සාධුකාර දීමේ අනුසස් - Buddha's Vision Excells all Others

 

සාධුකාර දීමේ අනුසස්

සැවැත් නුවර විසූ එක් රූමත් කාන්තාවකගේ සැමියා තථාගතයන් වහන්සේගෙන් බණ අසා ගිහිව සිට මේ ධර්මය අනුව නො පිළිපැදිය හැකිය යි සිතා විහාරයට ගොස් එක්තරා පිණ්ඩපාතික තෙරනමක් සමීපයෙහි පැවිදි විය. පසේනදී කොසොල් රජතුමා අස්වාමික වු කාන්තාව ස්වකීය අන්තඃපුරයටගෙන්වා ගත්තේ . දිනක් රජතුමා නිලුපුල් මල් මිටියක් ගෙන අන්තඃපුරයට පිවිස එක් ස්ත්රියකට එක මල බැගින් දුන්නේ . කාන්තාවට මල් දෙකක්ම ලැබුණේය. ඉමහත් ප්රීතියකින් මල් ගෙන සිප මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇගේ සැමියා සිහි වී හැඬුවා . රජතුමා ඇගේ ක්රියාව දැක ඇය ගෙන්වා කරුණු විචාළේය. මේ තොමෝ මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇගේ පුරාණ සැමියා සිහි වී හැඬු බව රජුට දැන්වූවා . රජුට එය නොපිළිගත හැකි විය. දෙතුන් වරක් ඇසූ කී නමුත් රජු එය විශ්වාස නොකළේ . රජතුමා ඇගේ කීම විමසනු පිණිස පසු දින සියලූ සුවඳ වර්ග රජගෙයින් ඉවත් කරවා අසුන් පනවා බුදුපාමොක් මහසඟන වැඩම කරවා දන් දී ස්ත්රීයගෙන් භික්ෂුව අසා දැනගෙන බුදුරදුන්වෙත එළඹ ස්වාමිනි, අපට අනුමෙවෙනි බණ කීමට අසවල් භික්ෂුන් වහන්සේ නවත්වා නුඹ වහන්සේ සෙසු භික්ෂුන් වහන්සේ සමඟ විහාරයට වැඩම කරන සේක්වායි සැල කළේ . භාග්යවතුන් වහන්සේ භික්ෂුන් සමග විහාරයට වැඩම කළ සේක. තෙරණුවන් දහම් දෙසුම අරඹනු සමගම රජගෙය සුවඳ දැයින් පිරීගියාක් මෙන් විය. රජතුමා කාන්තාවගේ කීම සැබෑය යි පැහැදී පසු දින භාග්යවතුන් වහන්සේ වෙත එළඹ තෙරනුවන්ගේ මුවින් සුවද විහිදිමේ හේතුව විචාළේය. මහරජ, භික්ෂුව අතීතයෙහි දහම් අසමින් ප්රීතියෙන් සාදුකාර දුන්නේ . පිනෙන් භික්ෂුවගේ මුවින් සුවඳ විහිදෙන්නේ යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක.

සද්ධම්ම දෙසනාකාලෙ - සාධුසාධුති භාසතො,

මුඛතො වාසතෙ ගන්ධො - උප්පලං යථොදකෙ

(මනෝරථපූරණී)

තථාගත ධර්මය ඇසීම් මාත්රයෙන් හා සාදුකාරදීම් මාත්රයෙන්ද එසේ කරනුවන්ට නොයෙක් අනුසස් ලැබෙන්නේ ධර්මයේ යහපත් බව හෙවත් ස්වාඛ්යාත භවය නිසාය.

තෙරුවන් සරණයි ....!


සබ්බ දානං -  ධම්ම දානං  ජිනාතී 

Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

භාරතයේ අනෝමා නදියෙන් ඉහළට ගිය සිද්ධාර්ථ තාපසතුමාගේ පාත්‍රයේ ධාතුව The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था