Posts

Showing posts from September 8, 2024

බුදුගුණ අනන්තයි -බුදුරජාණන් වහන්සේ කෙනකුගේ වර්ණනාව කල්පයක් මුළුල්ලෙහි බුදු මුවකින් ප්‍රකාශ කලත් , අවසානයක් දකින්නට නො හැකි වේ

Image
  කල්පය ගෙවී යතත් බුදුගුණ වැනුම ප්‍රකාශ කරලා අවසානයක් දකින්නට නො හැකි වේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් බුදුරජාණන් වහන්සේ කෙනකුගේ වර්ණනාව කල්පයක් මුළුල්ලෙහි බුදු මුවකින් ප්‍රකාශ කරන්නේ වී වුවත්, කල්පය ගෙවී යතත් බුදුගුණ වැනුම ප්‍රකාශ කරලා අවසානයක් දකින්නට නො හැකි වේ යන්න බුද්ධ දේශනාව යි. එපමණට ම බුදුගුණ අනන්තයි. බුද්ධ ගුණය අසීමිත යි. අචින්ත්‍ය යි කියන කරුණ තමා එයින් අර්ථවත් වන්නේ. තිවිධො බුද්ධවණ්ණො නාම, චරියවණ්ණො, සරීරවණ්ණො, ගුණවණ්ණො ‘ති යනුවෙන් අටුවාචාරින් වහන්සේ විසින් මේ වර්ණනාව පිළිබඳ පැහැදිලි කර තිබෙනවා. මේ කියැවෙන වර්ණනා තුන තමා බුදුරජාණන් වහන්සේ නමකගේ චරිතය පිළිබඳ කියැවෙන වර්ණනාව, බුද්ධ ශරීරශෝභාව පිළිබඳ කෙරෙන වර්ණනාව හා බුද්ධ ගුණය පිළිබඳ කෙරෙන වර්ණනාව. බුද්ධ චරිතය පිළිබඳ සමස්ත ලෝකයේමත් පළ වී ඇති පොතපත පමණක් ගෙන බැලුවත් කොපමණ ග්‍රන්ථ සංඛ්‍යාවක් ලියැ වී තිබෙනවා ද කියන කරුණ හිතන කොටමත් මේ කරුණ පැහැදිලි වෙනවා. එපමණක් නොව මෙම ලියවීමේ අවසානයක් නැහැ. අදත්, මේ දැනුත් විවිධ පර්යේෂකයන්, විද්වතුන් සමස්ත ලෝකයේමත් මේ අසිරිමත් බුද්ධ චරිතයේ ස්වභාවය ගැන නොයෙක් පර්යෂේණ, වාද සංවාද කරනවා, ලියනවා. මේ