ආනන්තර්‍ය පාපකර්ම විපාක දීමේ පිළිවෙල - See How Major Turbulant Actions Re Act on You

 


ආනන්තර්‍ය පාපකර්ම විපාක දීමේ පිළිවෙල

 උතුම් ධර්ම දානමය කුසළය හේතුවෙන් ඔබ නොදන්නා දේ දැන දැක ගැනීම පිණිස හේතු වේවා  

මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදු සිරුරෙන් ලේ සෙලවීම, සංඝ භේදය යනුවෙන් ආනන්තර්‍ය පාපකර්ම පහක් තියෙන බව අපි දැනටමත් දන්නවා. මේවායින් ප්‍රභලම කර්මය වන්නේ සංඝභේද කර්මයයි. ඉන් පසු පිළිවෙලින් බුදු සිරුරෙන් ලේ සෙලවීමේ කර්මය, රහතුන් මැරීමේ කර්මය සහ අවසානයට මව්පියන් ඝාතන කර්ම වෙනවා.


  යම් කෙනෙක් මෙම ආනන්තර්‍ය පාපකර්ම පහම කළොත් මීළඟ භවයේ ප්‍රතිසන්ධිය සඳහා පළමුවෙන්ම විපාක දෙන්නේ සංඝභේද කර්මයයි. සංඝභේද කර්මය කර නැත්නම් මීළඟට විපාක දෙන්නේ බුදු සිරුරෙන් ලේ සෙලවීමේ කර්මයයි. එයත් කර නැත්නම් මීළඟට විපාක දෙන්නේ රහතුන් මැරීමේ කර්මයයි. එයත් කර නැත්නම් මීළඟට මව්පියන්ගෙන් වඩාත් සිල්වත් මව නම් මව මැරීමේ කර්මයද, වඩාත් සිල්වත් පියා නම් පියා මැරීමේ කර්මයද වෙනවා. මව සහ පියා සිල්වත් බවින් හෝ දුසිල්වත් බවින් එක හා සමාන නම් පළමුවෙන් විපාක දෙන්නේ මව මැරීමේ කර්මයයි. 

ආනන්තර්‍ය පාප කර්ම පහම හෝ කිහිපයක් කර ඇති කෙනාට මේ පිළිවෙලින් 

එක් කර්මයකින් නිරයේ ප්‍රතිසන්ධිය ලබා දී අනිත් කර්ම අහෝසි වී යනවා.


  කර්ම විපාකය, ප්‍රතිසන්ධි විපාක සහ ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙපරිදි වෙනවා. මීළඟ භවයේ ප්‍රතිසන්ධි විපාක සිත ලබා දෙන්නේ ප්‍රතිසන්ධි විපාකයයි. යම් කර්මයකින් ප්‍රතිසන්ධිය ලබා දුන් භවයේ චුතිය දක්වා විපාක සිත් සහ කර්මජ ආදී රූපයන් ඇති කරන්නේ ප්‍රවෘත්ති විපාකයයි. ඉහත අහෝසි වී යන කර්ම වශයෙන් පෙන්නල තියෙන්නේ ප්‍රතිසන්ධි කර්ම පමණයි. සිදු කළ අනිත් ආනන්තර්‍ය පාප කර්මයන්ගේ ප්‍රවෘත්ති විපාක සියල්ල අහෝසි වෙන්නේ නැහැ. 

  දෙව්දත් තෙරුන් වහන්සේ ආනන්තර්‍ය පාප කර්ම දෙකක් කළ භික්ෂුවක්. දෙවුදත් තෙරුන්ට සංඝභේද කර්මයෙන් නිරයේ ප්‍රතිසන්ධිය ලබා දී ප්‍රවෘත්ති විපාක වශයෙන් බුදු සිරුරෙන් ලේ සෙලවීමේ කර්මයට විපාක ලැබෙනවා. දෙවුදත් තෙරුන්ට ලැබෙන එම විපාක ගැන දේවදූත සූත්‍ර අටුවාවේ මෙහෙම සඳහන් වෙනවා.

"මේ ගිනිජාලා හයක් මැද උපන් දේවදත්ත තෙමේ ඔහුගේ යොදුන් සියයක් පමණ ආත්ම භාවයයි. පාදක වළලුකර තෙක් ලෝහ පොළොවෙහි පිවිසියේය. අත්දෙක මැණික් කටුව තෙක් ලෝහ බිත්තියෙහි පිවිසියේය. හිස ඇස් බැම දෙක තෙක් ලෝහ පියැස්සෙහි පිවිසියේය. අධෝමාර්ගයෙන් එක් ලෝහ හුලක් පිවිස ශරීරය විනිවිද ගොස් පියැස්සෙහි වැදුණේය. නැගෙනහිර බිත්තියෙන් නික්මුණු හුල හෘදය විනිවිද ගොස් බස්නාහිර බිත්තියේ වැදුණේය. උතුරු බිත්තියෙන් වැදුණු හුල ඉල ඇට විනිවිද ගොස් දකුණු බිත්තියේ වැදුණේය. නිශ්චල වූ බුදුරදුන් කෙරෙහි කිපුණු බැවින් නිශ්චලව පැසෙවයි කර්මයට සමාන බැවින් මෙබඳු වූයේය." 

දේවදූත සූත්‍ර වර්ණනාව ඇසුරිනි 
                

 උතුම් ධර්ම දානමය කුසළය හේතුවෙන් ඔබ සියළු දෙනාට සත්‍යය 

Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

භාරතයේ අනෝමා නදියෙන් ඉහළට ගිය සිද්ධාර්ථ තාපසතුමාගේ පාත්‍රයේ ධාතුව The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था