ආනන්තර්‍ය පාපකර්ම විපාක දීමේ පිළිවෙල - See How Major Turbulant Actions Re Act on You

ආනන්තර්‍ය පාපකර්ම විපාක දීමේ පිළිවෙල උතුම් ධර්ම දානමය කුසළය හේතුවෙන් ඔබ නොදන්නා දේ දැන දැක ගැනීම පිණිස හේතු වේවා මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදු සිරුරෙන් ලේ සෙලවීම, සංඝ භේදය යනුවෙන් ආනන්තර්‍ය පාපකර්ම පහක් තියෙන බව අපි දැනටමත් දන්නවා. මේවායින් ප්‍රභලම කර්මය වන්නේ සංඝභේද කර්මයයි. ඉන් පසු පිළිවෙලින් බුදු සිරුරෙන් ලේ සෙලවීමේ කර්මය, රහතුන් මැරීමේ කර්මය සහ අවසානයට මව්පියන් ඝාතන කර්ම වෙනවා. යම් කෙනෙක් මෙම ආනන්තර්‍ය පාපකර්ම පහම කළොත් මීළඟ භවයේ ප්‍රතිසන්ධිය සඳහා පළමුවෙන්ම විපාක දෙන්නේ සංඝභේද කර්මයයි. සංඝභේද කර්මය කර නැත්නම් මීළඟට විපාක දෙන්නේ බුදු සිරුරෙන් ලේ සෙලවීමේ කර්මයයි. එයත් කර නැත්නම් මීළඟට විපාක දෙන්නේ රහතුන් මැරීමේ කර්මයයි. එයත් කර නැත්නම් මීළඟට මව්පියන්ගෙන් වඩාත් සිල්වත් මව නම් මව මැරීමේ කර්මයද, වඩාත් සිල්වත් පියා නම් පියා මැරීමේ කර්මයද වෙනවා. මව සහ පියා සිල්වත් බවින් හෝ දුසිල්වත් බවින් එක හා සමාන නම් පළමුවෙන් විපාක දෙන්නේ මව මැරීමේ කර්මයයි. ආනන්තර්‍ය පාප කර්ම පහම හෝ කිහිපයක් කර ඇති කෙනාට මේ පිළිවෙලින් එක් කර්මයකින් නිරයේ ප්‍රතිසන්ධි...