මෛත්‍රි භවානාව LOVING KINDNESS MEDITATION मैत्री भावना
LOVING KINDNESS MEDITATION
(Maitri Bhavana )
බුදුදහමේ ඉගැන්වෙන උතුම්ම ගුණාංගයක් ලෝකය සුවපත් කරන මහා බලවේගය - මෛත්‍රිය ** "සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!" බුදුදහමේ අපට හමුවන සතර බ්‍රහ්ම විහරණ අතරින් ප්‍රධානතම ගුණය වන්නේ මෛත්‍රියයි. මෛත්‍රිය යනු හුදෙක් "ආදරය" පමණක් නොවේ. එය කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව, සියලු සත්වයන් කෙරෙහි පතුරුවන අසීමිත හිතවත්කමයි.
මොකක්ද මේ මෛත්‍රිය කියන්නේ?
බුදුදහමට අනුව මෛත්‍රිය යනු 'මිත්ත' (මිතුරා) යන වචනයෙන් බිඳී ආවකි. එහි අර්ථය වන්නේ සියලු දෙනා කෙරෙහි මිතුරෙකු මෙන් හිතවත් බවක් දැක්වීමයි.
- අසීමිත බව: තමන්ට උදව් කරන අයට විතරක් නෙවෙයි, තමන්ට හතුරුකම් කරන අයට පවා එක හා සමානව මෙත් සිත පැතිරවීම මෙහි ඇති සුවිශේෂී බවයි.
- උදාහරණයක්: මවක් තම එකම පුතු පණ මෙන් සුරකිනවා සේම, මුළු ලෝකය කෙරෙහිම එවැනි අප්‍රමාණ මෙත් සිතක් වැඩිය යුතු බව කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වේ.
මෛත්‍රිය ප්‍රායෝගිකව පුරුදු කරන්නේ කොහොමද? (උදාහරණ)
- වෛරයට වෛරයෙන් පිළිතුරු නොදීම: යමෙකු ඔබට බැණ වැදුණහොත් හෝ අපහාස කළහොත්, පෙරළා එසේ නොකර "ඔහු ද පෘථග්ජන මිනිසෙකි, ඔහුට යහපතක් වේවා" යැයි සිතීම.
- සතුන් කෙරෙහි දයාව: කුඩා කුහුඹුවාගේ සිට ලොකුම සත්වයා දක්වා සියලු ජීවිත වලට වටිනාකමක් දීම.
- ස්වේච්ඡාවෙන් උදව් කිරීම: අසරණ වූ කෙනෙකුට, රෝගියෙකුට හෝ මහලු අයෙකුට හදවතින්ම උදව් කිරීම මෛත්‍රියේ ප්‍රායෝගික පැත්තයි.
මෛත්‍රිය වැඩීමෙන් ඔබට ලැබෙන ආනිශංස 11 ක්!
බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි මෛත්‍රිය වඩන කෙනෙකුට ලැබෙන ආනිශංස කිහිපයක්: සුවසේ නින්ද යාම. සුවසේ පිබිදීම. නරක හීන නොපෙනීම. දෙවියන්ගේ රැකවරණය ලැබීම. මුහුණ ප්‍රසන්න වීම. මරණාසන්න මොහොතේ සිහිය මුළා නොවීම. අද සිටම අපි උත්සාහ කරමු...
बौद्ध धर्म में सिखाए गए सबसे बड़े गुणों में से एक है दुनिया को ठीक करने वाली महान शक्ति - मैत्रेय ** "सभी जीव दुख से मुक्त हों! वे स्वस्थ रहें! वे ठीक हो जाएं!" बौद्ध धर्म में पाए जाने वाले चार ब्रह्म विहारों में, सबसे ज़रूरी गुण मैत्रेय है। मैत्रेय सिर्फ़ "प्यार" नहीं है। यह बिना किसी फ़ायदे की उम्मीद के सभी जीवों के प्रति फैलाई जाने वाली बेहिसाब दोस्ती है।
यह मैत्रेय क्या है?
बौद्ध धर्म के अनुसार, मैत्रेय शब्द 'मित्त' (दोस्त) से बना है। इसका मतलब है दोस्त की तरह सभी के प्रति दोस्ती दिखाना।
बेहिसाब: इसकी खासियत यह है कि यह न सिर्फ़ आपकी मदद करने वालों के प्रति, बल्कि आपके दुश्मनों के प्रति भी बराबर दया फैलाता है।
उदाहरण: जैसे एक माँ अपने इकलौते बेटे की रक्षा ऐसे करती है जैसे वह उसकी अपनी जान हो, वैसे ही करणीय मेत्ता सुत्त कहता है कि व्यक्ति को पूरी दुनिया के लिए ऐसी ही अपार प्रेम-कृपा विकसित करनी चाहिए।
आप असल में प्रेम-कृपा का अभ्यास कैसे करते हैं? (उदाहरण)
नफ़रत का जवाब नफ़रत से न देना: अगर कोई आपको डांटता है या बेइज्ज़ती करता है, तो ऐसा करने के बजाय, सोचें, "वह भी इंसान है, उसका भला हो।"
जानवरों के लिए दया: सबसे छोटी चींटी से लेकर सबसे बड़े जीव तक, सभी की ज़िंदगी को अहमियत देना।
अपनी मर्ज़ी से मदद करना: किसी बेसहारा, बीमार या बुज़ुर्ग की दिल से मदद करना प्यार और दया का प्रैक्टिकल पहलू है।
प्यार और दया बढ़ाने से आपको ये 11 फ़ायदे मिलेंगे!
जैसा कि बुद्ध ने कहा है, प्यार और दया बढ़ाने वाले इंसान को ये फ़ायदे मिलते हैं: अच्छी नींद आना। अच्छी नींद आना। बुरे सपने न आना। भगवान का साथ मिलना। एक अच्छा चेहरा। मौत के समय होश न खोना। आइए आज से कोशिश करें...
One of the greatest virtues taught in Buddhism is the great power that heals the world - Maitreya ** "May all beings be free from suffering! May they be healthy! May they be healed!" Among the four Brahma Viharas that we find in Buddhism, the most important virtue is Maitreya. Maitreya is not just "love". It is the boundless friendliness that is spread towards all beings, without any expectation of profit.
What is this Maitreya?
According to Buddhism, Maitreya is derived from the word 'mitta' (friend). Its meaning is to show friendliness towards everyone like a friend.
Boundlessness: The uniqueness of this is that it spreads kindness equally not only to those who help you, but also to those who are your enemies.
Example: Just as a mother would protect her only son as if he were her own life, the Karaniya Metta Sutta states that one should develop such immense loving-kindness for the entire world.
How do you practice loving-kindness in practice? (Examples)
Not responding to hatred with hatred: If someone scolds or insults you, instead of doing so, think, "He is also a human being, may it be well with him."
Compassion for animals: Giving value to all lives, from the smallest ant to the largest creature.
Helping voluntarily: Helping someone who is helpless, sick, or elderly from the heart is the practical side of loving-kindness.
11 benefits you will receive from developing loving-kindness!
As the Buddha has preached, here are some of the benefits that a person who develops loving-kindness receives: Sleeping soundly. Waking up soundly. Not having bad dreams. Receiving the protection of God. A pleasant face. Not losing consciousness at the moment of death. Let's try from today...

Comments
Post a Comment