සම්බුද්ධ පරිනිර්වාණය. PASSING AWAY OFBUDDHA

සම්බුද්ධ පරිනිර්වාණය. අරුණෝදයෙන් පසු අනඳ හිමියෝ කුසිනාරා නුවරට පිවිස එහි සන්ථාගාරයෙහි රැස්ව හුන් මල්ල රජුන්ට තථාගත පරිනිර්වාණය දැන්වූහ. එපවත් අසා මල්ල රජුහුද ඔවුන්ගේ භාර්යාවෝද දූ දරුවෝද “ඉතා ඉක්මනින් තථාගතයන් වහන්සේ පිරිනිවි සේකැ” යි අනේකාරයෙන් හැඬූහ.🪷🌿🌸 ඉක්බිති මල්ල රජහු බොහෝ වූ සුවඳ හා මල් ද අනේක තූර්යභාණ්ඩයන් හා බොහෝ වස්ත්‍රයන් ද ගෙන්වා ගෙන උපවත්තන නම් සල් උයනට ගොස් නැටුමෙන් හා ගැයුමෙන් ද ගීතයෙන් ද සුවඳින් හා මලින්ද තථාගත ශ්‍රී දේහයට පුදමින් සත්කාර කරමින් ගරු බුහුමන් කරමින් වියන් බඳිමින් රැස්වීම් හල් පිළියෙල කරමින් ඒ දිනය ඉක්ම වූහ. දෙවන තුන්වන සතරවන පස්වන සවන දින ද එසේම නෘත්‍ය ගීතාදියෙන් ශ්‍රී දේහය පුදමින් ඉක්මවූහ. සත්වන දිනයේදී ඔවූහු නෘත්‍ය ගීත වාදිත මාලාගන්ධයෙන් පූජා සත්කාර කරමින් ගරු බුහුමන් කරමින් ශ්‍රී දේහය නගරයට බැහැරින් දකුණු දිගට ගෙන ගොස් ආදාහනය කරන්නට නියම කරගත්හ. ඉක්බිති ජවසම්පන්න මල්ලයන් අට දෙනෙක් නා පිරිසිදු වී අළුත් පිළි හැඳ තථාගත ශ්‍රී දේහය ඔසවන්නට තැත් කළහ. ඔවුනට තථාගත දේහය එසවිය නොහැකි විය. එකල්හි මල්ලයෝ තථාගත දේහය නො එසවිය හැකි වීමේ හේතුව ...