"බක්කුල" මහ රහතන් වහන්සේ - Rev Bakkula of Buddha Sasana
"බක්කුල" මහ රහතන් වහන්සේ අතීතයේදී බෙහෙත් පුජා කිරිමේ මහ පිංකම සිදුකරගෙන තිබුණි. (බක්කුල මහ රහතන් වහන්සේගේ චරිත් කතාව වෙනම විස්තර කළ යුතු අතර, මෙතන පිංකමට අදාළ කරුණ පමණක් කියනු ලැබේ.) බක්කුල මහ රහතන් වහන්සේ අතීතයෙහි බුදුරජාණන් වහන්සේලාගේ ශාසන වල මහා පිංකම් කරගෙන නිවන් සම්පත්තිය අවබෝධ කර ගන්නටම හේතු සම්පත් පුරම්න් ආවේ ය. මෙතුමා අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ පහළ වන විට ධනවත් බමුණෙක් ලෙස උපත ලැබීය. ගිහි ගෙය ගැන කලකිරි ඒ සියල්ල අතහැර හිමාල පර්වතය පාමුල සෘෂි පැවිද්දෙන් පැවිදිව, පංච අභිඥා අෂ්ඨ සමාපත්ති උපදවාගෙන, තවුසෙක් ලෙස එහි අසපුවක වාසය කළේය. මෙතුමාට විශාල ශිෂ්‍ය පිරිසක් සිටියහ. ඒ ශිෂ්‍යයින් සමග අසපුවේ වාසය කරන මෙතුමා අසපුව වටා නික, ඩෙබර, නෙල්ලි, බොරළු දමින (උගුරැස්ස), සුදු නෙඵම්, ආළක, බෙලි, කෙසෙල්, නාරන්, උක්, කුඹුක්, පුවඟු, කොසඔ, සලල, කොළොම්, නුග, හිවුළු, ආදි විවිධ ගස් වර්ග සිටවාගෙන තිබුණි. දිනක් ලෝක නායක අනෝම දස්සී බුදුරජාණන් වහන්සේ ව්වේකයෙන් වැඩ සිටින්නට මෙම අසපුවට වැඩම කළහ. වැඩම කර ටික වේලාවකින් තථාගතයන් වහන්සේට වාතාබාධාවක් ඇති වුණි. වනයේ හැසිරෙමින් සිට් මේ තාපසතුමා භා...