Posts

Showing posts from October 13, 2024

මුදල් වියදම් නොකර නොමිලේ කළ හැකි මහ පින්කම් සියයක්.- Merits you can do without Money

Image
  මුදල් වියදම් නොකර නොමිලේ  කළ හැකි මහ පින්කම් සියයක්. 1) බුදු ගුණ මෙනෙහි කිරීම 2) දම් ගුණ මෙනෙහි කිරීම 3) සඟ ගුණ මෙනෙහි කිරීම 4)අනුන් කළ මහා පින්කම් අනුමෝදන් වීම. 5) නිති පන්සිල් සමාදම්      වීම 6) පන්සිල් කඩ නොකොට රැකීම 7) උදේ සවස බුදුන් වැදීම 8) අට සිල් සමාදන් වී රැකීම 9) නවංග සීලය සමාදන් වීම 10) දස සිල් සමාදම් වීම 11) පසලොස්වක පෝයට සිල් සමාදම් වීම සහ හතර පෝයට සිල් ගැනීම. 12) භාවනා කිරීම හා අනෙකුත් අය ද ඒ සඳහා යොමු කිරීම. 13) ධර්ම දානය ( මුහුණු පොතේ, වෙබ් අඩවියේ ආදියේ ධර්මය බෙදා හැරීම) 14) ධර්මය මුද්‍රණය කර බෙදා හැරීම 15) ධර්මය කියවීම 16) වතාවත් කිරීම ( පන්සලේ ශ්‍රමදානයක් කිරීම ආදිය ) 17) දුගීව සිටද, හැකි පමණින් බුදුරජාණන්වහන්සේ ට දානපති දානයක් පූජා කිරීම (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම ) 18) දුගීව සිටද , හැකි පමණින් මහා සංඝරත්නයට දානපති දානයක් පූජා කිරීම (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම ) 19) පින් දීම 20) සත්‍ය කථා කිරීම 21) දෙලොවටම වැඩ ඇති වචන කථා කිරීම 22) හිස් වචන කතා නොකිරීම 23) සත්පුරුෂයන් කරනා පින්කම් ප්‍රචාරය කර දීම 24) ගිලානෝපස්ථානය 25) පහන් සිතින