Posts

Showing posts from August 18, 2024

බුදුන්වහන්සේ හෝ බුදුසසුන ගැන කතාකිරීමේදී ප්‍රවේසම් වන්න - Be careful when you are Speaking about Buddha or his deciples since your specch might bring you sorrow for ever

Image
බුදුන්වහන්සේ හෝ බුදුසසුන ගැන කතාකිරීමේදී ප්‍රවේසම් වන්න  අද සමහර බෞද්ධයෝ , කර්ම විපාක ගැන අවබෝධයක් නැතිකම නිසාම කට වරද්දගෙන අමාරුයි වැටෙනවා ... මේ කතාවත් එහෙම කට වරද්දගෙන අමාරු වැටිච්ච කතාවක් . ධර්මය හරියට අවබෝධයක් නැති බෞද්ධයෝ , සංඝරත්නයට - සම්මා ගඩොල් , සම්මා කන්ට් ‍ රක්ෂන් , යැයි කියමින් ද , බුදුරජාණන් වහන්සේ උදෙසා හදන සෑ රජාණන් වහන්සේලා ට ගඩොල් ගොඩවල් යැයි කියමින් ද , වචනයෙන් බොහෝ අකුසල් රැස් කර ගන්නවා .. මේ වගේ විපාක මොන වගේ වේවිද ?? භාග් ‍ යවතුන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් මේ කර්ම විපාක වල ස්වභාවය පෙන්නලා දුන්නා .. ඒ වගේ රහතන් වහන්සේලාත් කර්ම විපාකවල ස්වභාවය පෙන්නලා දුන්නා .. මුගලන් මහරහතන් වහන්සේ අපායට , දිව් ‍ යලෝකෙට ගිහින් ඒ කර්ම විපාක ලෝකෙට එළි කලා .. මේ කර්මවිපාක ලෝකයාට එළිකරන්නේ අනුකම්පාවෙන්මයි .. සිත කය වචනය සංවර කරගෙන සතර අපායෙන් ගැලවිලා නිවන් දකින්න මාර්ගය හදලා දෙන්නයි කර්මවිපාකවල ස්වභාවය අපිට පෙන්නලා දුන්නේ .. සමහරු හිතනවා බුදුරජාණන් වහන්සේට , බුද්ධ පූජාවට ,