"බක්කුල" මහ රහතන් වහන්සේ - Rev Bakkula of Buddha Sasana

 "බක්කුල" මහ රහතන් වහන්සේ 

අතීතයේදී බෙහෙත් පුජා කිරිමේ මහ පිංකම සිදුකරගෙන තිබුණි. (බක්කුල මහ රහතන් වහන්සේගේ චරිත් කතාව වෙනම විස්තර කළ යුතු අතර, මෙතන පිංකමට  අදාළ කරුණ පමණක් කියනු ලැබේ.)

බක්කුල මහ රහතන් වහන්සේ අතීතයෙහි බුදුරජාණන් වහන්සේලාගේ ශාසන වල මහා පිංකම් කරගෙන නිවන් සම්පත්තිය අවබෝධ කර ගන්නටම හේතු සම්පත් පුරම්න් ආවේ ය. මෙතුමා අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ පහළ වන විට ධනවත් බමුණෙක් ලෙස උපත ලැබීය. ගිහි ගෙය ගැන කලකිරි ඒ සියල්ල අතහැර හිමාල පර්වතය පාමුල සෘෂි පැවිද්දෙන් පැවිදිව, පංච අභිඥා අෂ්ඨ සමාපත්ති උපදවාගෙන, තවුසෙක් ලෙස එහි අසපුවක වාසය කළේය. මෙතුමාට විශාල ශිෂ්‍ය පිරිසක් සිටියහ.

ඒ ශිෂ්‍යයින් සමග අසපුවේ වාසය කරන මෙතුමා අසපුව වටා නික, ඩෙබර, නෙල්ලි, බොරළු දමින (උගුරැස්ස), සුදු නෙඵම්, ආළක, බෙලි, කෙසෙල්, නාරන්, උක්, කුඹුක්, පුවඟු, කොසඔ, සලල, කොළොම්, නුග, හිවුළු, ආදි විවිධ ගස් වර්ග සිටවාගෙන තිබුණි.

දිනක් ලෝක නායක අනෝම දස්සී බුදුරජාණන් වහන්සේ ව්වේකයෙන් වැඩ සිටින්නට මෙම අසපුවට වැඩම කළහ. වැඩම කර ටික වේලාවකින් තථාගතයන් වහන්සේට වාතාබාධාවක් ඇති වුණි. වනයේ හැසිරෙමින් සිට් මේ තාපසතුමා භාග්‍යවතුන් වහන්සේ ළඟට විත් බුදුරජාණන් වහන්සේ සිටින ඉරියව්වෙන් නිසැකයෙන්ම අසනිපය දැන ගත්තේය.

වහ වහා තමන්ගේ අසපුවට ආ තාපසතුමා සිසුන් සමඟ පර්වතයට නැග බෙහෙත් වර්ග සෙවිය. ඒ බෙහෙත් වලින් ඖෂධයක් සාදා බුදුරජාණන් වහන්සේට පුජා කළේය. තථාගතයන් වහන්සේ එම බෙහෙත් වැළදු මොහොතෙහිම එම වාතාබාධය වහා සන්සිදුනේය. එම බෙහෙතෙන් සුවපත් වු අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ එම ආසනයේ සිටම මෙසේ දේශණා කළහ.

"මට බෙහෙත්දී මේ වාතාබාධ රෝගය සංසිඳවු අයට ලැබෙන විපාක මේ දේශනා කරන්නෙමි"

"මේ අය මරණින් පසු කල්ප ලක්ෂයක්ම දෙවිලොව සිත් අලවා වාසය කරණවා. මේ පුණ්‍ය කර්මය නිසාම මිනිස් ලොව උපත ලබා දහස් වරක් සක්විති රජකම් ලබනවා. මෙයින් කල්ප පනස් පහකට පසුව, සතර දිවයින් වලටම මහා බලවත් “අනෝම” නම් රජෙක් ලෙස අධිපති වී තවිතිසා දෙව්ලොව කළඹවමින් අධිපතිකම කරණවා.දෙව් මිනිස් කුමන ආත්ම භවයක් ලැබුවත් ලෙඩ දුක් ඇතිවෙන් නැහැ. නිරෝගී බවමයි ලැබෙන්නේ. අනාගතයේදී ලොව පහළ වන ගෞතම බුදුපියාණන් වහන්සේගේ ශාසනයෙහිදී රහත්ව නිරෝගී අය අතරින් අග තනතුරැ ලබමින් පිරිනිවන් පානවා.

මෙම දේශනාව ඇසු මෙතුමා අතිශයින් සතුටු විය.ඉන්පසු භවයේ සැරි සරද්දි  අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ දේශනා කළ සියළුම විපාකයෝ ලැබීය. අප බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදිව සිව් පිළිසිඹියාපත්ව, අෂ්ට සමාපත්තිද, ෂඩභිඥාවෝද උපදවාගෙන මහ රහත් පදවියද එම පිංකම නිසාම ලබාගත් මෙතුමා නිරෝගී අය අතර අග්‍ර තනතුරද ලැබීය .

(අපදාන කථා - බක්කුල ථෙරාපදානය)


Rev Bakkula of Buddha Sasana 

In the past, the great ritual of offering medicine was done. (The character story of Bakkula Maha Rahat should be described separately, and here only the point related to piety is told.)

Sampath Puram was the reason why Bakkula Maha Arahant realized nirvana after doing great penkams in the teachings of Lord Buddha in the past. He was born as a rich Brahmin at the time of Anomadassi Buddha. Abandoning all that about the lay house, he became ordained as a sage at the foot of the Himalayas, attained the Pancha Abhijna Ashta Samapathi, and lived as a hermit there as a hermit. He had a large group of students.

He who lives in the hermitage with those students, surrounds the hermitage with Nika, Debara, Nelli, Boralu Damina (Ugurassa), Sudu Nephem, Alaka, Belli, Banana, Naran, Sugarcane, Kumbuk, Puwagu, Kosao, Salala, Kolom, Nuga, Hivulu, etc. Trees were planted.

One day, seeing the world leader Anoma Dassi, Lord Buddha came to this hermitage to rest. A little while after the visit, the Tathagata had an air condition. While walking in the forest, this ascetic came to the Blessed One and knew the Buddha's posture without doubt.

The ascetic immediately came to his hermitage and climbed the rock with his students in search of medicine. He made a medicine from that medicine and offered it to Lord Buddha. The moment the Tathagata applied the medicine, the air condition immediately subsided. Anomadassi Buddha, who was cured by that medicine, preached from that seat.

"I am going to preach the rewards of those who have been cured of this asthma disease with medicine."

"These people live in the divine world for one hundred thousand kalpas after death. It is because of this charity that they are born in the human world a thousand times and receive Sakvithi kingdoms. Fifty-five kalpas later, the four islands became the ruler of all the four islands as a great and powerful king named "Anoma" and continued to dominate the heavens. Karanava. No matter what kind of soul you get, you will get health. In the future, Gautama Buddha will attain the highest position among the healthy ones.

He was extremely happy after hearing this sermon. After that, he went about his life and got all the rewards preached by Lord Buddha. As a monk with Lord Buddha, he attained the title of Maha Rahat and received the title of Maha Rahat due to his meritoriousness.


Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

Extracts form " Light of Asia " by Sir Edwin Arnold