සසර ගමන සහ අපගේ අනාගතය - Our Life Journey and Future Life

සසර ගමන  සහ අපගේ අනාගතය 

Our Life Journey and Future Life

සසර බියකරු නොවේද ? අප සියලු දෙනම සසර දුක ගැනත් ,සසර දුක කෙලවර  කර නිවනින් සැනසිය යුතු බවත් අපේක්ෂා  කරති . 

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේද නිරතුරුවම සසරේ බියකරු බව ගැනත් ,සසර දුක මතම පහිටි බවත් , මඳක් හෝ සැපතක් සසර ජීවිත තුල ඇත්නම් ,තමන් වහන්සේ සසර දුක යයි නොපවසන බවත් ,දේශනා කල සේක . 

සසර යනු කවරේද ? සසර යනු අප සියලු දෙනාම මෙය කල්ප ගනනක පෙර සිට මැරෙමින් ඉපදෙමින් විවිධ භවයන්හි ගත කල සහ ගතකරමින්  යන ජීවිතයි .

මෙම ජීවිත අවුරුදු කල්ප කෝටි  ගණනක සිට කාම ලෝක ,රුප ලෝක සහ අරුප ලෝක වල පැවත  ආ ජීවිතය .

මෙම සසර ජීවිත අසුරු කරගත් අප සිත කර්මානු රූපව ප්‍රතිසන්ධි ගතවෙමින් පැවතීම සසර දිගටම පැවතීම ලෙස සැලකිය හැක .

සසර දුක විඳීමට හේතුව නම් පෙර සසරේ රැස්  කරගත් අකුසල් සහ  කුසල් කර්ම ශක්තිය හා අප සිත තුල ඇතිවෙමින් නිතර පවතින රාග ,ද්වේශ සහ මෝහ සිතිවිලි සංස්කාර රැස්  කරමින් උපාධන ශක්තිය මගින්  නැවත නැවත භාවයන්  දිගි දිගටම ඇති කිරීමයි. 

ඔබ නිතරම සිතන්න ඔබගේම සිත ඔබව මුලාවට පත්කර ඔබව දුකට ඇද දමන බව .

එම නිසා සිත ගැන නිතර සිතන්න .එනම් සිහියෙන් සිටින්න - බුදු වදන අනුව මනසිකාරය පවත්වගන්න.  

සිත නොනවතින ගමනක යෙදී සිටියි - 

අප සිත පරම්පරාවක් ලෙසට දිගින් දිගට සසර ගාමනේ  යෙදී ඇත .එම සිත් පරම්පරාවට උරුමවූ සියලු දෙය යහපත් සහ අයහපත් කර්ම විපක ලෙසට අප සසර ජීවිත තුල සසර ගමන තුලදී බුක්ති විඳිමින් සිටී .

එම නිසා සිතට සසර ගමන තුලදී පවතින්නට , මාධ්‍යයක් ලෙසට යම් භවයක් ප්‍රතිසන්ධි තල 31 කක්  තුල කර්මානු රුපව සිත විසින් තෝරා ගනී . 

සිත පෙර ආසන්නතම හෝ ඊට පෙර භවයක කුසල  හෝ අකුසල ශක්තීන් අනුව භවය තෝරාගෙන 
උපත හෙවත් ප්‍රතිසන්ධිය ඇති කර ගනී.

සියලු සත්වයා සැප සොයා නොනවතින සසර ගමනක යෙදී සිටීයි 

අපගේ  සිත නිතරම සොයනුයේ සැපයි . අපගේ සිත සැප යයි වැළඳ ගන්නා  පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන සියලු දෙය නිත්‍ය නොවන නිසා . ඔබ අප වැලඳ ගන්නා සියලු සැප ,දුකකින්ම අවසාන වේ .

සැප සොයා නොනවතින සසර ගමනක යෙදී සිතන සත්වයා ,මිරිඟුව පසු පස දුවන මුවන් මෙන්, තමසිත විසින්ම තමා රවටා , මුලාවට පත් කර සසරී අතරමන් කරවයි .

මේ සියල්ලටම හේතුව අප සිතෙහි තෘෂ්ණාව මුල්  කරගත් රාග ,ද්වේශ සහ මෝහ යන සිතිවිලි බව තේරුම් ගන්න.

වරෙක අප බුදුරජාණන් වහන්සේ සසර සැරිසරන සත්වයා , " තණ්හාය දාසෝ " හෙවත් 
තන්හාවේ දාසයන් හෙවත් මෙහෙ කරුවන් ලෙස හැඳින්වුයේ එම නිසාය . 

අප භාග්‍යවත් බුදුරජානන් වහන්සේගේ ප්‍රථම බුද්ධ වචනය වුයේ ද 

" ආත්මය ( භාවය ) නමැති ගෙය හදන වඩුවා මා දුටිමි ,එම  ආත්මය නමැති ගෙය හදන සියලු

 අන්ගෝපංග (තෘෂ්ණාව මුල්කරගත් කෙලෙස් ) මා විසින් සිඳ  බිඳ දමන ලදී . 

එබැවින් නැවත මා හට එම ආත්මය නමැති ගෙය එම වඩුවාට  සෑදිය නොහැක "යන්නයි

 මේ අනුව බලන කල අප නිතරම කුසල් වඩමින් අකුසල් දුරු කරමින් ,සිත එකඟ කරගැනීමේ භාවනාවක යෙදෙමින් මෙමෙ දුක් සහිත භාව ගමන නතර කර ගැනීමට පියවර ගත යුතුය .

නැතහොත් අප සිත ඇසුරු කරගත් සංස්කාර ( පුන්‍යාභි හෝ අපුන්‍යභි ) එනම් කුසල් සහ අකුසල් ස්වභාව ධර්මයේ ඇසුරෙන් පල දෙමින් ,තව තවත් ආත්මයන් (භවයන් ) නිර්මාණය කරමින්  සසර දික් කරනු ඇත .    

Isn't it scary? All of us hope for the end of worldly sorrows and to find comfort in nirvana.

Our Blessed Lord Buddha always preached about the fear of the world, that the world is based on suffering, and that if there is even a little happiness in the life of the world, he would not call it the world of sorrow.

What is Sasara? Sasara means the lives that we all have lived and are living in different forms of birth and death since ages ago.

This life has existed for billions of years in Kama Loka, Rupa Loka and Arupa Loka.

The fact that our mind, which has collected these mundane lives, is being reunited in the form of karma can be considered as the continuation of samsara.

The reason for the suffering of sasaras is that the karma energy accumulated in the previous sasaras and the rasa, hatred and delusional thoughts that are constantly arising in our mind accumulate and continue to create repeated states through the upadhana energy.

You always think that your own mind is deceiving you and making you sad.

Therefore, think about the mind often.

The mind is constantly on a journey -
As a generation of our minds, we have been engaged in the journey of the world.

Therefore, the mind chooses the Karma form in 31 planes of reciprocity as a medium to exist in the journey of the mind.

The mind chooses the existence according to the merit or demerit energies of the nearest or previous existence Birth or reconciliation takes place.

All creatures are on a constant journey in search of pleasure . Our heart is always looking for happiness. Because everything that is perceptible to the five senses, which our mind embraces as pleasure, is not permanent. All the joys we embrace in you end in sorrow.

A thinking creature in a constant search for pleasure, like a deer running after a mirage, its own mind deceives, misleads and wanders.

Understand that the reason for all this is the thoughts of lust, hatred and delusion in our mind.

Once upon a time, Lord Buddha named all Beings  as  wandering creatures based on lust and attachment  , "Tanhaya  Daso". That is why they were called slaves or servants of Tanha.

Was it the first Buddha's words of our Blessed Lord Buddha?

"I saw the carpenter building the house of soul for me , and all the builders ( reasons )  of that house of soul. or  Angopanga (defilement rooted in lust) All were  destroyed by me.

Therefore again the carpenter  cannot build the house of the spirit ( Existance )  for me hereafter 

 From this point of view, we should always take steps to stop this sad journey by cultivating virtues, eliminating vices, and engaging in meditation to reconcile our hearts. or the samskaras (punyabhi or apunyabhi) that we are associated with the mind, i.e. merits and demerits in association with nature, will produce and create more souls (bhavayan) and extend the life.


  

  







 

    

Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

Extracts form " Light of Asia " by Sir Edwin Arnold