බුදුන්වහන්සේ හෝ බුදුසසුන ගැන කතාකිරීමේදී ප්‍රවේසම් වන්න - Be careful when you are Speaking about Buddha or his deciples since your specch might bring you sorrow for ever
බුදුන්වහන්සේ හෝ බුදුසසුන ගැන කතාකිරීමේදී ප්‍රවේසම් වන්න
අද සමහර බෞද්ධයෝ, කර්ම
විපාක ගැන අවබෝධයක් නැතිකම
නිසාම කට වරද්දගෙන අමාරුයි
වැටෙනවා...මේ කතාවත් එහෙම
කට වරද්දගෙන අමාරු වැටිච්ච කතාවක්.
ධර්මය
හරියට අවබෝධයක් නැති බෞද්ධයෝ, සංඝරත්නයට
- සම්මා ගඩොල්, සම්මා කන්ට්රක්ෂන්, යැයි කියමින් ද,
බුදුරජාණන්
වහන්සේ උදෙසා හදන සෑ රජාණන්
වහන්සේලා ට ගඩොල් ගොඩවල්
යැයි කියමින් ද, වචනයෙන් බොහෝ
අකුසල් රැස් කර ගන්නවා..මේ වගේ විපාක
මොන වගේ වේවිද??
භාග්යවතුන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන්
මේ කර්ම විපාක වල
ස්වභාවය පෙන්නලා දුන්නා.. ඒ වගේ රහතන්
වහන්සේලාත් කර්ම විපාකවල ස්වභාවය
පෙන්නලා දුන්නා..මුගලන් මහරහතන් වහන්සේ අපායට,දිව්යලෝකෙට ගිහින්
ඒ කර්ම විපාක ලෝකෙට
එළි කලා..
මේ කර්මවිපාක ලෝකයාට එළිකරන්නේ අනුකම්පාවෙන්මයි.. සිත කය වචනය
සංවර කරගෙන සතර අපායෙන් ගැලවිලා
නිවන් දකින්න මාර්ගය හදලා දෙන්නයි කර්මවිපාකවල
ස්වභාවය අපිට පෙන්නලා දුන්නේ..
සමහරු
හිතනවා බුදුරජාණන් වහන්සේට,බුද්ධ පූජාවට,චෛත්ති වලට බැන්නම කර්මය
විපාක දෙන එක පළි
ගැනීමක් කියලා..ඒක ඇත්තටම පළි
ගැනීමක් නෙවෙයි..ඒක මේ ලෝකේ
ධර්මතාවයක්..
ඒක මේවගේ දෙයක්..මනුස්සයෙක් තමන්ගේ ඔලුව හයියෙන් බිත්තියක
ගහනවා..
දැන්
මේ මනුස්සයාගේ ඔලුව පැලිලා ලේ
එනවා.
එතකොට
මේක දිහා බලාගෙන ඉන්න
මෝඩ මනුස්සයෙක් හිතනවා අර බිත්තිය මේ
මනුස්සයාගෙන් පළිගත්තා කියලා
ඒ වගේම මේක දිහා
බලන් ඉන්නවා බුද්ධිමත් මනුස්සයෙක්. ඒ මනුස්සයා කල්පනා
කරනවා
ඔලුව
පැලිලා ලේ ආවේ බිත්තිය
පළි ගත්ත හින්දා නෙවෙයි..
ඔලුව හයියෙන් බිත්තියේ ගහුවම බිත්තිය දැඩි නිසා ඔලුව
පැලිලා ලේ එන එක
තමයි ලෝක ස්වාභාවය කියලා..
දැඩි
දේකට ලාමක දෙයක් ගැටුනම
ඒක සුළු විසුණු වෙලා
යනවා.ඒක ලෝක ධර්මතාවයක්.
කර්මයත්
අන්න ඔය වගේ දෙයක්.කර්මය විපාක දීම ලෝක ස්වභාවයක්.
ධර්මතාවයක්. කර්මය විපාක දීම පළිගැනීමක් කියලා
හිතෙනවා නම් ඒක අමු
මෝඩකමක්.
මේ කතාව අද කාටත්
ගැලපෙන ලස්සන කතාවක්.අද වගේම එදත්
බුදුරජාණන් වහන්සේට ඒ වගේම බුද්ධ
ශාසනයට කර්ම විපාක නොදැන
චෝදනා කරපු අය හිටියා..
අනුරාධපුර
යුගයේ ලංකාවේ ස්වාමීන් වහන්සේලා පිරිසක් දඹදිව, බෝධීන් වහන්සේ වන්දනා කරන්නට පිටත් වුනා.
ලංකාවෙන්
නැව් නගලා ඉන්දියාවේ "කාවිරි
පටුනෙන්" ගොඩ බැස්සා.
මේ ස්වාමින්වහන්සේ ලා ටික පාර
හොයා ගන්න බැරුව කැලේ
අතරමං වුණා.දවස් හතක්
පාර හොයාගන්න බැරි වුණා.
ඔහොම
අතරමං වෙලා යනගමන්,දැක්කා
එක මනුස්සයෙක් කුඹුරක් සීසානවා...
ඉතින්
ස්වාමීන් වහන්සේලා අර මනුස්සයාට කතා
කළා.පින්වත් ගොවිය අපි දවස් හතක්
දැන් අතරමං වෙලා ඉන්නේ. අනේ
පුළුවන් නම් අපිට ජයශ්රී මහා බෝධින්
වහන්සේ ලඟට යන පාර
කියන්න..
එතකොට
අර ගොවියා ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම කිව්වා..
අනේ
ස්වාමීනී මං මනුස්සයෙක් නෙවෙයි..මං ප්රේථයෙක්.
ඔබ වහන්සේලා අතරමං වෙලා ඉන්නේ දවස්
හතයි.මං දැන් බොහෝ
කාලයක් තිස්සේ අතරමං වෙලා ඉන්නේ...
ස්වාමින්වහන්සේලා
පුදුම උනා..
ප්රේතය මොකක්ද ඒ
කතාව?? ඔබ මොකක් කරලද
අතරමං වෙලා ඉන්නේ?? මොකද්ද
ඔබ ප්රේතයෙක් වෙන්න
කරකරගත්ත කර්මය???
ස්වාමීනී,
කාශ්යප බුදුරජාණන් වහන්සේගේ
කාලයේ මම මනුස්සයෙක්..
අනේ
ස්වාමීනී, මට දැන් කන්නත්
නෑ. නිදා ගැනීමක් නෑ.
වාඩි වීමක් නෑ. දවස පුරාම
මං මේ කුඹුර සීසානවා..
අනේ
ස්වාමීනී, මේ නගුල, මේ
හරක්, මේ කුඹුර, මේ
හැමදෙයක්ම හාත්පස ගිනි ගන්නවා.
ඒ ගිනි ගනිද්දිම තමයි
මං දවසම මේ කුඹුර
හාන්නේ..
මගේ
කට වැරදුනු හින්දා තමයි ස්වාමිනි මට
මේ කරදරේ වුණේ..
ඉතින්
ප්රේතය, ඔය තරම් දුක්
විඳින්න මොකක්ද ඔබ වචනයෙන් කරගත්ත
කර්මය?.
ස්වාමීනී,
ඉස්සර දඹදිව කිකි නමැති රජ
කෙනෙක් රජ කරා. කාශ්යප බුදුරජාණන් වහන්සේ
පහළ වෙලා හිටියේ ඒ
කාලේ.
දවසක්
බුදුරජාණන් වහන්සේ මං හිටපු ගමට
වැඩම කළා.අපේ ගමේ
මිනිස්සු හරී සතුටෙන් ශ්රද්ධාවෙන් උන්වහන්සේට දානය පූජා කරගන්න
ලෑස්ති වුණා.. මං එදා හරක්
ටිකත් අරගෙන කුඹුරට ගියා සීසාන්න.
මං කුඹුර සී සාමින් ඉන්න
අතරේ..මගේ ඥාතියෙක් කුඹුර
ලඟින් ගියා..යන ගමන් මාව
දැකලා මෙහෙම කිව්වා..
"""උඹ
ඔය මොනවද කරන්නේ? අද කාශ්යප
බුදුරජාණන් වහන්සේ දානයට වඩිනවා..
අපි
හැමෝම උන්වහන්සේට දාන පූජා කරන්න
යනවා...උබත් ඔය වැඩේ
නවත්තලා වරෙන් යන්න දානේ පූජා
කරන්න.."""
එහෙම
කිව්වාම, මට ඒ වචන
වලට තරහ ගියා.. තරහ
ගිහින් මං ඒ ඥාතියාට
මෙහෙම කිව්වා..
"""මං
දානෙට ගියොත් මේ කුඹුර සීසාන්නේ
කවුද? බුදුරජාණන් වහන්සේ එනවද මගේ කුඹුර
සීසාල දෙන්න?? බුදුරජාණන් වහන්සේ එනවනම් මගේ කුඹුර සී
සහන්න මං එන්නම් උබලා
එක්ක දානේ පූජා කරන්න.."""
""ස්වාමීනී
මං ඔන්න ඔය වචන
ටික තමයි කිව්වේ. ඔච්චරමයි
කිව්වේ..ඊට පස්සේ මම
මැරුණා.මැරිලා ගිහින් මේ දුක්ඛිත ප්රේත ජීවිතයේ ඉපදුනා..
""අහෝ
නුවණති මිනිසුනේ, වචනයේ සංවර නොකළ මා
දැක සංවේගයට පත්වෙනු මැනවි.
එසේ
සංවේගයට පැමිණ සසර දුකින් නිදහස්
වෙන මැනවී...
ඔය විදිහට තමන්ගෙ පෙර ජීවිතයේ කතාව
කියපුවේ පෙරේතයා අර ස්වාමීන් වහන්සේලාගෙන්
ඇහුවා ඔබ වහන්සේලා කාගේ
ශ්රාවකයෝද කියලා???
ස්වාමින්වහන්සේලා
කිව්වා, අපි ගෞතම නම්
බුදුරජාණන් වහන්සේගේ ශ්රාවක භික්ෂූන්
වෙමි..කියලා..
මේක
අහපු පේ්රතයා තවත්
දුකට පත්වුනා.
අහෝ!
ගෞතම බුදුරජාණන් වහන්සේත් පහල වෙලා ද??
එතරම් කල් ගෙවිලද??
ස්වාමිනී..,මේ ප්රේත
ලෝකයේ දුක අවසන් වුනාම
මම අවීචියේ උපදිනවා..වචනයෙන් කරගත්ත කර්මයේ ඉතුරු විපාක මං අවීචීයේදි විඳවනවා..
ස්වාමිනී,
ගුණයෙන් අධික බුදුරජාණන් වහන්සේට
මගේ වචනයෙන් කළ කර්මයේ විපාක
ඔන්න ඕකයි..එක් දුෂ්ට වචනයක්
නිසා මං මෙච්චර දුකක්
විඳිනවා..
ස්වාමීනි,
කවුරු හරි ඒ ගුණයෙන්
අධික උතුමන් කෙරෙහි සිත පහදවනවානං ඒ
අයට යහපත් විපාක ලැබෙනවා!!!
මේ පෙරේතයා තව මේ දුක
විඳිනවා ඇති. තාමත් දවස
පුරාම, ගිනිගන්න ගමන් කුඹුරු හානව
ඇති.. ප්රේත ලෝකයේ
ආයුෂ ඉවර වුණාම,ඊටත්
වඩා දුක් තියෙන නිරයේ
දුක් විඳින්නත් ඕනේ.. අහෝ! කට වරද්දගෙන
වෙච්ච දෙයක්..
බෞද්ධ
විදියට ඔය හදන ස්ථූප
වලටවත්,බුද්ධ පූජාවටවත්, ආර්ය මහ සංඝරත්නයටත්,
නිකුරුනේ දොස් කියන්න යන්න
එපා..ඒකේ විපාක අපිට
කොහොම,කොතන, විපාක දෙයි ද කියලා
කියන්නට බෑ..
කැමති
කෙනෙක් කැමති සිට පින් කර
ගත්තාවේ..ඒවට අකමැති නං
කට වරද්ද ගන් නැතුව පාඩුවෙ
ඉන්න..එක වචනයි වරදින්න
ඕනේ, සසර පුරා අනේක
දුක් විඳින්න වෙනවාමයි!!!..
දුර්ලභව
ලැබුණු මනුස්ස ජීවිතයේ, දුර්ලභව මුණගැසුණු බුද්ධ ශාසනයේ, දුර්ලභව ඉදි වන සෑ
රජාණන් වහන්සේ නමකට,එක ගඩොලක්
හරි දීලා සසර දුකෙන්
නිදහස් වෙත්වා!!!
Comments
Post a Comment