Posts

Showing posts from May 17, 2026

පටිච්ච සමුප්පාදය (හේතු-ඵල දහම ) - Paticcha Samuppadaya (the doctrine of cause and effect)

Image
  පටිච්ච සමුප්පාදය (හේතු-ඵල දහම ) පටිච්ච සමුප්පාදය (හේතු-ඵල දහම) යනු  ගෞතම බුදුන් විසින්  දේශනා කළ ඉතා ගැඹුරු බෞද්ධ දර්ශනයකි. මෙයින් පෙන්වන්නේ “සියලු දේ හේතු සහ ප‍්‍රත්‍යයන් මත ඇතිවී නැතිව යනවා” යන සත්‍යයයි. කිසිවක් අහඹුවෙන් හෝ ස්ථිර ආත්මයක් මත නොපවතින බව මෙය පැහැදිලි කරයි. පටිච්ච සමුප්පාදයේ අර්ථය පටිච්ච සමුප්පාදයේ අර්ථය “පටිච්ච” = හේතුවක් හෝ ආධාරයක් ඇසුරින් “සමුප්පාද” = උපත ලැබීම / ඇතිවීම එනම්, “හේතු ඇති විට ඵල ඇතිවේ. හේතු නැති විට ඵල නැතිවේ.” මෙය “හේතු-ඵල නියමය” ලෙසද හැඳින්වේ. ද්වාදශ නිදාන (12 Links) 1. අවිජ්ජා පච්චයා සංඛාරා අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවේ චතුරාර්ය සත්‍ය නොදැනීම අවිජ්ජාවයි. අනිත්‍ය, දුක්ඛ, අනත්ම ස්වභාවය නොදැනීම. මේ අඳුරුභාවය නිසා පුද්ගලයා කර්ම රැස් කරයි. උදාහරණය: ලෝක සම්පත් සදාකාලිකයි කියා සිතා ලෝභයෙන් ක්‍රියා කිරීම. 2. සංඛාරා පච්චයා වින්ඤ්ඤානං සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ සංඛාර යනු චේතනාත්මක කර්ම. ඒ කර්ම ශක්තිය අනුව චිත්ත ප්‍රවාහය ගමන් කරයි. 3. වින්ඤ්ඤාන පච්චයා නාමරූපං විඤ්ඤාණය නිසා නාම-රූප ඇතිවේ “නාම” = වේදනා, සඤ...