The Ways How Death Comes to You - මරණය සිදුවන ආකාර සතර සහ මරණය ගැන සිතීම වැදගත් වන්නේ ඇයි


The Ways How Death Comes to You

   මරණය සිදුවන  ආකාර සතර  



 

මරණය ගැන සිතීම වැදගත් වන්නේ ඇයි ?

බුදු වදන අනුව මරණය අනිවාර්යයෙන්ම සියළු  ලෝක වාසී සත්වයින් විසින්  අත්විඳිය යුතු ධර්මතාවයකි . ඇත්ත වශයෙන්ම මරණය යනු නව ජීවිතයක ඇරඹුම ලෙස සැලකීම වඩා වැදගත් නොවේද ?

කර්මනුරුපව ජනක කර්මය අනුව , ආරම්භ කළ  මේ භාවයේ චිත්ත පරම්පරාවේ ,අවසානය ,යම් කර්මයක ( උප පීඩක , උප ඝාතක ) බලපෑමෙන්  හෝ කම්ම නියම ,ධම්ම නියාම හෝ  ඍතු  නියාමයෙන් සිදුවීම , මේ භාවය අතහැර යාම හෙවත් මරණය ලෙස දැකිය හැක .

මෙම භාවයේ චත්ත පරම්පරාවේ අවසානයත් සමගම , නව ප්‍රතිසන්ධි ගත චිත්තය නව චිත්ත පරම්පරාවක ඇරඹුම සටහන් කරයි .

එවිට එම චිත්ත පරම්පරාව ,පෙර භාවයේ කර්මනුරුපව තම පරිසරය සකසා  ගෙන  නව භාවයේ වැඩ පටන්ගනී .

තම චිත්ත පරම්පරාව විවිධ භවයන්හිදී සහ විවිධ යුග සහ කල්ප වලදී ,විවිධ නාම සහ රූප ධර්මතාවයන් ඇසුරෙහි , විවිධ කර්මයන් රැස්  කරමින් මෙම අති  භයානක සසරේ ,කල්ප කෝටි  ගණන් අනන්තවූ දුක් කන්දරාවක් විඳිමින් සැරිසරා ඇත .

මේ අනුසාරයෙන් සසර ගමන ගැනත් ,මරණය ගැනත් ඔබට තේරුම් ගත හැකි වනු ඇත .

මරණයට ඔබ බිය විය යුත්තේ මන්ද ? .........

 මරණය ගැන නිතර සිහි කරන්න . ඔබ මරණයට බිය විය යුත්තේ ඔබ මෙලොව ගත කරන කාලය තුලදී අකුසල් කරමින් කිසිම කුසලයක් සිදු නොකොට ජීවිතය ගෙවා ඇතිනම් පමනි.

"නත්ථි  ජාතස්ස අමරනං " යනු නොමැරෙන කෙනෙකුන් කොව නැතිය යන්නයි . එනම් මෙම චක්‍රවටයේත් , දස දහසක් සක්වලත් කාම  ලෝක ,රුප ලෝක සහ අරුප ලෝක වල වාසය කරන සියලු සත්වයින් හට උපතින්ම මරණය උරුම වී ඇත .

උපතක් සිදුවන  සෑම සත්වයෙකුටම අනිවාර්යයෙන්ම මරණය උරුමවේ .

මේ තුන් ලෝකය තුල   කිසිම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුට , නායකයෙකුට , තමන් කිසි දිනක වැටෙන්නේ නැති යයි සිතන කෙනෙකුට හෝ  මහා ධනවතෙකුට මරණයෙන් බේරිය හැකිද ? මදක් සිතන්න .

කොතරම් ජගතෙක් වුනත් මරණය ඉදිරියේ අනිවාර්යයෙන්ම නිහඬ වීමටත් අසරණ වීමටත් සිදුවන බව හොඳින් මතක තබාගන්න .

එසේම මෙතෙක් ලොව විවිධ යුග සහ කල්ප වලදී මේ මහා  පොලව මත සිටි ,ශ්‍රේෂ්ඨ  මහා බලා සම්පන්න රජ වරුන් , මහා ධන සිටුවරුන්  අද කොහේද ? ඒ සියලු දෙනාම මහා බල පරක්‍රමයන් අවසන් කර මෙලොව හැර ගොස් ඇත .

එම නිසා මරණයෙන් බේරීමට නම් ,මරණය ඇතිවන හේතුව වන උපත නවතා  ගත යුතුය .එම නිසා ජීවිතය තුලදී අප ජය ගත යුත්තේ මරණයයි .

අන් කිසිවක් හෝ කිසිවෙකු පරදා ජයගත්තද , ඔබ සියලු දෙනාම මරණය ඉදිරියේ පරාජය වේ ., අසරණ වේ. 

එම නිසා මරණයට හේතුවන උපත නවතා ,සසර නමැති මාර බන්ධනයෙන් මිදී මරණය ජය ගැනීමට පියවර ගන්න .

සෑම මොහොතකම අපගේ සිත උපතේ සිට මරණය දක්වා අපගේ කර්මානුකුලව ලබාගත් ආත්මභාවය තුල රැඳී සිටිමින් ,පංච ඉන්ද්‍රියන් විෂයෙහි ඊළඟ භවය සංස්කරණය කර ගනී..

එම නිසා මරණයට නොබියව මුහුණදීමට නම් ,ඔබ විසින් ඔබගේ සිත තුල බුදුන්ගේ ධර්මය කෙරෙහි සිත පහදවාගෙන ,පංච ඉන්ද්‍රියන් විෂයෙහි සිත මෙහෙයවමින් ඊළඟ භවය යහපත් එකක් ලෙස සංස්කරනය   කරගන්න .

සීලයෙන් ඔබගේ සිත හික්මවාගෙන ,භාවනාව මගින් සිත සමාධි ගතකරගෙන 
 ආලෝකය උදාකරගෙන ,ඔබගේ භව ගමන දේව සහ මනුෂ්‍ය වශයෙන් පවත්වා ගනිමින් ,යම් බුදුවරයෙක් ලොව පහලවූ කලෙක ජරා මරණ දෙකෙන් තොරවූ ,අපගේ මෙම සංබයාතයෙන්   බැහැරවූ අජරාමර සංබයාත නිවන උදාකර ගන්න . 
    

 . 


Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

Extracts form " Light of Asia " by Sir Edwin Arnold