත උදාකරයි .

එබැවින් සිත නිතර පරිසම් කරගන්න . සිතින් කිසිවිට අයහපත් දෙය නොකරන්න ,නොසිතන්න 
ඒ  මන්ද යත් සිත සියල්ලට ප්‍රධාන වන බැවිනි .

සිත තනිව සිතට වුවමන පරිදි ක්‍රියාකර ඔබව  මෙහෙයවයි . සිත ධර්මයට අනුව එකඟ කරගන්න 
නැතහොත් සිත තනිව ක්‍රියා කර ඔබ්ව දුකට සහ විපතට පත් කරයි .

සිත යනු ඔබ - අප මෙහෙයවන ශරීරයක් නැති , අපව ජීවත් කරවන භාවයෙන් භාවයට අපව රැගෙන යන මහ ශක්තියකි .

සිත සුලඟ වැනි වායුමය  ඇසට නොපෙනෙන මහා ශක්තියකි . සිත බුද්ධ දේශනය අනුව එකඟ කර ගැනීමෙන් - සිත මගින් විශ්මය ජනක දෙය කල හැක . සිතට තනිව ක්‍රියා කිරීමටත් තනිවම පැවතීමටත් හැකිය .

මේ බව ධම්ම පදයේ එන මෙම ගාථව මැනවින් සනාථ කරයි - බුදු වදන මෙයයි 

  දූරං ගමං ඒක චරං 

  අසරී්‍රං ගුහාසියං ,

 යේ චිත්තං සඤ්ඤ මේස්සන්ති,

  මොකකන්ති මාර බන්ධන 


අර්ථය - දුර අරමුණු කරා නිතරම තනිවම ගමන් කරන , අප ශරීරය නමැති ගුහාවේ නිදන 

            සිරරැක නොමැති අප සිත , යම් කෙනෙකු විසින් තැම්පත් කරගනීද . එම   

            තැනැත්තා මාර බැම්ම  හෙවත්  සසර පැවැත්මෙන්  මිදෙයි .සසර දුකින් මිදෙයි.


එබැවින් නිතරම කුසලයේ යෙදෙමින් ,අකුසල් දුරු කරමින් අප මේ ලැබුවාවූ වටිනා මිනිසත් බව මතු භාවයන්ටත් රැක ගන්නට නිතර සිහියෙන් කටයුතු කරන්න.


වාරින් වර ලොවට ශාන්තිය උදා කරමින් මිනිස් ලොව පහළවන දුර්ලභ වූ බුදුවරුන් ගේ එකම

අවවාදය එයයි .

                

                සබ්බ පාපස්ස අකරනං

                 කුසලස්ස උපසම්පදා

                සචිත්ත පරියෝ දපනං

                 ඒතං  බුද්ධානු සාසනං


අර්ථය - සියලු පාපයන් දුරු කරන්න,

සියලු කුසලයන් වඩන්න ,

තම සිත දමනය කර , තැම්පත් කරගන්න,

එය ලොව පහළවන සියලු බුදුවරුන්ගේ අනු සසනාවයි .


ඔබගේ සිත බුදු වදන අනුව දමනයකර නොගත හොත් ,සිත කොයි මොහොතේ තනිව තීරණය කර , ක්‍රියා කර ඔබව ,මොන ආකාරයේ අපහසුවකට පත් කරයිද යන්න . කලින් සිතා ගත නොහැක . ඒ මන්ද යත් සිත නිතරම දමනය නොවූ කෙලෙස් සහිත සිතිවිලි මගින් පලනය වන බැවිනි .


එබවින නිතරම උදේ හවස ,ධර්මය කෙරෙහි සිත යොමු කරමින් ,සුදුසු භාවනාවක් සිතට

පුරුදු කරවන්න.


බුදුරජානන්වහන්සේ විසින් සිත මිතුරෙකු මෙන්ම සතුරෙකු ලෙසද ක්‍රියාත්මක වන අයුරු ධම්මං පදයේ මෙසේ සඳහන් කර ඇත .


              දිසෝ දිසං යන්තං කයිරා

                වේරිවා පන වේරිනං

              මිච්චා පනී හිතං චිත්තං

                පාපියෝ නං තතෝ කරේ


අර්ථය - සොරෙක් වෙනත් සොරෙකුටත් ,සතුරෙක් වෙනත් සතුරෙකුටත් , යම් සතුරු ක්‍රියාවක්

කරයිද ? එයටත් වඩා හානියක් තමාගේ දමනය කර නොගත් සිත , තමාට කරනු ඇත .


මේ අනුව අප විමසා බලමු , බුදු වදන අනුව ධම්මපදය තුලම සඳහන් පහත දැක්වෙන ගථා ධර්මයන් අනුව ,සිත අකුසල සහ කුසලය තුල ,ඔබ අප භව ගමන තුලදී ක්‍රියාත්මක වන අයුරු .

         

   මනෝ පුබ්බන්  ගමා ධම්මා -   මනෝ සෙට්ඨා මනෝමයා

               මනසචේ පදුට්ඨෙන - භාසතීව කරෝතිව

තතෝනං දුක්ඛ මං වේති - චක්කං ව වහතෝ පාදං


අර්ථය - සියළුම දෙයට සිත ප්‍රධාන වේ - සිතෙහි ඇතිවන සිතිවිලි සියල්ල මනස ප්‍රධාන කොට

ඇත්තේය . එබැවින් තමන් අකුසල් සිතකින් යමක් කීවොත් හෝ කළහොත් . එහි

දුක්ඛ දායක වූ ප්‍රතිපලය හෙවත් දුක් සහිත වූ විපාකය .ගොනා බඳින ලද කරත්ත

රෝදය , ගොනා පසුපස නොනැවතී එන්නාසේ ,තමසිත විසින්ම ලබා දෙනු ඇත .


             මනෝ පුබ්බන්  ගමා ධම්මා -   මනෝ සෙට්ඨා මනෝමයා

               මනසචේ පසන්නෙන - භාසතීව කරෝතිව

තතෝනං සුඛ මං වේති - චායව අනපායිනී


අර්ථය - සියළුම දෙයට සිත ප්‍රධාන වේ - සිතෙහි ඇතිවන සිතිවිලි සියල්ල මනස ප්‍රධාන කොට

ඇත්තේය . එබැවින් තමන් කුසල් සිතකින් යමක් කීවොත් හෝ කළහොත් . එහි

සැපදායක වූ ප්‍රතිපලය හෙවත් සැප සහිත වූ විපාකය .තම චායව තමන් පසුපස

නොනැවතී එන්නාසේ ,තමසිත විසින්ම ලබා දෙනු ඇත .

                











 





Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

Extracts form " Light of Asia " by Sir Edwin Arnold