Posts

Showing posts from April 2, 2023

The Ways How Death Comes to You - මරණය සිදුවන ආකාර සතර සහ මරණය ගැන සිතීම වැදගත් වන්නේ ඇයි

Image
The Ways How Death Comes to You    මරණය සිදුවන  ආකාර සතර     මරණය ගැන සිතීම වැදගත් වන්නේ ඇයි ? බුදු වදන අනුව මරණය අනිවාර්යයෙන්ම සියළු  ලෝක වාසී සත්වයින් විසින්  අත්විඳිය යුතු ධර්මතාවයකි . ඇත්ත වශයෙන්ම මරණය යනු නව ජීවිතයක ඇරඹුම ලෙස සැලකීම වඩා වැදගත් නොවේද ? කර්මනුරුපව ජනක කර්මය අනුව , ආරම්භ කළ  මේ භාවයේ චිත්ත පරම්පරාවේ ,අවසානය ,යම් කර්මයක ( උප පීඩක , උප ඝාතක ) බලපෑමෙන්  හෝ කම්ම නියම ,ධම්ම නියාම හෝ  ඍතු  නියාමයෙන් සිදුවීම , මේ භාවය අතහැර යාම හෙවත් මරණය ලෙස දැකිය හැක . මෙම භාවයේ චත්ත පරම්පරාවේ අවසානයත් සමගම , නව ප්‍රතිසන්ධි ගත චිත්තය නව චිත්ත පරම්පරාවක ඇරඹුම සටහන් කරයි . එවිට එම චිත්ත පරම්පරාව ,පෙර භාවයේ කර්මනුරුපව තම පරිසරය සකසා  ගෙන  නව භාවයේ වැඩ පටන්ගනී . තම චිත්ත පරම්පරාව විවිධ භවයන්හිදී සහ විවිධ යුග සහ කල්ප වලදී ,විවිධ නාම සහ රූප ධර්මතාවයන් ඇසුරෙහි , විවිධ කර්මයන් රැස්  කරමින් මෙම අති  භයානක සසරේ ,කල්ප කෝටි  ගණන් අනන්තවූ දුක් කන්දරාවක් විඳිමින් සැරිසරා ඇත . මේ අනුසාරයෙන් සසර ගමන ගැනත් ,මරණය ගැනත් ඔබට තේරුම් ගත හැකි වනු ඇත . මරණයට ඔබ බිය විය යුත්තේ මන්ද ? .........  මරණය ගැන නිතර සිහි