මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු Things that are beneficial for both this world and the next world ऐसी चीज़ें जो इस दुनिया और अगली दुनिया दोनों के लिए फ़ायदेमंद हैं
මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු කෝලිය රාජ පුත් ර යා මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු බුදුන් වහන්සේගෙන් විමසා සිටියේ ය . එවිට භාගය වතුන් වහන්සේ , උට්ඨානසම්පදාය ආරක්ඛසම්පදාය කල්‍යාණමිත්තතාය සමජීවිකතාය යනුවෙන් මෙලොව යහපත පිණිස පවත්නා කරුණු සතරක් ඇති බව වදාළ සේක. උට්ඨාන සම්පදා යනු ගොවිකමින් හෝ වෙළඳාමෙන් හෝ ශිල්පයකින් හෝ ශාස්ත්‍රයකින් හෝ රාජකාරියකින් හෝ ජීවත්වන තැනැත්තාගේ තමා කරන ඒ කටයුත්ත නුවණින් යුක්ත ව දක්ෂ ව අනලස ව කරන බව ය. ආරක්ඛ සම්පදා යනු දෙමාපියාදීන්ගෙන් අයිතිවීමෙන් හෝ තමාගේ වීර්යයෙන් උපයා ගැනීමෙන් හෝ තමාට අයත් වී තිබෙන වස්තුව රජුන් විසින් සොරුන් විසින් සතුරන් විසින් පැහැර නො ගන්නා පරිදි විනාශ නො කරන පරිදි ගින්නට දියට වේයන්ට මීයන්ට හසු වී විනාශ නොවන පරිදි ආරක්ෂා කරන බව ය. කල්‍යාණ මිත්තතා යනු ශ්‍රද්ධා, ශීල, ප්‍රඥාදි ගුණ ධර්මයන්ගෙන් යුත් සත්පුරුෂයන් ආශ්‍රය කරන බව ය. සමජීවිකතාය යනු ආදායමට වඩා වියදම් වැඩි කර නො ගෙන, ණය ගැති නො වී, පමණට වියදම් කොට දුක් නොවිඳ සමව ජීවිකාව කරන බව ය. සද්ධාසම්පදාය සී...