Powered By Blogger

දන්දීමේ සහ මෙත් වැඩීමේ ආනිසංස - The Powers of Alamsgiving and Meththa Meditation


 දන්දීමේ ආනිසංස  

දුගි දුප්පත් වුණත් මොන තරම් බැරි උනත් දන්දෙන්න ඔනි ඇයි ?.

මහා කරුණික දසබලධාරි කාශ්යප බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා.දානයේ ස්වභාවය ගැන කියනවා.තමනුත් දන්දිමේන් අනුන්ටත් දන් දෙන්නට කියා දි දානයේ පෙළඹ විමේ පිරිස සමග එකව දන් දිමේ අනුසස් කියනු මේ තරුණයාට අසන්නට ලැබුණා.ඉතින් මොහුත් මෙහෙම සිතුවා මමත් කොහොම හරි පිරිස එකතු කරගෙන මහා දානයක් දෙනවා කියලා .

තරුණයා බුදුන් වැන්දා " ස්වාමිනි ,තාථාගත අරහත් සම්යක් සම්මා සම්බුදු රජාණන් වහන්ස ,හෙට විසිදහසක් භික්ෂුන් වහන්සේලා සමග අපේ ගමට දානය පිනිස වඩිනු මැනව්.කියලා ආරාධනා කළා .ඉතින් භාග්යවතුන් වහන්සේ එම ආරාධනය පිළිගත්තා.

මේ තරුණයා ගෙයින් ගෙට දිවුවා.හෙට භාග්යවතුන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට දානයක් ඔබට කී නමකට දානය භාරගන්න පුලුවන් .ඉතින් ඇතැම් අය දහස් නමක් භාර ගත්තා.ඇතැම් අය සිය නමක් සදහා භාර ගත්තා තවත් අයෙක් විසිනමක් දහා නමක් ආදි වශයෙන් භාර ගත්තා.ඔය අතරේ ගමෙ සිටියා අසරණ දුගී මනුෂ්යයෙක් මේ තරුණයා මනුෂ්යයාව කොන් කලේ නැ .

"මාමේ...ඔයාට හැකිද ? හෙට මහා සංඝරත්නයට දානයක් භාරගන්න එක් නමකට,, තරුණයා අහනවා.අසරණ මනුෂ්යයා ගල් ගැහිලා.බඩට ආහාරයක් නැතිව ඉන්න කොයි විදියට දානයක් හදන්න මේ මනුෂ්යයා හිතුවා.

හිතලා බලන්න සසරේ නොදිපු නිසා නොවේද ? .ඔබටත් බිරියටත් කුසගින්නේ ඉන්නනට වුණේ......

,මේ ලැබුනු අවස්ථාව නැති කරගත්තොත් ඔබට ආයේමත් දුක් විදින්නටයි වෙන්නේ......,

අසරණ මනුෂ්යයා තරුණයාගේ මුහුණ බැලුවා . කතාව සම්පුර්ණයෙන් ඇත්ත .නුවණැති දුප්පතාට ඒක තේරුණා.මේ අවස්ථාව අහිමි කරගත්තොත් තවත් බොහෝ කල් දුක්විදින්න වෙයි.

"එහෙනම් මට එක වහන්සේ නමක් ලබා දෙන්න ,හැකි උපරිමයෙන් උන්වහන්සේ දානය සකසන්නම්".තරුණයා හරිම සතුටු වුනා .දුගි මනුෂ්යයා එක පිම්මේ ගෙදර දිව්වා.හෙට අපේ නිවසට මහා සංඝරත්නය වඩිනවා .දානය පිළියෙල කරන්නට ඕන.බිරිඳ ඇස් ලොකු කරගත්තා .

"අපි පෙර සසරේ දන් දුන් නැති නිසා කන්නවත් හරියට නැ ""

මේ අවස්ථා නැතිකර ගන්න බැ " කියලා කුලී වැඩක් හොයාගෙන එක හැල්මේ දිව්වා.ගමේ මිනිස්සු දානෙට ලැස්ති වෙනවා .සිටු මැදුරට දුවපු මේ මනුෂ් යා

මොකක් හරි වැඩක් තියෙනවා නම් දෙන්න කියලා සිටුමැදුරෙත් බොහො වැඩ "දර පලන්න පුලුවන් නුඹට" සිටුතුමා ඇහුවා .හොදයි ,එහෙනම් අන්න අර දර ටික පලාපන් සිටුතුමා අණ කළා.

මේ අතර මනුෂ්යයාගෙ බිරිඳත් මමත් අද කියක් හරි හොයාගන්නවා කියලා අර සිටුනිවසටම ආවා.ඉතින් ඇයට වී කොටන්නට දුන්නා.ඉතින් එදා මේ දෙන්නාට සහල් නැළි සත ගානේ කුළිය ලැබුණා.දිළින්දා තමන්ට ලැබුනු සහල් පෙන්වා

" මට ලැබුනු සහල් නැළි සත උයන්නට ගනිමු අනිත් සහල් නැලි සත විකුණා අවශ් කළමනා ගෙන්නම්.,,

ඉතින් බිරිඳ ගෙදර දිවුවා .ගේ අස් කළා වතුර ගෙනාවා.දිළිදු මනුෂ් යා ගී තෙල් ,මී පැණි ගත්තා. ගග පැත්තේ ඇවිදලා මැල්ලුමකට කොළ කැඩුවා .ඔය අතරේ තවත් දිළිදු මනුෂ් යෙක් අර දිළිදු මනුෂ් යාගේ නිවසට ඇව්ත් මම වැඩවලට උදව් වෙන්නම් කියා ඇහුවා .ඉතින් අර මනුෂ්යයා තවත් සතුටුයි .එදා රසට ගෙදර දානේ පිළියෙල වුණා.

***************************************************************************

බුදුන් වහන්සේ ගේ ඉදිරියට වැඩියා.ගේ උළුවස්ස හරිම කුඩායි. මේ මනුෂ්යයාත් හිස පහත් කරලයි ගෙට ඇතුල් වෙන්නෙ.

අසිරිමත් ඉර්ධි ඇති සම්මා සම්බුදු රජාණන්වහන්සේ හිස පහත් නොකොටම ගෙට ඇතුලු වුනා.ප්රාතයට දානේ බෙදාගෙන දුගි මනුෂ් යා බුදුරජාණන් වහන්සේ වෙත ආවා.......

මනුජේෂ්ඨ කාශ්යප බුදුරජාණන් වහන්සේ දන් වැලදුවා.......අර දහවලේ ගෙදර ආපු මනුෂ් යා මෙහෙම කිව්වා.

"මේ ප්රාතයත් අරන් බුදුරජාණන් වහන්සේ සමග වෙහෙරට යන්න ,".ඉතින් දුගි මනුෂ්යයා පිරිසිදු කළ ප්රාතයත් අරන් ප්රිතියෙන් බුදුරජාණන් වහන්සේ පස්සෙන් වෙහෙරට ගොස් වන්දනා කලා.

එදා මේ දිළිදු මිනිසාට දානය සදහා බුදුරජාණන් වහන්සේ ලැබුණේ තාථාගතයන් වහන්සේගේ මාහා කරුණාවෙන් මයි.උන්වහන්සේ අධිෂ්ඨාන කළා අද දින මමයි මේ දුගීයාගේ නිවසට දානය පිණිස වඩින්නේ කියා. නිසා කිසිම භික්ෂුව කට දානයට වඩ්න්නට නොහැකි වුණා. වගෙම අර සහයට පැමිණුණේ සක්දෙවිදුන් ........

ඉතින් සක්දෙවිදුන් අර දුගියාගේ ගෙදර රන් රුවන් වලින් පිරෙවුවා.

මේ ගැන දැනුම් දුන්න දුගියා රජමාළිගාවට ගියා.රජු සතුටු වුනා .මහා පුන්යවන්තයෙක් බව දැනගෙන සියලු ධන සම්පත් මාළිගාවට ගෙන්වා ගත්තා.මේ දුගියාට සිටුතනතුරත් ලැබුණා.

බොහො පින් කළ සිටුතුමා ත් සිටිතුමාගේ බිරිඳත් මරණින් මත්තේ දෙවිලොව ගියා.බොහෝ සැප විදලා මේ දුගියා අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශාසනය තිබෙන කාලයේ උපන්නා සිටුනිවසක සිටු ගෙදර අය සාරිපුත්ත මහාරහතන් වහන්සේට දන් පැන් පුදන අය සිටුගෙදර සිටි සිගිත්තා අවුරුදු හතක් වෙද්දි මහණ වෙන්නට ඔන කියා අඬනවා.අම්මාට දුකයි ඉතින් පුතාගේ ඇඩ්ල්ල නතර කරන්න බැ .ආවසානයේ නෑයන් රැස් කරලා පිරිවරින් දරුවාට සම්මානකරලා සාරිපුත්ත මහාරහතන් වහන්සේට දරුවා භාර කළා. හරි නුවණැති පණ්ඩිත පොඩි  සාමණේරයන් වහන්සේ සාරිපුත්ත මහාරහතන් වහන්සේ සමගින් පිඩුසිගා වඩිනවා,පශ්න අසනවා.ඉතින් මේ පුංච් සාමණේරයන් වහන්සේ තමන්ගේ කුටියේ භාවනා කරන්නට සාරිපුත්ත මහාරහතන් වහන්සේ දුන්නා.විදර්ශනා වඩලා ආනගාමි වුණා.මේ පුංච් සාමණේරයන් වහන්සේ ගැන තාථාගතයන් වහන්සේ දුටුවා.දෙවිබඹුන්ගේ සාධු 🙏ආසිරි නාද මැද පැවැදි අටවැනි දින පණ්ඩිත පොඩි  සාමණේරයන් වහන්සේ සියලු කෙළෙසුන් නසා අරහත්වය පත් වුණා.


 මෙත්  වැඩීමේ ආනිශංස 

 මෛත්‍රීය  කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ... දැන් අපි මේ ජීවිතයේ ප්‍රසන්න  ශරීරයක් ලබලා තිබෙනවා නම්,  ප්‍රසන්න ශරීරය ලබන්න අපිට හේතු වුණේ ගිය ජීවිතයේ අපි වඩපු මෛත්රී චිත්තයන්මයි. තේරුණාද?

දැන් කාටහරි මේ ජීවිතයේ ලස්සන, ප්‍රසන්න  පිරිමි හෝ වේවා කාන්තා හෝ වේවා රූපයක් ලබලා තියෙනවා නම් රූපය ලැබුණේ අම්මා, තාත්තා නිසා නෙවෙයි. අම්මා සුදු වුණා, තාත්තා සුදු වුණා, නිසා දරුවා සුදු වෙනවා කියලා කාරණයක් ධර්මයේ නැහැ. අම්මා කළු නිසා, තාත්තා කළු නිසා දරුවා කළු වෙනවායි කියලා ධර්මයක් නැහැ. තේරුණාද?

එතකොට, දැන් එක දරුවෙක් ඉන්නවා. එයා කළුයි. නමුත් එයා ඉස්කෝලෙ යනකොට ළමයි එයාට විහිළු කරනවා. එතකොට, දරුවා ගෙදර ඇවිල්ලා අම්මාට බනිනවා, ”අම්මේ, ඔයා කළු තාත්තා කෙනෙක් බැ`දපු හින්දා තමයි මම කළු වුණේ කියලා. කළු වුණයි කියලා දැන් එයා දුක් විඳිනවා. නමුත් කළු තාත්තා කෙනෙක් බැන්ද නිසා නෙමෙයි දරුවා කළු වුණේ. දරුවා ගිය ජීවිතයේ ද්වේශය වඩලා ඊට අදාළ අම්මා කෙනෙක්ගේ මව් කුසකටයි එයා බැස්සේ.

දැන් සුදු අම්මා කෙනෙකුට සුදු දරුවෙක් ඉපදෙනවා. අම්මා සුදු නිසා නෙමෙයි, දරුවා සුදු වෙන්නේ. දරුවා පෙර ජීවිතයේ මල් පූජා කරලා, මෛත්‍රීය   වඩලා, සුදු වෙන්න තිබ්බ සංස්කාරයන් සකස් කරගත්තා. නිසයි, සුදු අම්මා කෙනෙක්ගේ මව් කුසකට බැස්සේ. එහෙම නැතුව මේ කළුයි, සුදුයි කියන්නේ අම්මා, තාත්තා සුදු, කලූ නිසා නෙවෙයි.

නිසා මේ ජීවිතයේ අපි රසන්න සිරුරක් ලබලා තියෙනවා නම්, ඒක ලබන්න අපි ගිය ජීවිතයේ මල් වට්ටි දහස් ගාණක් පූජා කරලා තියෙනවා; අපි පෙර ජීවිතයේ බෝමළු දසදහස් ගාණක් ඇමදලා තියෙනවා; අපි ගිය ජීවිතයේ මෛත්‍රීය  චිත්තයන් දසදහස් ගාණක් වඩලා තියෙනවා. එහි ඵලය තමයි අපි මේ ජීවිතයේ ලබන්නා වූ රසන්න භාවය. නිසා  මෛත්‍රීය  තුළින් බුදුරජාණන් වහන්සේ ආනිශංස එකොළහක් ලැබෙනවා කියලා දේශනා කරනවා.

ඒවා අංගුත්තර නිකායේ මෛත්රිය සූතරයේ මෙන්න මේ විදිහට දක්වලා තියෙනවා.

1. සුවසේ නින්ද යනවා.

2. නපුරු සිහින පෙනෙන්නේ නෑ.

3. සුවසේ නින්දෙන් පිබිදෙනවා.

4. සෑම මනුෂ්යයෙකුටම පිරයවෙනවා.

5. දෙවියන්ට ප්‍රිය  වෙනවා.

6. දෙවියන් විසින් ආරක්ෂා කරනු ලබනවා.

7. ගින්නෙන්, විෂෙන් ආයුධවලින් අනතුරු වෙන්නේ නෑ.

8. ඉක්මණින් සිත සමාධියට පත්වෙනවා.

9. මුහුණේ පැහැය බබලනවා..

10.නුමුළා කාලක්රියා කරන්නට ලැබීම.

11. මෛත්‍රී ධ්‍යානය  උපදවා ගත් තැනැත්තා හට ජාතියේ දී රහත් නොවිය හැකි නම්          මරණින් මතු බඹලොවට යා හැකි වීම යන එකොළොස මෛත්‍රී වැඩීමේ ආනිසංසයෝ .


 

 සබ්බ දානං - ධම්ම දානං ජිනාතී 

 


 

No comments:

Post a Comment