Posts

Showing posts from September 22, 2024

ධර්ම භාණ්ඩාගාරික ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ රහතන් වහන්සේ.

Image
  ධර්ම භාණ්ඩාගාරික ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ රහතන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිත කතාව ආරම්භ වන්නේ පියමතුරා (පදුමුත්තර) බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හංසවතී කියන නගරයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක්ව මේ කුමාරයා ඉපදුනා. ඔහුගේ නම සුමන. මේ සුමන කුමාරයාගේ පියා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායකයා යි. දිනක් මේ තරුණ කුමාරයා එක් ප්‍රදේශයක කැරැල්ලක් මැඩ පවත්වන්නට ගොස් එය ජයග්‍රහණය කොට නැවත පැමිණියා. ඒ කුමාරයාගේ පියා සතුටට පත්වෙලා ඔහුට කීවා ‘ඔබ කැමැති වරයක් ඉල්ලන්න’ කියා. එවිට කුමාරයා කියනවා ‘පියාණෙනි මට තථාගතයන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයාට මාස තුනක් උපස්ථාන කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස. පියා එයට එකඟ, නො වූ නිසා දෙදෙනාම පදුමුත්තර බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට ගියා. එවෙලෙහි බුදුරජාණන් වහන්සේ ගන්ධකුටියේ වැඩ සිටියේ. උන්වහන්සේගේ උපස්ථායක භික්ෂුව සුමන නම් වූවා. උන්වහන්සේ මුණගැසී කුමාරයා තමන්ගේ අවශ්‍යතාවය පවසා සිටියා. ’එසේනම් ටිකක් ඉන්නයැයි’ පවසා ඒ හිමියෝ එතැනින් පොළොවේ ගිලිලා තථාගතයන් වහන්සේ සිටි තැනින් මතු වුණා. භාග්‍යවතුන් වහන්සේට කියනවා ‘ස්වාමිනි රජුගේ පුත්‍රයා ඔබ