සක් දෙවිඳුගේ කථා වස්තුව - The story of Lord Skra in the Divine World

 


සක් දෙවිඳුගේ කථා වස්තුව

පින්වලට කවුරුත් කැමතියි. නමුත් පින් වලින් ලැබෙන සැප මොනවාද කියා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. එ් නිසා පින් කරන්න කැමති වුණත්, පින්වලට උනන්දුවක් නැහැ. පින ගැන අවබෝධයක් තියෙනවා නම්, එ් කෙනා දක්ෂ මල් කාරයෙක් වගෙයි. මල් නෙලන්නට මල් තියෙන තැන් සොය සොයා යනවා වගේ පින් රැස්කරගන්නට පුළුවන් සෑම තැනකින්ම ප්‍රයෝජනය ගන්නවා.

චාතුම්මහාරාජික, තාවතිංස නමින් දිව්‍ය ලෝක දෙකක් තියෙනවා. එම දිව්‍ය ලෝක දෙකේම අධිපති භාවය ලැබූ කෙනාට තමයි සක් දෙවිඳු කියන්නේ. ශක්‍ර දෙවියන් කලින් මිනිස් ලොව හිටිය කෙනෙක්. ඔහු ගොඩාක් පින් කළා. දවසක් ලිච්ඡවි කුමාවරුන් ශක්‍ර දෙවියන් ගැනත්, බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ ශක්‍ර දෙවියන්ගේ අතීත ජීවිත කථාව පෙන්වා වදාළා.

එකමත් එක කාලෙක මගධ දේශයෙහි ‘මචල’ කියල ගමක් තිබුණා. මේ ගමේ තරුණයෙක් හිටියා. ඔහුගෙ නම මඝ. මඝ මාණවකයා කියලයි ඔහු ප්‍රසිද්ධ වුණේ. ඔහු මිනිසුන්ට හරිම ආදරෙයි. හැමෝටම උදව් කරනවා. හැම දෙනාගෙම සැපදුක් බලනවා. එ් වගේම ඔහු සිල්වන්තයි. ඔහු ජීවිත කාලය පුරාම උතුම් ගුණ ධර්ම හතක් සමාදන් වෙලා හිටියා. එ් ගැන බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වා වදාළා.

“පින්වත් මහණෙනි, සක්‍ර දෙවියන් මිනිස් ලොව ජීවත්ව සිටියදී, උතුම් ගුණ ධර්ම හතක් සමාදන් වුණා. එ් ගුණ ධර්ම හත නම් මේවාය.

1. දිවි තිබෙන තුරා මං මව් පිය දෙදෙනාට ආදර භක්තියෙන් යුක්තව උපස්ථාන කරන කෙනෙක් වෙනවා.

2. දිවි තිබෙන තුරා මං වැඩිහිටියන්ට සලකන, ගුරුදෙගුරුන්ට සලකන, ආදර ගෞරව දක්වන කෙනෙක් වෙනවා.

3. දිවි තිබෙන තුරා මං ඉතා යහපත් මුදු මොළොක් වචන කතා බස් කරන කෙනෙක් වෙනවා.

4. දිවි තිබෙන තුරා මං කේලාම් නොකියන කෙනෙක් වෙනවා.

5. දිවි තිබෙන තුරා මං ගිහි ගෙදර වාසය කරද්දී ලෝභ රහිත සිතින් යුක්ත වෙනවා. දන් දෙන කෙනෙක් වෙනවා. මං ළඟට ඕනෑම කෙනෙක් යමක් ඉල්ලගෙන එනවා නම් එ් ඉල්ලීමට සුදුසු කෙනෙක් වෙනවා. දන් දීම පිණිස අත් සෝදාගත්තු කෙනෙක් වෙනවා. දානය පිණිසම සිත යෙදවූ කෙනෙක් වෙනවා. ඉතා සතුටින් දන් දෙන කෙනෙක් වෙනවා. පරිත්‍යාග කරන කෙනෙක් වෙනවා.

6. දිවි තිබෙන තුරා මං සත්‍ය වචන කතා කරන කෙනෙක් වෙනවා.

7. දිවි තිබෙන තුරා මං ක්‍රෝධ සිත් නැති කෙනෙක් වෙනවා. යම් හෙයකින් මා තුළ ක්‍රෝධයක්, තරහක්, වෛරයක් හටගත්තොත් එ් ක්ෂණයෙන්ම මං එ් අකුසලය දුරුකරනවා. බැහැර කරනවා. නැති කරනවා.

මෙන්න මේ ගුණයන්ගෙන් යුතු මඝ මාණවකයා තමයි අදත් ශක්‍ර දෙවියන් ලෙසට තනතුර හොබවන්නේ 


සබ්බ දානං ධම්ම දානං ජිනාති 



Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

Extracts form " Light of Asia " by Sir Edwin Arnold