Posts

Showing posts from April 7, 2024

බෝපත් ඉවත් කර ලැබූ මහත් වූ ආනිශංස - The Merits achived by clearing the Leaves under a Bodhi Tree ( asathu Tree )-

Image
  බෝපත් ඉවත් කර ලැබූ  මහත් වූ ආනිශංස ’’ මම පෙර සෑ මළුවෙහි හැරදැමූ බෝපත් (දැක) එය ගෙන බැහැර ලීමි. (එහි) විසි ගුණයක් අනුසස් ලැබීමි. ’’ එම කම් බෙලෙන් කුදුමහත් භවයෙහි සැරිසරන්නේ දිව්‍යවූද , මනුෂ්‍යවූද දෙඅත්බැව්හි සැරිසරමි. ’’ දෙව්ලොවින් ච්‍යුතව මනුෂ්‍ය භවයට පැමිණ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ දෙකුලෙහි (පමණක්) උපදිමි. ’’ සුපුන් අඟපසඟ ඇත්තේ , ආරෝහ පරිණාහයෙන් යුතුවූයේ , නොඅඩුව සම්පූර්‍ණ අඞ්ග ඇත්තේ , පිරිසිදුවූයේ , මනා රූ ඇත්තේ වෙමි. ’’ දෙව් ලොවෙහි හෝ , මිනිස් ලොවෙහි හෝ යම් කිසි තැනක උපන්නේ නම් , නිවනලද ස්වර්‍ණයක් මෙන් රන්වන් වන්නේය. ’’ බෝපත් බැහැරකළ කල්හි (ඒ හේතුවෙන්) මාගේ සිවිය හැමකල්හි මෘදුද , මෙලෙක්ද , සිනිඳුද , සියුම්ද , සියුමැලිද වේ. ’’ යම්කිසි ගතියක සිරුර පහළවූ කල්හි (එහි) දැලි , කුණු නොතැවරේ. බෝපත් බැහැරලීමෙහි මේ විපාකයයි. ’’ උෂ්ණවූ අවු සුලං ඇති කල්හිද , යලි ගිණි රශ්මිය කරණකොටගෙනද ඒ මාගේ සිරුරෙහි ඩහ නොවැගිරේ. (මෙය) සෑ මළුවෙහි බෝපත් බැහර කර ලීමෙහි විපාකයයි. ’’ කුෂ්ටද , ගෙඩිද , කැසිලිද , තලකැලැල්ද , පොළවල් (බිබිලි)ද , එසේම දදද , සිරුරෙහි නොවෙත්. පත් බැහැර කිරීමෙහි (කසල ඉවත් කිර