Powered By Blogger

Friday, April 26, 2024

අටපිරිකර - මේ තොරතුරු කියවා අවබෝධ කරගන්න.

 

අටපිරිකර - නොදන්නා මේ තොරතුරු කියවා අවබෝධ කරගන්න..!

බෝසතාණන් වහන්සේගේ මෑණියන් වහන්සේ දින හතකින් කළුරිය කරලා මාතෘ දිව්‍යරාජයා වශයෙන් දිව්‍ය ලෝකයෙහි උප්පත්තිය ලබනවා. පසුව ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ හදා වඩා පෝෂණය කරනවා. අවුරුදු දහසයේ දී විවාහ ජීවිතයට පත්වෙනවා.

අවුරුදු විසි නවයක් ගිහිගෙදර කල්ගෙවලා රාහුල කුමාරයන්ගේ උප්පත්තිය සිද්ධවන දවසේදී ම

රාහුලෝ ජාතෝ බන්ධනං ජාතෝ”

රාහුලයෙක් උපන්නා බන්ධනයක් ඇති වුණා කියන සංවේගය ඇතිවෙනවා.ඊට පෙර උන්වහන්සේ සතර පෙර නිමිති දකිනවා. මහල්ලෙක්, ලෙඩෙක්, මළ මිනියක් සහ පසුව පැවිදි රුවක් දැකලා මේ ජීවිතය ගැන කල කිරෙනවා. එදවස රාත්‍රී නාට්‍යාංගනාවන්ගේ විකාර දැක කල කිරීමට පත්වෙනවා. තමන්වහන්සේ මධ්‍යම රාත්‍රියේ ඡන්න ඇමතියාත් කන්ථක අශ්වයාත් සමඟ මහාභිණිෂ්ක්‍රමණය කරනවා. එසේ මහාභිණිෂ්ක්‍රමණය කරමින් අනෝමා ගංතෙරදී කෙස්වැටිය කපලා මහණදම් පුරන්න අධිෂ්ඨාන කරනවා.

ඒ වේලාවේ තමයි ඝටීකාර කියන බ්‍රහ්මරාජයා විසින් අටපිරිකර පූජා කරන්නේ. කාටද? මහා බෝසතාණන් වහන්සේට. මේ අට පිරිකර ගැනත්, ඝටීකාර බ්‍රාහ්මණය ගැනත් වටිනා කරුණු දෙකක් මෙතන කියවෙනවා. එයත් අපි දැනගත යුතුමයි.

ඝටීකාර බ්‍රහ්මයා කියන්නේ කවුරුත් නෙමෙයි, අපේ බෝසතාණන් වහන්සේ පාරමී පූරණ කාලයේ කාශ්‍යප සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ කාලයේ ජෝතිපාල මානවකයා වශයෙන් උපන්නා. ඒ කාලයේ හිටපු හොඳම කල්‍යාණ මිත්‍රයන් තමයි මේ ඝටීකාර කියන බ්‍රාහ්මණ තුමා. ඝටීකාර කියල කියන්නේ අනාගාමී උතුමන් වහන්සේ නමක්. උන්වහන්සේගේ එකම, හොඳම යහළුවා තමයි ජෝතිපාල ඔහු කවදාවත් බුදුරජාණන් වහන්සේ දකින්ට. ඇසුරු කරන්නට කැමැත්තක් දැක්වූයේ නෑ. එතුමාගේ මඟ පෙන්වීම නිසාතමයි බුදු පියාණන් වහන්සේ දැක පැහැදී සසුන්ගත වෙන්නේ මේ ජෝතිපාල මානවකයා. නමුත් මේ ඝටීකාර තුමා අනාගාමීව සිටියත් මහණවෙන්න ලැබෙන්නෙ නෑ. හේතුව නම්, තමන්ගේ ඇස් නොපෙනෙන වයස්ගත අම්මා හිටියා ගෙදර. මේ අම්මාට ඇප උපස්ථාන කරන්න ඕන නිසා. නමුත් පසු කාලයක දී ඒ රහත් භාවය ලැබුවෙත් නෑ. එතනින් චුතවෙලා පඤ්චසුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබුවා. බ්‍රහ්ම ලෝකයේ උපත ලැබූ මේ ඝටීකාර කියන තමන්ගේ හොඳම යහළු මිත්‍රයා ඒ මහා බ්‍රහ්මයා තමයි මේ අටපිරිකර අරගෙන ආවේ.

මේ අටපිරිකර කොහෙන් ද ලැබුණෙ කියලත් අප බලන්න ඕනේ. මේ ලෝකය විනාශ වෙලා, මේ ලෝකය සකස්වෙනවා. මේ ලෝකය සකස්වෙන ගමනේ දී මුලින් ම මහා විශාල වර්ෂාවක් වහිනවා. මේ වර්ෂාවෙන් ක්‍රම ක්‍රමයෙන් සම්පූර්ණයෙන් ම ජලයෙන් පිරී ඉතිරී යනවා. එසේ ජලයෙන් පිරී ඉතිරී ගියාට පස්සේ මුලින් ම පස් පිඬක් මතුවෙන්ට පටන් ගන්නවා. මේ පස් පිඬ මතුවෙන්න මත්තෙන් එතන හට ගන්නවා නෙළුම් පඳුරක්. මේ නෙළුම් පඳුරේ පහළ වෙනවා නෙළුම් මල්. මේ නෙළුම් මල්වලට අනුව තමයි අටපිරිකර පහළ වන්නේ. ඉතින් පංචසුද්ධාවාසයේ සිටින බ්‍රහ්මයන් මේ ගැන අවධානයෙන් ඉන්නවා. ඒ පහළවෙන නෙළුම් පඳුරේ නෙළුම් කැකුළු කීයක් තියෙනවාද? එක නෙළුම් කැකුළක් නම් ඒ උතුමෝ හිතනවා මේ කාලයේ පහළවෙන්නෙ එක බුදුකෙනෙක් විතරයි. නෙළුම් දෙකක් නම් බුදුවරු දෙනමක් විතරයි. නෙළුම් තුනක් නම් බුදුවරු තුන්නමක්, නෙළුම් මල් හතරක් නම් බුදුවරු හතර නමක්, නෙළුම් මල් පහක් නම් බුදුවරු පස් නමක්. ඉතින් ඒ එක එක නෙළුම් මලට ආවේණිකව අට පිරිකර පහළ වෙනවා. ඉතින් මේ පහළවෙන අටපිරිකර සියල්ලක් මේ පංචශුද්ධාවාස බ්‍රහ්ම ලෝකවලට රැගෙන ගිහින් එහේ තියාගෙන ඒ සුදුසු කාලයේ දී මහාභිනිෂ්ක්‍රමණය කළාට පස්සේ ඒ සුදුසු කාලයේ දී ඒ බෝසතාණන් වහන්සේලාට පිළිගන්වනවා.

එක බුදුකෙනෙක් පහළ වෙනවා නම් එක කල්පයක් අප හඳුන්වන්නේ සාර කල්පය කියලා.

බුදුවරු දෙනමක් පහළ වෙනවා නම් ඒ කල්පය අප හඳුන්වන්නේ මණ්ඩ කල්පය කියලා.

බුදුවරු තුන්නමක් පහළ වෙනවා නම් ඒ කල්පය හඳුන්වන්නේ වර කල්පය කියලා.

බුදුවරු හතර නමක් පහළ වෙනවා නම් ඒ කල්පය හඳුන්වන්නේ සාරමණ්ඩ කල්පය කියලා.

බුදුවරු පස් නමක් පහළ වෙනවා නම් ඒ කල්පය හඳුන්වන්නේ භද්‍ර කල්පය කියලා.

ඉතින් අප ඉන්නේ මහා භද්‍ර කල්පයේ. මීට පෙර කකුසඳ, කෝනාගමන, කාශ්‍යප කියන බුදු පියාණන් වහන්සේලා තුන්නමක් පහළ වෙලා පිරිනිවන් පෑවා. ඒ ශාසන අතුරුදහන් වුණා. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පවත්නා කල්පයයි. මතු අනාගතයේ දී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේට අටපිරිකර ලැබුණේ අන්න ඒ ක්‍රමයට තමයි. ඔය ක්‍රමයට තමයි සෑම බෝසතාණන් වහන්සේ නමකට ම මහාභිනිෂ්ක්‍රමණය වේලාවේ අෂ්ඨපරිස්කාර ලැබෙන්නෙ.

ඉතින් බෝසතාණන් වහන්සේ අනුපිය අඹ වනයේ ටික දවසක් කල්ගෙවලා මේ පාත්තරයත් අරගෙන රජගහනුවරට පිණ්ඩපාතයේ වඩිනවා. උන්වහන්සේගේ දේහ සම්පත්තිය රනින් කළ පිළිමයක් හා සමානයි. දිළිසෙන ඉතාමත් ම සුපිරිසුදු දේහ සම්පත්තිය දකින දකින මිනිස්සු පුදුමයට පත්වෙලා හිතනවා, මේ දිව්‍ය ලෝකයේ දෙවි කෙනෙක් වෙන්න ඇති කියා. හිත හිතා කල්පනා කරනවා. ඒ වෙලාවේ දී මේ පණිවුඩය යනවා. කාටද? බිම්බිසාර මහා රජ්ජුරුවන්ට. බිම්බිසාර මහ රජ්ජුරුවොත් දැන් මේ පිණ්ඩපාතයේ වඩින පුදුමාකාර රූප ඇති ශාන්ත දාන්ත පැවතුම් ඇති මේ උතුමන් වහන්සේ පිටුපස්සේ යනවා. එසේ යන විට උන්වහන්සේ පිණ්ඩපාතය අරගෙන ගිහිල්ලා පාණ්ඩව පර්වත පාමුල ආහාර කෘත්‍ය අවසන් වෙන කොට බිම්බිසාර රජ්ජුරුවෝ අහනවා. ඔබ වහන්සේ කවුද?’ කියලා. ඉතින් විස්තර කියනවා මම මෙහෙම කෙනෙක්. මගේ නම සිද්ධාර්ථ, මම මේ බුදු බව පතාගෙන යන ගමනක්. පරම සත්‍ය හොයාගෙන යන ගමනක් කියලා කියනවා. ඔබ වහන්සේ වැනි පින්වන්ත කෙනෙක් ඇයි මෙහෙම යන්නෙ. එන්න මගේ රාජධානිය බෙදාගෙන පාලනය කරමු කියා. ඒ වෙලාවේ කියන්නේ මමත්, කිඹුල්වත් නුවර සුදොවුන් රජුන්ගේ පුතෙක්. රාජ්‍ය ඔටුන්න හිමිකාරයෙක්, නමුත් මම මේ සියල්ල අතහැර ආවේ. මේ සත්‍ය හොයාගෙන බුදු බව පතාගෙනයි කියලා. ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළාට පස්සේ බිම්බිසාර රජ්ජුරුවෝ ආරාධනා කළා. “උතුමන් වහන්ස, ඔබ වහන්සේ යම් දවසක ද බුදුවන්නේ, එසේ බුද්ධත්වයට පත්වී මුලින් ම මගේ රාජධානියට වඩින සේක්වා” යනුවෙන්.

මේ උතුම් දහම් පඬුර හැමදෙනාටම උතුම් නිර්වාණාවබෝධය 

 

 

 

 

 

 

 

 

Wednesday, April 10, 2024

බෝපත් ඉවත් කර ලැබූ මහත් වූ ආනිශංස - The Merits achived by clearing the Leaves under a Bodhi Tree ( asathu Tree )-

 


බෝපත් ඉවත් කර ලැබූ මහත් වූ ආනිශංස

’’මම පෙර සෑ මළුවෙහි හැරදැමූ බෝපත් (දැක) එය ගෙන බැහැර ලීමි. (එහි) විසි ගුණයක් අනුසස් ලැබීමි.

’’එම කම් බෙලෙන් කුදුමහත් භවයෙහි සැරිසරන්නේ දිව්‍යවූද, මනුෂ්‍යවූද දෙඅත්බැව්හි සැරිසරමි.

’’දෙව්ලොවින් ච්‍යුතව මනුෂ්‍ය භවයට පැමිණ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ දෙකුලෙහි (පමණක්) උපදිමි.

’’සුපුන් අඟපසඟ ඇත්තේ, ආරෝහ පරිණාහයෙන් යුතුවූයේ, නොඅඩුව සම්පූර්‍ණ අඞ්ග ඇත්තේ, පිරිසිදුවූයේ, මනා රූ ඇත්තේ වෙමි.

’’දෙව් ලොවෙහි හෝ, මිනිස් ලොවෙහි හෝ යම් කිසි තැනක උපන්නේ නම්, නිවනලද ස්වර්‍ණයක් මෙන් රන්වන් වන්නේය.

’’බෝපත් බැහැරකළ කල්හි (ඒ හේතුවෙන්) මාගේ සිවිය හැමකල්හි මෘදුද, මෙලෙක්ද, සිනිඳුද, සියුම්ද, සියුමැලිද වේ.

’’යම්කිසි ගතියක සිරුර පහළවූ කල්හි (එහි) දැලි, කුණු නොතැවරේ. බෝපත් බැහැරලීමෙහි මේ විපාකයයි.

’’උෂ්ණවූ අවු සුලං ඇති කල්හිද, යලි ගිණි රශ්මිය කරණකොටගෙනද ඒ මාගේ සිරුරෙහි ඩහ නොවැගිරේ. (මෙය) සෑ මළුවෙහි බෝපත් බැහර කර ලීමෙහි විපාකයයි.

’’කුෂ්ටද, ගෙඩිද, කැසිලිද, තලකැලැල්ද, පොළවල් (බිබිලි)ද, එසේම දදද, සිරුරෙහි නොවෙත්. පත් බැහැර කිරීමෙහි (කසල ඉවත් කිරීමෙහි) මේ විපාකයයි.

’’කුදුමහත් භවයෙහි ඒ කර්‍මයාගේ අනිකුදු ගුණයක් ඇතිවේ. (එනම්) සිරුරෙහි රෝගාබාධයෝ නොවෙත්. (කසළ) කොළ බැහැර කිරීමේ (මේ) විපාකයයි.

’’කුදුමහත් භවයෙහි ඒ කර්‍මයාගේ අනිකුදු ගුණයක් ඇතිවේ. (එනම්) මානසික පීඩාවක් ඇති නොවේ. (කසළ) කොළ බැහැර කිරීමේ (මේ) විපාකයයි.

’’කුදුමහත් භවයෙහි ඒ කර්‍මයාගේ අනිකුදු ගුණයක් ඇතිවේ. (එනම්) එම කර්‍මය කළහුට පසමිතුරෝ ඇති නොවෙත්. (කසළ) කොළ බැහැර කිරීමේ (මේ) විපාකයයි.

’’කුදුමහත් භවයෙහි ඒ කර්‍මයාගේ අනිකුදු ගුණයක් ඇතිවේ. (එනම්) නොඅඩුවූ භෝග සම්පත් ඇත්තේ වේ. (කසළ) කොළ බැහැර කිරීමේ (මේ) විපාකයයි.

’’කුදුමහත් භවයෙහි ඒ කර්‍මයාගේ අනිකුදු ගුණයක් ඇතිවේ. (එනම්) ගින්නෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන් හෝ දියෙහි බියක් ඇති නොවේ. (කසළ) කොළ බැහැර කිරීමේ (මේ) විපාකයයි.

’’කුදුමහත් භවයෙහි ඒ කර්‍මයාගේ අනිකුදු ගුණයක් ඇතිවේ. (එනම්) දැසි දස්සෝ සිතැඟි අනුව පවත්නා අනුචරයෝ වෙත්. (කසළ) කොළ බැහැර කිරීමේ (මේ) විපාකයයි.

’’යම් පමණ ආයු ඇති කලෙක්හි මිනිසත් බවක උපදීද, ඉන් ආයු නොපිරිහේ. (එකලට නියමිත) ආයු ඇතිතාක් සිටී.

’’ඇතුළතවූවෝද, පිටත්හි හැසිරෙන්නෝද, නිගම් වැස්සෝද, රටවැසියන් සහිතවූවාහු, මේ සියල්ලෝ අභිවෘද්‍ධිය කැමතිවූවාහු (තමාට) අනුගතවූවෝ වෙත්.

’’මම භවයෙහි හැම අයුරකින්ම භෝග ඇත්තේද, යසස් ඇත්තේද, ශ්‍රීමත්වූයේද, ඥාති පක්‍ෂ ඇත්තේද වෙමි. (එසේම) පහවූ බිය, තැතිගැනිම් ඇත්තේද වන්නේය.

’’භවයෙහි හැසිරෙන්නාවූ මට හැම කල්හි දෙවියෝද, අසුරයෝද, මනුෂ්‍යයෝද, ගාන්ධර්‍වයෝද, යක් රකුසෝද යන මේ සියල්ලෝ පිරිවර වෙත්.

’’දෙව් ලොවෙහිද, මිනිස් ලොවෙහිද යන මේ දෙලෙව්හිම යසස් අනුභවකොට අවසන්හි අනුත්තරවූ, ශිවවූ නිවනට පැමිණියේ වෙමි.

’’යම් පුරුෂයෙක් තෙම සම්බුදුරජුන් උදෙසා හෝ, එම ශාස්තෲන් වහන්සේගේ බෝධිය උදෙසා හෝ පින් රැස් කරන්නේ නම් ඕහට කුමක් නම් දුර්ලභද?

’’මාර්‍ගයෙහිද, ඵලයෙහිද, ධ්‍යානාභිඥා ගුණයන්හිද අන් අයට වඩා අධික (ඥාන) ලාභියෙක්මි. ආශ්‍රව රහිතව පිරිනිවන් පාමි.

’’පෙර මම සතුටු සිත් ඇත්තේ, බෝධියෙහි කොළ බැහැරකොට හැමකල්හි මෙම අඞ්ග විස්සෙන් සමන්විත වෙමි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

බෝධිසම්මජ්ජක ථෙරාපදානය

Wednesday, April 3, 2024

බුද්ධ පූජාවේ ලුණු ඇඹුල් බැලීම හොඳ ද? නරක ද?


බුද්ධ පූජාවේ ලුණු ඇඹුල් බැලීම හොඳ ද? නරක ද?
 


බුදුන් වහන්සේට සමාන උතුමාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවේ ම නැත. ඒ නිසාම උන්වහන්සේ අසම සම නම් වන සේක. ඒ උතුමාණන් වහන්සේට භික්ෂු, භික්ෂුණී , උපාසක, උපාසිකා ආදී සිව් වණක් පිරිස විසින් මල්, පහන්, සුවඳ දුම්, කොඩි වැල්, ආහාර පාන, පලතුරු , ගිලන්පස, පැන් ආදිය පිරිනමා වැඳුම් පිඳුම් කරනු ලබති. බෝසතාණන් වහන්සේ දුෂ්කර කි‍්‍රයා කරන කාලයේ දෙව් බඹුන් ආදී පිරිස දිව්‍ය ඕජාවන්ගෙන් පවා බෝසත් සිරුර පෝෂණය කිරීමට සූදානම් වූහ.

බෝසතාණන් වහන්සේ වනගතව වාසය කරන කාලයේ වන සිවුපාවුන් පවා ආහාර පාන පූජා කළ අවස්ථා ද සම්බුදු සිරිතේ සඳහන්ව ඇත. දුප්පත් , පොහොසත්, ජාති , ආගම්, කුල මල භේද ආදී සීමාවන් නැති බුද්ධ පූජාව ජීවමාන බුදුන් වහන්සේගේ කාලයේ සිටම සිදු කරන ලදී. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත්වන දිනයේ දී වැළඳූ ප්‍රථම දානය වන සුජාතාවගේ කිරිපිඬු දානයත්, පිරිනිවන් පාන දිනයේදී වැළඳූ අවසන් දානය වන චුන්දසූකරගේ සූකරමද්දවයත් පිරිනැමූ පින්වතුන්ට සමාන ඵල සමානානිසංස ලැබෙන අතර එය සෙසු පිණ්ඩපාතයන්ට වඩා මහත්ඵල මහානිසංස වැඩි බවත් පරිනිර්වාණ සූත්‍රයෙහි වදාරා ඇත.

බුදුන් වහන්සේ අද ජීවමානව නොසිටියත් ජීවමාන බුදුන් වහන්සේ සේ සලකා සම්බුදු පිළිරුවට,සැදැහැති බෞද්ධයෝ ආහාර පාන ආදියෙන් බුද්ධ පූජාව තබන්නේ ගෞරව බහු මානයෙනි. විහාරස්ථානයකදී , නිවසක හෝ දානමය අවස්ථාවකදී උයා පිහා ගත් කොටසේ අග්‍ර වූ ආහාර කොටස බුද්ධ පූජාව වශයෙන් තැන්පත් කරනු ලැබේ.
කෙනෙකු ගේ ශ්‍රද්ධාව වැඩිවෙන තරමට , පුණ්‍ය සිතිවිලි , කුසල සිතිවිලි පෝෂණය වන තරමට,සිතේ පිවිතුරු බව ඇතිවන තරමට බුද්ධ පූජාව අර්ථාන්විත ය. අඳුරට යොමු වූ පාපී සිත මෙවැනි ආමිස පූජාවන්ට මූලික තැන දෙමින් බෞද්ධකම අර්ථවත් කරගැනීමට ඉවහල් වේ. බුද්ධ පූජාවෙන් අපේක්ෂා කරනු ලබන්නේ බුදු පියාණන් වහන්සේ සිහියට නඟාගෙන හෙවත් අරමුණු කරගෙන සිත සාදා ගැනීමේ වැඩ පිළිවෙළකි. ‘මාර්ටිං වික්‍රමසිංහ ශූරීන් බෞද්ධයාගේ බුද්ධ පූජාව , බුද්ධ වන්දනා, දානා මාන පින්කම් බෝධි පූජා කලාත්මක භාවනා වශයෙන් හඳුන්වා ඇත්තේ එහෙයිනි.

ආමිස පූජාවක් වන බුද්ධ පූජාව ප්‍රතිපත්ති පූජාවක් සඳහා පූර්ව කෘත්‍යයක් ද වෙයි. ගසක් සවි බල වීමට නම් එහි ඵලය හා අරටුව වැදගත් ය. බෞද්ධ ජීවිතයේ ඵලය ආමිස පූජාව වන අතර එහි අරටුව ප්‍රතිපත්ති පූජාව යි. බුදුන් වහන්සේ ඇතැම් අවස්ථාවල දී ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් බවත් ,ආමිස දායාදයට වඩා ධර්ම දායාදය වැදගත් බවත් දේශනා කර ඇත. මේ බුද්ධ වචනය ඇතැම් අය වරදවා අර්ථ කථනය කළ ද එය ධම්ම පදට්ඨ කථා ධම්මාරාම වත්ථුවෙහි මෙසේ සඳහන් කර ඇත. ‘මල් සුවඳ ආදියෙන් මට පුද පූජා පවත්වන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ නොවෙත්. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ වෙත් යනුවෙනි.
බුදුන් වහන්සේට ලැබෙන ප්‍රත්‍ය පහසුකමක හෝ බුද්ධ පූජාවේ අඩු ලුහුඬු කමකට හෝ එහි රසයට හෝ නොඇලෙති. එය සම සිතින් විඳ දරා ගැනීම අසම සම වූ බුදුපියාණන් වහන්සේගේ සිරිත ය. එහෙත් පෘතග්ජන අපට ලුණු ඇඹුල් රසය නැතිනම් ආහාර අනුභව කිරීමට අපහසු ය. බුද්ධ පූජාවට තබන ආහාරයෙහි ඇතැම් බෞද්ධයන් ලුණු ඇඹුල් රසය බලන අතර තවත් සමහරෙක් එසේ කිරීම සුදුසු නැති බව දක්වති . එය බොහෝ විට සිදු වන්නේ කරුණු වරදවා වටහා ගැනීම හෝ තම චිත්ත සන්ථානයේ පැන නඟින ශ්‍රද්ධාවේ අඬු ලුහුඬුකම නිසා විය හැකි ය.

සෑම දෙයකටම මුල් වන්නේ තම සිත ය. එය ‘චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි’ බුද්ධ වචනයෙන් පසක් වෙයි. සිතේ ශ්‍රද්ධාව ඇති නම්, තබන බුද්ධ පූජාව පිළිවෙළට, පිළිවෙතින්, ප්‍රණීතව තැබිය යුතු ය. එවන් ප්‍රණීත වූ බුද්ධ පූජාවක් සඳහා පිසින ආහාරයෙහි ලුණු ඇඹුල් රසය බැලීම වරදක් නැත. වරද ඇත්තේ දිවට දැනෙන රසය අල්ලා ගනිමින් ලුණු ඇඹුල් රසය නිතර නිතර බලමින් ආහාරය ගිජු ලෙස අනුභව කිරීම ය. රසය උපාදානය නොකිරීමට උත්සාහවත් කිරීම සෑබෑ බෞද්ධයාගේ පිළිවෙත ය. සෑම පින්කමක්ම කළ යුත්තේ ප්‍රඥාව මූලික කරගෙන ය. ඒ අනුව ආමිස පූජාවක් වන බුද්ධ පූජාව ශ්‍රද්ධාව හා ප්‍රඥාව පදනම් කරගෙන තැබිය යුතු අතර එහි ලුණු ඇඹුල් රස බැලීම ද කළ යුත්තේ ප්‍රඥාගෝචරව 

Monday, April 1, 2024

බෝපත් ඉවත් කර ලැබූ මහත් වූ ආනිශංස

බෝපත් ඉවත් කර ලැබූ මහත් වූ ආනිශංස 



’’මම පෙර සෑ මළුවෙහි හැරදැමූ බෝපත් (දැක) එය ගෙන බැහැර ලීමි. (එහි) විසි ගුණයක් අනුසස් ලැබීමි.

’’එම කම් බෙලෙන් කුදුමහත් භවයෙහි සැරිසරන්නේ දිව්‍යවූද, මනුෂ්‍යවූද දෙඅත්බැව්හි සැරිසරමි.

’’දෙව්ලොවින් ච්‍යුතව මනුෂ්‍ය භවයට පැමිණ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ දෙකුලෙහි (පමණක්) උපදිමි.

’’සුපුන් අඟපසඟ ඇත්තේ, ආරෝහ පරිණාහයෙන් යුතුවූයේ, නොඅඩුව සම්පූර්‍ණ අඞ්ග ඇත්තේ, පිරිසිදුවූයේ, මනා රූ ඇත්තේ වෙමි.

’’දෙව් ලොවෙහි හෝ, මිනිස් ලොවෙහි හෝ යම් කිසි තැනක උපන්නේ නම්, නිවනලද ස්වර්‍ණයක් මෙන් රන්වන් වන්නේය.

’’බෝපත් බැහැරකළ කල්හි (ඒ හේතුවෙන්) මාගේ සිවිය හැමකල්හි මෘදුද, මෙලෙක්ද, සිනිඳුද, සියුම්ද, සියුමැලිද වේ.

’’යම්කිසි ගතියක සිරුර පහළවූ කල්හි (එහි) දැලි, කුණු නොතැවරේ. බෝපත් බැහැරලීමෙහි මේ විපාකයයි.

’’උෂ්ණවූ අවු සුලං ඇති කල්හිද, යලි ගිණි රශ්මිය කරණකොටගෙනද ඒ මාගේ සිරුරෙහි ඩහ නොවැගිරේ. (මෙය) සෑ මළුවෙහි බෝපත් බැහර කර ලීමෙහි විපාකයයි.

’’කුෂ්ටද, ගෙඩිද, කැසිලිද, තලකැලැල්ද, පොළවල් (බිබිලි)ද, එසේම දදද, සිරුරෙහි නොවෙත්. පත් බැහැර කිරීමෙහි (කසල ඉවත් කිරීමෙහි) මේ විපාකයයි.

’’කුදුමහත් භවයෙහි ඒ කර්‍මයාගේ අනිකුදු ගුණයක් ඇතිවේ. (එනම්) සිරුරෙහි රෝගාබාධයෝ නොවෙත්. (කසළ) කොළ බැහැර කිරීමේ (මේ) විපාකයයි.

’’කුදුමහත් භවයෙහි ඒ කර්‍මයාගේ අනිකුදු ගුණයක් ඇතිවේ. (එනම්) මානසික පීඩාවක් ඇති නොවේ. (කසළ) කොළ බැහැර කිරීමේ (මේ) විපාකයයි.

’’කුදුමහත් භවයෙහි ඒ කර්‍මයාගේ අනිකුදු ගුණයක් ඇතිවේ. (එනම්) එම කර්‍මය කළහුට පසමිතුරෝ ඇති නොවෙත්. (කසළ) කොළ බැහැර කිරීමේ (මේ) විපාකයයි.

’’කුදුමහත් භවයෙහි ඒ කර්‍මයාගේ අනිකුදු ගුණයක් ඇතිවේ. (එනම්) නොඅඩුවූ භෝග සම්පත් ඇත්තේ වේ. (කසළ) කොළ බැහැර කිරීමේ (මේ) විපාකයයි.

’’කුදුමහත් භවයෙහි ඒ කර්‍මයාගේ අනිකුදු ගුණයක් ඇතිවේ. (එනම්) ගින්නෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන් හෝ දියෙහි බියක් ඇති නොවේ. (කසළ) කොළ බැහැර කිරීමේ (මේ) විපාකයයි.

’’කුදුමහත් භවයෙහි ඒ කර්‍මයාගේ අනිකුදු ගුණයක් ඇතිවේ. (එනම්) දැසි දස්සෝ සිතැඟි අනුව පවත්නා අනුචරයෝ වෙත්. (කසළ) කොළ බැහැර කිරීමේ (මේ) විපාකයයි.

’’යම් පමණ ආයු ඇති කලෙක්හි මිනිසත් බවක උපදීද, ඉන් ආයු නොපිරිහේ. (එකලට නියමිත) ආයු ඇතිතාක් සිටී.

’’ඇතුළතවූවෝද, පිටත්හි හැසිරෙන්නෝද, නිගම් වැස්සෝද, රටවැසියන් සහිතවූවාහු, මේ සියල්ලෝ අභිවෘද්‍ධිය කැමතිවූවාහු (තමාට) අනුගතවූවෝ වෙත්.

’’මම භවයෙහි හැම අයුරකින්ම භෝග ඇත්තේද, යසස් ඇත්තේද, ශ්‍රීමත්වූයේද, ඥාති පක්‍ෂ ඇත්තේද වෙමි. (එසේම) පහවූ බිය, තැතිගැනිම් ඇත්තේද වන්නේය.

’’භවයෙහි හැසිරෙන්නාවූ මට හැම කල්හි දෙවියෝද, අසුරයෝද, මනුෂ්‍යයෝද, ගාන්ධර්‍වයෝද, යක් රකුසෝද යන මේ සියල්ලෝ පිරිවර වෙත්.

’’දෙව් ලොවෙහිද, මිනිස් ලොවෙහිද යන මේ දෙලෙව්හිම යසස් අනුභවකොට අවසන්හි අනුත්තරවූ, ශිවවූ නිවනට පැමිණියේ වෙමි.

’’යම් පුරුෂයෙක් තෙම සම්බුදුරජුන් උදෙසා හෝ, එම ශාස්තෲන් වහන්සේගේ බෝධිය උදෙසා හෝ පින් රැස් කරන්නේ නම් ඕහට කුමක් නම් දුර්ලභද?

’’මාර්‍ගයෙහිද, ඵලයෙහිද, ධ්‍යානාභිඥා ගුණයන්හිද අන් අයට වඩා අධික (ඥාන) ලාභියෙක්මි. ආශ්‍රව රහිතව පිරිනිවන් පාමි.

’’පෙර මම සතුටු සිත් ඇත්තේ, බෝධියෙහි කොළ බැහැරකොට හැමකල්හි මෙම අඞ්ග විස්සෙන් සමන්විත වෙමි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

බෝධිසම්මජ්ජක ථෙරාපදානය




Sunday, March 17, 2024

බුදුසසුනේ බ්‍රහ්ම මන්ත්‍රය නම් වූ මෝර පිරිත - ( Mora Piriritha - The Sermons recited by the Buddha Aspirant - Guthama )

 





ගෞතම බුදුසසුනේ බ්‍රහ්ම මන්ත්‍රය නම් වූ මෝර පිරිත...

අද ඔබට කියවන්න ලැබෙන්නේ අපූරු පිරිත් ආරක්ෂාවක් ගැනයි. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අපගේ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුබ්බේකතහේතු වාදය නම්වූ ‘සියල්ල පෙර කර්මය අනුව සිදු වේ’ යන්න නොවදාළ දෙයකි. උපන් සත්වයා ජරාවටත්, ව්‍යාධියටත් පත්වේ. උපන් සත්වයා ජරා මරණය කරා යයි. ලෙඩ දුක් වුවත් කාරණා අටක් නිසා හටගනී.

(වාත සමුට්ඨානා ආබාධා) වාතය කිපීමෙන් හටගන්නා ආබාධ, (පිත්ත සමුට්ඨානා ආබාධා) පිත කිපීමෙන් හටගන්නා ආබාධ, (සෙම්හ සමුට්ඨානා ආබාධා) සෙම කිපීමෙන් හටගන්නා ආබාධ, (සන්තිපාතිකා ආබාධා) තුන්දොස් කිපීමෙන් හටගන්නා ආබාධ, (උතු පරිණාමජා ආබාධා) ඍතු විපර්යාස නිසා හටගන්නා ආබාධ, (විෂම පරිහාරජා ආබාධා) වැරදි පරිහරණය නිසා හටගන්නා ආබාධ, (ඕපක්කමිකා ආබාධා) උපක්‍රම නිසා හටගන්නා ආබාධ, (කම්ම විපාකජා ආබාධා) කම්ම විපාක නිසා හටගන්නා ආබාධ…. මේ අනුව ලෙඩ රෝග කරදරවලදී කර්ම විපාක එක හේතුවක් පමණයි. මනා ශ්‍රද්ධාවෙන්, බලවත් විශ්වාසයෙන්, පහන් සිතින් පිරිත් බලය යොදාගෙන කර්ම විපාකයෙන් සිදුවන ආබාධ හැර අනෙක් ආබාධ දුරුකර ගත හැකි බව නාගසේන මහරහතන් වහන්සේ විස්තර කළ වදාළ බව මීට පෙර ලිපිවල ඔබ කියෙව්වා මතක ඇති. මේ වන විටත් පිරිතෙන් ලැබූ සහනය ඔබ අත්දැක ඇත. ඒ අනුව අදත් ඔබට කල්පයක් පවතින පිරිත් ආරක්ෂාවක් පුරුදුකර ගන්නා හැටි ඉගෙන ගන්නට අවස්ථාව උදාවේ.

මේ උතුම් පිරිත් ආරක්ෂාව නිසා අපගේ මහා බෝධිසත්වයෝ මොණර යෝනියේ ඉපිද අවුරුදු හත්සියයක් කිසිදු උවදුරකට ලක් නො වී නිදුක් ව ජීවිතය ගත කළහ. මේ උතුම් පිරිත මෝර පිරිත යි. මෝර පිරිතේ ආනුභාවය ද කල්පයක් පවතී. ‘බ්‍රහ්ම මන්ත්‍රය’ යනු බ්‍රහ්මචාරීන්ගේ මන්ත්‍රය යන්න ද වේ. බෝසත් මොනරා බ්‍රහ්මචාරී ව තම ආරක්ෂාවට කළ උතුම් ආර්ය වන්දනාවක් හෙයින් බ්‍රහ්ම මන්ත්‍රය යි. බ්‍රහ්මචාරී ව මෝර පිරිත නිතර සිහිකරන කෙනා විස්මිත දේ අත්දකී. මෝර පිරිතෙන් සම්පූර්ණ ජීවිත ආරක්ෂාව හා උවදුරු අනතුරු නිවාරණය සිදු වේ. ඒ නිසා අතීතයේ ශ්‍රාවකයෝ නිතර මෝර පිරිත භාවිත කළහ. මෝර පිරිතේ ආරම්භයට කතා වස්තුවක් වෙයි. එය සැකෙවින් මෙසේ ය.

ගොඩාක් ඉස්සර කාලෙක බෝධිසත්වයෝ මොණර යෝනියේ පිළිසිඳ ගත්තා. කිණිහිරි මල් පැහැය වගේ රන්වන් පැහැ ඇති මොණර බිත්තරයකිනුයි මොණරා උපන්නේ. මොණරා තනි රත්තරන් පාට පිල් කළඹින් යුතු වුණා. පියාපත් අතරේ රතු පාටින් දිලිසෙන පිහාටු තිබුණා. දුටුදුටුවන්ගේ නෙත් සිත් වසඟ කරවන රූපයක් තිබුණා. ඉතින් මේ රණමොණරා තමාව රැකගන්ට ඕනෑ නිසා පර්වත තුනකින් එහාට ගොසින් සතරවැනි පර්වතේ දණ්ඩක හිරණ්‍ය නමැති එක්තරා පර්වත තලාවක වාසය කළා.

රණමොණරා රාත්‍රිය ගතකොට රෑ එළිවෙද්දී පර්වත මුදුනේ හිඳගෙන උදාවෙන හිරුමඬල දෙස බලා තමන් ආහාර සොයා යන ගොදුරු බිමේ අනතුරක් නොවීම පිණිස බ්‍රහ්ම මන්ත්‍රයෙන් රැකවල් කරමින් මෙහෙම කියනවා.

1. උදේතයං චක්ඛුමා ඒකරාජා

හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ

තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං

තයජ්ජ ගුත්තා විහරේමු දිවසන්ති

මේ හිරු උදාවන විට – ඇස් ඇති එක ම රජු ලෙස

පතුරුවා රන්වන් රැස – මහපොළොව බබුළුවන්නේ

මහපොළොව බබුළුවන – හිරු මඬල නුඹ වදින්නෙමි මම

නුඹ විසින් සුරකින අපි – මෙ දවස වසමු සුවසේ

බෝසත් මොණරා මේ ගාථාව කියලා සූර්යාට නමස්කාර කරනවා. ඊට පස්සේ අතීතයේ වැඩ හිඳ පිරිනිවී ගිය බුදුරජාණන් වහන්සේලාට බුදුගුණයන්ට නමස්කාර කරනවා.

යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ

තේ මේ නමෝ තේ ච මං පාලයන්තු

නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා

නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

හැම දහම් පරතෙර වැඩි – උතුම් සම්බුදු මුනිවරුන් වෙද

ඒ උතුම් මුනිවරු හට – මාගේ වැඳුම වේවා

ඒ උතුම් සම්බුදුවරු – මගේ දිවි සුරකිත්වා

සම්බුදුවරුන් හට – මාගේ වැඳුම වේවා

සතර මග ඵල නුවණට – මාගේ වැඳුම වේවා

උතුම් රහතුන් හට – මාගේ වැඳුම වේවා

ඒ රහත් ඵලයට – මාගේ වැඳුම වේවා

මේ විදිහට නමස්කාර කොට මොණරා ගොදුරු සොයාගෙන යනවා. සවසට ත් ආයෙමත් පර්වතේ මතට ඇවිදින් වාඩිවෙලා බැස යන හිරු මඬල දෙස බලාගෙන මෙහෙම කියනවා.

2. අපේතයං චක්ඛුමා ඒකරාජා

හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ

තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං

තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං

පතුරුවා රන්වන් රැස – බබුළුවා මේ පොළොව ද

ඇස් ඇති එක ම රජු ලෙස – හිරුමඬල බැස යන විට

මහපොළොව බබුළුවන – හිරු මඬල නුඹ වඳින්නෙමි මම

නුඹ විසින් සුරකින අපි – මේ රැය ද වසමු සුවසේ

යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ

තේ මේ නමෝ තේ ච මං පාලයන්තු

නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා

නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

හැම දහම් පරතෙර වැඩි – උතුම් සම්බුදු මුනිවරුන් වෙද

ඒ උතුම් මුනිවරු හට – මාගේ වැඳුම වේවා

ඒ උතුම් සම්බුදුවරු – මගේ දිවි සුරකිත්වා

සම්බුදුවරුන් හට – මාගේ වැඳුම වේවා

සතර මග ඵල නුවණට – මාගේ වැඳුම වේවා

උතුම් රහතුන් හට – මාගේ වැඳුම වේවා

ඒ රහත් ඵලයට – මාගේ වැඳුම වේවා

මේ විදිහට ආරක්ෂාව ඇති කරගෙන රණමොණරා තමන් රාත්‍රියේ ලගින තැනට යනවා. මොණරාට පිරිතේ ආනුභාවය නිසා රෑට හෝ දවාලට හෝ කිසි භයක්, තැති ගැනීමක්, ලොමුඩැහැ ගැනීමක් හටගත්තේ නෑ.

මේ විදිහට කිසිදු අනතුරක් නොමැතිව වසර හත්සියයක් මොනරා නිදුක් ව සිටියේ ය. පිරිතේ ආනුභාවය නිසාවෙනි. බඹසරෙහි බලය මුසුවූ නිසාවෙනි. ඒත් රාජ ආඥාවට අනුව රාජ පරම්පරා 6ක් ම මොනරා අල්ලන්නට උපක්‍රම යෙදුවත් කිසිදු දෙයක් සඵල නො වී ය. හත්වෙනි රාජ පරම්පරාවේ දී ඒ සඳහා වෑයම් කළ වැද්දා මේ රහස දැන ගත්තේ ය. ඒ තමයි බඹසරත්, උදේ හවස කියන බුද්ධ මන්ත්‍රයත් නිසා මොනරාට කිසි කෙනෙකුට ළං විය නො හැකි බව. ඔහු සෙබඩක් පුරුදු කරවා බෝසත් මොනරා බුද්ධ මන්ත්‍රය සිහිකරන්නට පෙර සෙබඩගේ හඬින් හිතට රාගය ඉපැද්දවී ය. පිරිත අමතක වූ මොනරා සෙබඩිය සොයා ගියේ ය. මේ අවසරයෙන් වැද්දා මොනරා අල්ලා ගත්තේ ය. එනමුත් මොනරා තම ධර්ම බලයෙන් ගැලවුනේ ය. රජු ද සතුටු කරවූයේ ය. මේ විස්තරය සවිස්තරව ඉගෙනගන්නට ‘නුවණ වැඩෙන බෝසත් කතා 16’ වැනි පොත කියවන්න.

මෝර පිරිත සම්පූර්ණ ජීවිත ආරක්ෂාවට හා උවදුරු පහ කිරීමට අතීතයේ සිට භාවිත වූයේ ය. එසේ හෙයින් ඔබත් උදේ සවස භාවිත කරන්න. සමහර අය පිරිතේ පළමු කොටස උදේ කාලයේ ද දෙවන කොටස සවස් කාලයේ ද භාවිත කරති. එහි වරදක් කීමට නො හැකි ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ අපට මෙය වදාළේ එක විට ය. මෝර පිරිතේ බලය දස දහසක් සක්වළ පැතිර පවතී. ඕනෑම තැනක දී ඕනෑම දුරක දී සිහිකොට ආරක්ෂාව සලසා ගත හැක්කේ ය.

මෝර පිරිතෙහි අර්ථය විමසා බලද්දී ඇත්තටම කොයිතරම් ආරක්ෂාවක්දැයි හැඟේ. බුද්ධ වන්දනාවක සුවය උපදී. උදේ සවස සිහිකරන්නට ඇත්නම් කොයිතරම් භාග්‍යයක්දැයි සිතේ. ඒ නිසා පිරිතේ අර්ථය විමසා බලනු මැනවි.

විශේෂයෙන් ගමන් බිමන් යෑමේදී මෝර පිරිත සිහිකිරීම අත්‍යවශ්‍යයෙන් ම වටී. මාර්ග අනතුරු, ජීවිත අනතුරු සිදු නො වේ. මෝර පිරිත උදේ සවස සිහි කරන කෙනාට අණවින, කොඩිවින, උවදුරු නොවැදේ. අමනුෂ්‍ය දෝෂ පහව යත්. කිසිදු ජීවිත අන්තරායක් කළ නොහැකි වෙයි. මහා බ්‍රහ්මයා තමා තුරුලේ හොවාගෙන සිටිනා සේ ආරක්ෂාවක් මේ බ්‍රහ්ම මන්ත්‍රය නම් වූ මෝර පිරිතෙන් සැලසේ. නමුත් එහිලා සුදුසුකම් අවශ්‍ය ය. විශ්වාසයත්, සිතේ පහන් බවත්, කර්ම විපාකයෙන් ආවරණය නො වුණ බවත් ය. බ්‍රහ්මචාරී සීලය පුරුදු කරනා අයෙකුට මේ මෝර පිරිත තියුණු අසිපතක් බඳු ය. බ්‍රහ්මචාරී කෙනා හට පිරිත වහා ඵල ගෙන දෙයි.

නරක ස්වප්න දුටු අයෙක් උදේ සිහිපත් වේ නම් ඇඳේ සිට ම මෝර පිරිත සිහිකළ යුතු ය. බුදු පහන දල්වා සජ්ඣායනා කළ යුතු ය. නපුරු ස්වප්න දෝෂ නැති වේ. විශේෂයෙන් නිතර නිතර ස්ත්‍රීන් ගැන සිතිවිලි නිසා පීඩාවට පත්වන අය මෝර පිරිත සිහිකළ යුතු ය. බඹසරට අනතුරු දෑ සිතේ නිතර හක්කොලන් කරත් නම් මෝර පිරිත සිහි කළ යුතු ය. ගිහි අයෙක් නම් බඹසර සිල් සමාදන් ව දින 7ක් ආරක්ෂා කොට මහා සෑය, මහා බෝධිය සමීපයේ මෝර පිරිත බොහෝ වාර ගණනක් සජ්ඣායනා කොට ජීවිතය පූජා කළ යුතු ය. බඹසරට ඇති උවදුරු දුරු වේ. පාඩම් කරන ළමුන්ට සිත ගිය අරමුණ මතක් වීම පීඩාවක් වේ. පාඩම් කරන මේසයේ මෝර පිරිත ලියා තියන්න. සරාගී අරමුණු මතක් වන වරක් පාරා මෝර පිරිත කියන්න. ප්‍රතිඵලය අත්දකින්න. සිත සන්සිඳේ. බඹසරට ආශා අය මෝර පිරිත නිතර කීමට පුරුදු වන්න. වැරදි කාම සේවනාදී අනාචාරයට සිත නිතර යන්නේ නම් මෝර පිරිත නිතර කීමෙන් සිත පාලනය කරගැනීමේ හැකියාව ඇතිවේ. නරකට සිත යන වරක් පාසා ‘යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බ ධම්මේ’ ගාථාව සිහිකරන්න. මෝර පිරිතේ ආරක්ෂාව ඔබ අත්දකින්න. තිසරණයෙන් ලැබෙන සරණ ම සිහි කරන්න. සරණ සීලය කිලිටි කර ගන්න එපා.

සෑම සුභ කටයුත්තකදී ම මෝර පිරිතේ ‘යේ බ්‍රාහ්මණා…..’ ගාථා සිහිකොට සිදුකරන්න. අර්ථය සිදුවේ. දියුණුව සැලසේ. අන් අයට පිරිත් සෙත් කරන අය බඹසර සීලයේ පිහිටා කරන්න.

විශේෂයෙන් ජීවිත අනතුරුවල දී, අසාධ්‍ය රෝගීන්, හදිසි අනතුරු සිදුවූ අවස්ථාවල දී, ලෙඩාට රෝගය සොයා ගත නො හැකි අවස්ථාවල දී බඹසර සමාදන්ව (මහා සෑය, මහා බෝධිය) ආදී උතුම් ස්ථානවලදී මෝර පිරිත බොහෝ වර සජ්ඣායනා කොට ඔවුන්ගේ ජීවිත පුදා සෙත් පතන්න. අප ද දැනුවත්ව බොහෝ අය සුවපත් වූ අවස්ථා විය. තමාට අනතුරක් පැමිණේ දෝ යැයි හැඟෙන සෑම විටක ම මෝර පිරිත සිහිකරන්න. හැකි නම් සිංහලෙන් ද සිහි කරන්න. අර්ථය වැටහෙන බැවින් සතුට උපදී.

ජාතක කතා පොතේ මහා මෝර ජාතකය නම් තවත් ජාතක කතාවක් වෙයි. ඉදිරියට සරල සිංහලෙන් ඔබට කියවන්න ලැබේවි. ඒ අනුව මේ බෝසත් මොනරා උතුම් දහම් පවසද්දී වැද්දා පසේබුදු බවට පත්වේ. එවිට ඒ පසේබුදුරජුන්ගේ සත්‍ය ක්‍රියාවේ බලයෙන් ලොව සියලු සතුන්ගේ පරෝපක්‍රම බන්ධන සුන් විය. සතුන්ගේ සිර බන්ධන කැඩී නිදහස් විය. මන්ත්‍ර බන්ධන සුන්විය. එනිසා සියලු පරෝපක්‍රම බන්ධන සුන්කිරීමට මෝර පිරිතෙන් සෙත් සලසාගන්න. මීට කලින් පිරිත්වලදී ඉගෙනගත් පරිදි මේ උතුම් මෝර පිරිත ද සියලු දෙයට යහපති. අපගේ මහා බෝධි සත්වයෝ තිරිසන් යෝනියේ ඉපිද සිහිකළ ගාථා මෙතරම් බලසම්පන්න නම් උතුම් සම්බුදු බවට පැමිණ වදාළ රතන සූත්‍ර, ධජග්ග සූත්‍ර, කරණීයමෙත්ත සූත්‍ර ආදියේ කෙතරම් බලානුභාවයක් ඇද්දැයි සිතනු වටී.

අතීතයේ සිට පැවත එන ආරක්ෂක පිරිත් ලෙස රතන සූත්‍රය, අංගුලිමාල පිරිත, මෝර පිරිත, කරණීයමෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, ධජග්ග සූත්‍රය, ආටානාටිය පිරිත ආදිය පිළිබඳ ඔබට දැන් යම් වැටහීමක් ලැබී ඇතැයි සිතමි. තිසරණය බලවත් කර ගන්න. වෙන සරණක් නො සොයන්න. සරණ ගිය ශ්‍රාවකයාට උවදුරු පැමිණෙද්දී මේ සූත්‍ර වරක් සිහි කළත් විස්මිත ආරක්ෂා සැලසේ. උතුම් ආරක්ෂාවක් ලබන්නට තමන් සුදුස්සෙක් කර ගන්න. “සරණක් නෑ” යැයි අඳෝනා නගන දීන අසරණ බවින් මිදෙන්නට වහා ම, අද අද ම තිසරණ සරණ යන්න. මෝර පිරිතේ අනන්ත බලයෙන් ඔබට සෙත් වේවා.!